ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන්, පළාත් පාලන මැතිවරණයේදී සිදු කරනු ලබන දේශපාලන ක්‍රියාකාරකම් අධ්‍යයනය කිරී...
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන්, පළාත් පාලන මැතිවරණයේදී සිදු කරනු ලබන දේශපාලන ක්‍රියාකාරකම් අධ්‍යයනය කිරීම සඳහා සෑම දිස්ත්‍රික්කයකටම නියෝජිතයකු බැගින් පත්කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.
ජනාධිපතිවරයා විසින් පෞද්ගලිකව එම පත් කිරීම් සිදු කිරීමට නියමිත බව ශ්‍රීලනිප උප ලේකම්, අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසී ය.
අමාත්‍යවරයා මේ බව පැවසූවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
පක්ෂය ආරක්ෂා කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා දීර්ඝ කාලයක් ඉවසූ බවත් නමුත් එතුමා දැන්නම් ඉවසන්නේ නැති බවත් පෙන්වා දුන් ඇමැතිවරයා පක්ෂ ව්‍යවස්ථාවට අනුව වෙනත් දේශපාලන පක්ෂයකට උදවු කිරීමට, අනුබල දීමට ඉඩක් නොමැති බවත් එය විනය කඩ කිරීමක් බවත් පෙන්වා දුන්නේය.
අමාත්‍යවරයා එහිදී මෙසේද සඳහන් කළේය.
"පක්ෂය ආරක්ෂා කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා දීර්ඝ කාලයක් ඉවසුවා. නමුත් එතුමා දැන්නම් ඉවසන්නේ නැහැ. පක්ෂ ව්‍යවස්ථාවට අනුව වෙනත් දේශපාලන පක්ෂයකට උදවු කිරීමට, අනුබල දීමට ඉඩක් නැහැ. ඒක විනය කඩ කිරීමක්. ඒ නිසයි ජනාධිපතිවරයා මෙවැනි තීරණයක් ගත්තේ. ජනාධිපතිවරයා පත් කරන මෙම පුද්ගලයන්ගේ කාර්යභාරය වන්නේ ඉදිරි මැතිවරණයේදී ඒකාබද්ධය නියෝජනය කරන ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන්ගේ දේශපාලන ක්‍රියාකාරකම් අධ්‍යයනය කිරීම. ඔවුන් සිදු කරන ප්‍රචාරණ රැස්වීමේදී වීඩියෝ පට ලබා ගැනීම, ඡායාරූප ලබා ගැනීම මෙහිදී සිදු කෙරෙනවා. ඒ අනුව එම මන්ත්‍රිවරුන් සම්බන්ධ සියලු තොරතුරු එක්රැස් කරනවා. ඒ මොකටවත් නෙමෙයි ඔවුන් පක්ෂයේ විනය කඩ කිරීමට අදාළ තොරතුරු සාක්‍ෂි සහිතව ඔප්පු කරන්න. මැතිවරණයට පසුව නොවෙයි මැතිවරණය අතරතුර වුණත් ජනාධිපතිවරයාට පුළුවන් ලබා ගන්නා සාක්‍ෂි මත ඒ අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්න.“
පොහොට්ටුවේ රැස්වීම්වලට එන අයට “බොඩි සර්ච්“
“ජනාධිපතිවරයා මේ වගේ තීරණයක් ගන්න බව කොහොමහරි ඒකාබද්ධයේ නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් දැනගෙන තිබෙනවා. ඒක නිසයි පොහොට්ටුවෙන් නාම යෝජනා දෙන අවස්ථාවලට නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් සහභාගි නොවුණේ. දැන් මේ අය මැතිවරණ රැස්වීම්වලදී අලුත් සෙල්ලමක් පටන් ගන්න හදනවා. පොහොට්ටුවේ රැස්වීම්වලට එන අයගේ බොඩි සර්ච් කරන්න. ඒකට වෙනම බළකායක් හදන්න හදනවා. ඒ නිසා පොහොට්ටුවෙ රැස්වීම්වලට ජංගම දුරකතන ගෙනියන්නත් බැහැ. හැබැයි ඉතින් මාධ්‍යවලින් ප්‍රචාරය කරන තොරතුරුවලින් අපට ප්‍රමාණවත් විනය පරීක්‍ෂණ සිදු කරන්න"
COMMENTS