විද්‍යා ඝාතන නඩුවෙහි දෙවැනි විත්තිකරු වන්නේ ඊ.පී.ඩී.පී. සංවිධානයෙහි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකි. මෙම කාම වීඩියෝ පට ජාවාරමට මෙන් ම ප්...
විද්‍යා ඝාතන නඩුවෙහි දෙවැනි විත්තිකරු වන්නේ ඊ.පී.ඩී.පී. සංවිධානයෙහි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකි. මෙම කාම වීඩියෝ පට ජාවාරමට මෙන් ම ප්‍රදේශයේ වැලි ජාවාරමට ද ඊපීඩීපී සංවිධානයේ උපකාර ලැබී තිබේ. මෙම වැලි ජාවාරම සම්බන්ධයෙන් ප්‍රදේශයේ බ්ලොග් කරුවකු 2010 වසරේ දී සිය ෆේස්බුක් පිටුව හරහා හෙළිදරව් කර තිබුණු අතර එදිනම රාත්‍රියේ ඔහුව වෙඩි තබා ඝාතනය කෙරිණි. ඒ පිළිබඳව කිසිදු විමර්ශනයක් සිදු වූයේ ද නැත.
විද්‍යා ඝාතනය හරහා දැනට හෙළිදරව් වෙමින් පවතින්නේ දැවැන්ත පාතාල සංවිධාන ජාලයක තොරතුරු ය. පසුගිය රාජපක්ෂ යුගයේදී මීට ඩග්ලස් දේවානන්දාගෙන් දේශපාලන රැකවරණය ලැබී ඇති අතර දැන් දේශපාලන රැකවරණ ලබා දෙන්නේ විජයකලා මහේශ්වරන් විසින් සහ ඇගේ මස්සිනා වන තුවාරකේශ්වරන් විසිනි.
ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේශ්වරන්ගෙන් පසුගිය සතියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර තිබුණු අතර එහිදී ද ඇය උත්සාහ දරන්නේ තම දේශපාලන බලය උපයෝගී කරගනිමින් චෝදනාවන්ගෙන් නිදහස් වීමටය. විද්‍යා ඝාතනයෙහි මහමොළකරු වන ස්විස් කුමාර්ට රැකවරණ සැපයීම සහ පළායාමට උපකාර කිරීම සම්බන්ධයෙන් විජයකලා මහේශ්වරන්ට චෝදනා එල්ල වී තිබේ. කෙසේ වෙතත් විජයකලා මහේශ්වරන්ට හෝ තුවාරකේශ්වරන්ට හෝ මෙයින් ගැළවී යාමට ඇති ඉඩ අවහිර කරමින් මේ සමස්ථ අපරාධකාරී ජාලය ම පිළිබඳව තොරතුරු ඉදිරියේ දී හෙළිදරව් කිරීමට 'ලංකා නිව්ස් වෙබ්' අප සූදානම් ය.
COMMENTS