ශ්‍රී ලංකාවේ රූපවාහිනී ඩිජිටල් තරංග පරාසය තවමත් වෙළෙඳපොළට නිකුත් කොට නොමැති තත්ත්වයක් තුළ, එකී තරංග පරාසය ටෙන්ඩර් කිරීමකින් තොරව පෞද්ග...
ශ්‍රී ලංකාවේ රූපවාහිනී ඩිජිටල් තරංග පරාසය තවමත් වෙළෙඳපොළට නිකුත් කොට නොමැති තත්ත්වයක් තුළ, එකී තරංග පරාසය ටෙන්ඩර් කිරීමකින් තොරව පෞද්ගලික අංශයට විකිණීම ගැන පවසන තොරතුරු සාවද්‍ය බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් ව්‍යාප්තිය සඳහා නිර්දේශ කර ඇති 700 MHz(694-806) MHz, තරංග පරාසයට UHF නාලිකා 49 සිට 62 දක්වා අඩංගු වේ. දැනට මෙම නාලිකා ඇනලොග් TV සඳහා භාවිතා වේ. මෙම සංඛ්‍යාත ලබාදීම සිදුකර ඇත්තේ ශ්‍රී ලංකාවේ ඩිජිටල් TV ව්‍යාපෘතිය ආරම්භ වන දිනය දක්වා පමණක් බල පැවැත්වෙන පරිදිය.
ඒ මහතා පවසා සිටින පරදි,
ටෙලිවිෂන් ඇන්ඩ් රේඩියෝ නෙට්වර්ක් (TRN) ආයතනය තරංග මාලා කිහිපයක් ඩිජිටල් තාක්ෂණයෙන් විකාශනය සඳහා නීති විරෝධීව භාවිතා කරයි. මේ පිළිබඳව කොළඹ හා යාපනය අධිකරණවල එකිනෙකට ස්වායත්ත නඩු දෙකක් පැවැත්වේ.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කිසිවිටෙක ටෙන්ඩර් කැඳවීමකින් හෝ වෙන්දේසියකින් රූපවාහිනී නාලිකා සඳහා සංඛ්‍යාත ලබා දී නැත. 700 MHz සංඛ්‍යාත පරාසය සඳහා කිසිවිටෙක වෙනත් විදුලි සංදේශ සේවාවන් සඳහා ටෙන්ඩර් කැඳවීමක් කර නැත.
1997 නොවැම්බර් 01 දිනැති අංක 1104/4 ගැසට් පත්‍රයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අයකරනු ලබන වාර්ෂිකව ගාස්තු සඳහන් කර ඇති අතර පසුව අයවැය යෝජනා අනුව ඉහත ගැසට් පත්‍රයේ ගාස්තුව මෙන් දෙගුණයක මුදලක් සංඛ්‍යාත විමෝචක උපකරණ ගාස්තු ලෙස අය කරයි.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මේ වන විට රජයේ ප්‍රතිපත්තිවලට අනුව TV විකාශනය ඩිජිටල් කිරීම සඳහා කටයුතු කරමින් සිටී. රූපවාහිනී නාලිකා ඩිජිටල් කිරීමෙන් අනතුරුව 700 MHz තරංග මාලාව ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සඳහා වෙන්කර අදාළ ආයතනවලට ලබාදීමට කටයුතු කරනු ලැබේ.
ඒ අනුව, 2015 වර්ෂයේ සිට මේ වන තුරු ලබා දී ඇති සියලු බලපත්‍ර, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ආරම්භ කළ දින පටන් අනුගමනය කරන ලද පටිපාටි අනුව පමණක් ලබා දී ඇති අතර සෑම විටම පාරදෘෂ්‍ය ලෙස කටයුතු කර තිබේ.
COMMENTS