දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මැතිවරණ කල්දැමිය නොහැකිය
Homeප්‍රවෘත්ති

මැතිවරණ කල්දැමිය නොහැකිය

PropellerAds

  මෙකී සංවාදයට එක්වී ඇති එක් ප්‍රධාන ආයතනයක් වන්නේ ස්වාධීන මැතිවරණ කොමිසමයි. අද පළවී ඇති ප්‍රධාන පුවත්පතක මුල් පුවතට අනුව පළාත්සභා පළාත්...

සාමකාමී මැතිවරණයකට කැපවූ සැමට ගෝඨා ස්තූති කරයි
mahinda deshapriya
election result
මැතිවරණ කල්දැමිය නොහැකිය
 
මෙකී සංවාදයට එක්වී ඇති එක් ප්‍රධාන ආයතනයක් වන්නේ ස්වාධීන මැතිවරණ කොමිසමයි. අද පළවී ඇති ප්‍රධාන පුවත්පතක මුල් පුවතට අනුව පළාත්සභා පළාත්සභා ඡන්දය කල්දමනවාට කොමිසම විරුද්ධ බව ප්‍රකාශ වී තිබේ. එය වියයුතු තත්වයකි. ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ මූලික කාර්යභාරය ලෙස සැලකිය හැකි රටේ ජනමතය නිර්ණය කිරීම තුළ ප්‍රජාතන්ත්‍රවාදී පාලන සම්ප්‍රදායක පැවැත්ම යාවත්කාලීන කිරීම සලකා බැලීමේදී එම කොමිසමට පැවරී ඇති වගකීම හා බලය තුළ ද එවැනි ස්ථාවරයක් දැරීම පිළිබඳව කිසිවෙකු පුදුම වියයුතු නැත. 
 
එහිදී ඒ සමගම මතුවන තවත් ප්‍රශ්නයක් ද තිබේ. එනම් මැතිවරණ කල්දැමීමට අවශ්‍ය වී ඇත්තේ කා හටද යන්නය. විශේෂයෙන්ම පළාත්පාලන මැතිවරණයට අදාළව සැලකීමේදී එය නියමිත කාලයේදී පැවැත්වීමට නොහැකිවූයේ ඇයි ද යන්නය. මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම අදාළ කරගනිමින් සලකා බැලීමේදී ඒ කිසිදු පක්ෂයක් මැතිවරණ අනවශ්‍ය බවක් හෝ මැතිවරණ කල්දැමිය යුතු බවක් මෑත භාගයේදී කිසිවිටෙක කියා නැත. එහෙත් අප දන්නා පරිදි පළාත් පාලන මැතිවරණයට අදාළ නව පනත යටතේ ඇතැම් කටයුතු සම්පූර්ණ වී නොතිබීම තුළ නියමිත කාලයටම මැතිවරණ පැවැත්වීමට නොහැකිවූ බව ද සත්‍යයකි. විශේෂයෙන්ම පසුගිය පාලන සමයේදී පළාත්පාලන මැතිවරණයට අදාළ කොට්ඨාශ නිර්ණය කිරීමේදී බැසිල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් නිර්මාණය කර ඇති බරපතළ විකෘති කිරීම් හේතුවෙන් එහි කටයුතු අවුල් ජාලයක් බවට පත්වීම තුළ පළාත් පාලන මැතිවරණය නිසිකලට, නිසිවේලාවට පැවැත්වීමට නොහැකිවිය. එය රටම දන්නා කරුණකි. 
ඒ සමගම පළාත්පාලන මැතිවරණයට අදාළව මැතිවරණ කොට්ඨාශය නිර්ණය කිරීමේදී ඇතිවී තිබූ ගැටලු සලකා බලා ඒ පිළිබඳ මතුවූ විරෝධයන් හා අභියාචනයන් ද සැලකිල්ලට ගෙන ගැටලු මතුව තිබූ කොට්ඨාශ ගණනාවකට අදාළව සිදුකරන ලද නිවැරදි කිරීම් ද මේ වනවිට සම්පූර්ණ කර තිබේ. ඒ අනුව පළාත්පාලන මැතිවරණය තවදුරටත් කල්දැමීමට කිසිදු අවශ්‍යතාවයක් පැනනොනගී. පළාත්පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කළ අන්දමට ඉදිරි මාස කිහිපය තුළ නව ක්‍රමය යටතේ කිසිදු ගැටලුවක් මතු නොවන ආකාරයට පළාත් පාලන ඡන්ද විමසීමට කටයුතු යෙදිය හැකිය. 
ඒ සමගම මතුවන්නේ ඉදිරියේදී එළැඹීමට නියමිත පළාත්සභා මැතිවරණ කිහිපයක් පිළිබඳව වන අවධානයයි. ඒ අනුව ලබන ඔක්තෝබර් මාසයෙන් පසු පළාත්සභා දෙකක නිලකාලය අවසන්වීමත් සමග එම පළාත්සභා වලට අදාළව මැතිවරණ පැවැත්වීමේ අවශ්‍යතාවය ද නිතැතින්ම පැනනැගී තිබේ. ඒ සමගම දිවයිනේ සියලු පළාත්සභා එකම දිනයක පැවැත්විය යුතු බවට හා පැරණි සමානුපාතික ක්‍රමයෙන් බැහැර වී නව මැතිවරණ ක්‍රමයක් තුළ අදාළ ඡන්ද විමසීම් පැවැත්විය යුතු බවට ද අදහසක් කරලියට පැමිණ තිබේ. එකී අදහසෙහි කිසිදු වරදක් නැත. එමෙන්ම සලකා බැලියයුතුවාක් පමණක් නොව අත්‍යවශ්‍යයෙන්ම ක්‍රියාවට නැංවිය යුතුව ඇති යෝජනාවක් ලෙසට ද එය සැලකිය හැකිය. එහෙත් ඒ සමගම අප අවබෝධ කරගත යුතු සත්‍යය වන්නේ එකී කරුණු මුල් කරගෙන එම කරුණු සම්පූර්ණ කරගන්නා තෙක් පළාත්සභා මැතිවරණ කල්දැමීම යුක්ති සහගත නොවන බවය. 
 
එහිදී මේ පිළිබඳව අවධානය යොමුකරන බොහෝ අංශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක් කිරීමට යෝජනා කර ඇති අලුත් විසිවන සංශෝධනය ගැන ද විවිධ අදහස් පළකරමින් සිටියි. මෙකී විසිවන සංශෝධනය මගින් පළාත්සභා මැතිවරණයට අදාළ කරුණු කිහිපයක් සංශෝධනය කිරීමට අභිප්‍රාය පළකර තිබේ. ඒ සමග එකී සංශෝධනය පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක අතිබහුතරයකින් සම්මත කරගන්නා තෙක් ක්‍රියාවට නැංවිය ද නොහැකිය. අද පාර්ලිමේන්තුව නියෝජනය කරන අති බහුතරය ඇතැම්විට ඒ තුළ අන්තර්ගත සංශෝධනයන්ට එකඟත්වයක් පළකරනු වියහැකි වුවත් එම සංශෝධනය හේතුවෙන් පළාත්සභා මැතිවරණය කල්දැමීමට සිදුවනු ඇත්නම් ඊට එකඟත්වයක් පළකරනු ඇතැයි කිසිසේත්ම විශ්වාස කළ නොහැකිය. විශේෂයෙන්ම වත්මන් පාර්ලිමේන්තුවේ නියෝජනය වන ප්‍රධාන පක්ෂ කිහිපයක්ම ඒ බව දැනටමත් ප්‍රකාශ කර තිබේ. ඒ සමගම මෙකී යෝජිත ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු එය විවාදයට ගැනීමට පෙර ඊට අභියෝග කරගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට ඕනෑම අයෙකුට හැකියාවක් තිබේ. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධනය යථාර්ථයක් වනු ඇත්තේ තවත් කඩඉම් ගණනාවකට පසුවය. 
දැන් ප්‍රශ්නය වනු ඇත්තේ ඇතැමුන් කියන ආකාරයට මැතිවරණ කල්දැමීමට මෙකී තත්වය හේතුවනු ඇත්ද යන්නය. රජය ඉතා පැහැදිළි ලෙසම මේ වනවිටත් තහවුරු කර ඇති ආකාරය අනුව ඉදිරි මාස කිහිපය තුළ දී අනිවාර්යෙන්ම පළාත්පාලන මැතිවරණය පැවැත්වෙනු ඇත. ඒ සමගම මතුවන අනෙක් ප්‍රශ්නය වන්නේ පළාත්සභා මැතිවරණයට අදාළවය. පළාත්සභාවල කාලසීමාවන් අවසන් වන වකවානු සැලකීමේදී උතුරුමැද හා නැගෙනහිර යන පළාත්සභා දෙකෙහි නිලකාලය තවත් මාස කිහිපයකින් අවසන් වනු ඇත. එහිදී ඉතා තීරණාත්මක වනු ඇත්තේ පාර්ලිමේන්තුව නියෝජනය කර දේශපාලන පක්ෂයන්හි බහුතර මතයයි. ඒ අනුව එහිදී අති බහුතරයක තීරණය වී ඇත්තේ මැතිවරණ කල්දැමීමට කුමන තත්වයක් යටතේ හෝ ඔවුන් එකඟනොවන බවය. ඒ අනුව ඉදිරියේදී සියලු මැතිවරණ නියමිත කාලයට, නියමිත වේලාවට පැවැත්වෙනු ඇතැයි විශ්වාස කළහැකිය.
 
සුනිල් ජයසේකර
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මැතිවරණ කල්දැමිය නොහැකිය
මැතිවරණ කල්දැමිය නොහැකිය
http://ift.tt/2fLVLJO
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_996.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_996.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy