එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේ තීරණාත්මක රැස්‌වීමක් අද (17 දා) පක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ...
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේ තීරණාත්මක රැස්‌වීමක් අද (17 දා) පක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
අද සවස 3.00 ට සිරිකොත පක්‌ෂ මූලස්‌ථානයේ දී පැවැත්වෙන මෙම රැස්‌වීමේදී ඇමැති විජයදාස රාජපක්‌ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙන එනවාද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිතය.
මීට අමතරව ඉදිරි මැතිවරණය හා ඒවාට මුහුණ දීම සම්බන්ධවත් පක්‌ෂයේ ඉදිරි ගමන සම්බන්ධවත් තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත බව එක්‌සත් ජාතික පක්‌ෂයේ ප්‍රකාශකයෙක් ඊයේ (16 දා) පැවැසීය.
මේ අතර ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා තමන්ට අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට පවසා නොමැති බවත්,තමන්ට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් සිදුවන්නේ කුමක්දැයි අද දිනයේදී බලාගතහැකි බවත් අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ මහතා පැවසීය.
ආණ්ඩු පක්‍ෂයේ මැති ඇමතිවරුන් අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ මහතාට එල්ලකරන චෝදනා සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් කළ විමසීමකදී අමාත්‍යවරයා මේබව ප්‍රකාශ කළේය.
තමන්ට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් හෝ අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා සමග කිසිදු සාකච්ඡාවක් නොකළ බවත්, සිදුවන්නේ කුමක්දැයි අද(17දා)පැහැදිලිව බලාගත හැකි බවත් අමාත්‍යවරයා පැවසීය.
අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ මහතාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් සාකච්ඡාකිරීමට එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යධිකාරී මණ්ඩලයේ සහ එක්සත් ජාතික පෙරමුණේ ඒකාබද්ධ හමුවක් අද(17දා) පැවැත්වීමට නියමිතය.
මේඅතර අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතර කැමැත්තට එකඟ වන බවත්, ඒ අනුව අදාළ තීන්දු තීරණ ගන්නා බවත් අග්‍රාමාත්‍යරනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග පැවසීය.
අග්‍රාමාත්‍යරනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ ප්‍රධානීන් අතර, ඊයේ (16දා) අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා ඇත.
දූෂණ වංචා සම්බන්ධව අධිකරණ කටයුතු ප්‍රමාද වීම සම්බන්ධයෙන් ආණ්ඩුපක්‍ෂයේ ඇතැම් මැති ඇමතිවරුන් විජේදාස රාජපක්‍ෂ අමාත්‍යවරයාට ඍජුවම චෝදනා කළ අතර, ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමට සූදානම් විය.
මේ අතර විජේදාස මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් විමසීමේදී උසස් අධ්‍යාපන සහ මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ, විශ්වාසභංගයක් ගෙන ඒමට පෙර ප්‍රශ්නය විසඳා ගැනීමට හැකිවේවි යැයි තමන් විශ්වාසකරන බවයි.
කෙසේ වුවද එක්සත් ජාතික පක්‍ෂයේ පසුපෙළ මන්ත්‍රීවරයෙකු පැවසුවේ අද(17දා) දිනයේදී විජේදාස අමාත්‍යවරයා සම්බන්ධයෙන් ඉදිරිපත්වී ඇති චෝදනා සම්බන්ධයෙන් සාධාරණ තීරණයක් නොගතහොත් මීළඟ පාර්ලිමේන්තු සැසියේදී විශ්වාසභංගය ඉදිරිපත්කිරීමට තීරණය කර ඇති බවයි.
COMMENTS