නමුත් පුත්තලමේ සියළු දිය උල්පත් සීදි බීදි යද්දි මී ඔයේ දිය බිදක් ඉතිරි නොවෙද්දි විල්පත්තුවට දකුණු මායිම්ව ගලා බසින රමණීය කලාඔයේ පමණක් ...
නමුත් පුත්තලමේ සියළු දිය උල්පත් සීදි බීදි යද්දි මී ඔයේ දිය බිදක් ඉතිරි නොවෙද්දි විල්පත්තුවට දකුණු මායිම්ව ගලා බසින රමණීය කලාඔයේ පමණක් ජලය ගලා යන්නේ කෙසේදැයි විමතියට කරුණක්ව තිබුණද?
දිනකට කලාඔයේ දිය නෑමට ජනතාව විශාල පිරිසක් ලොරි රථ, කාර් රථ, වෑන් රථ ඇතුළු එකී මෙකී නොකී වාහන වලින් ගමන් කරන්නේ මේ සොදුරු දිය දහරේ ආස්වාදය විද ගැනීමටය. එහි පැමිණෙන සමහරු රැගෙන එන පොලිතීන්, ප්ලාස්ටික්, වැනි නොදිරන ද්‍රව්‍ය මේ කාගෙත් මනදොල පිනවන රමණීය ගං කොමළිය අසලට බැහැර කරන්නේ සිත්පිත් නැති අයුරිනි.
එපමණක් නොව මොවුන් එහි තාවකාලිකව නවාතැන් ගැනීම කිසි විටෙකත් අමතක නොකරන අතර, තදින්ම මත්පැන් පානය කිරීම පුරුද්දක් කරගෙන සිටීම තවත් බරපතල ගැටළු සහගත තත්ත්වයක්ව තිබේ.
එහි රාත්‍රි කාලයේ නවාතැන් ගන්නා සමහරු සංගීතයේ ආස්වාදය විදගන්නේ වනසිව්පාවුන්ගේ අයිතීන් සම්පූර්ණයෙන්ම උල්ලංඝණය කරමිනි.
මෙම කලාඔය නාන ස්ථානයක් ලෙස වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාව නම් කර තිබුණද එය නාම පුවරුවකට පමණක් අද සීමා කර එහි පැමිණෙන සංචාරකයින්ගේ මුදල් පසුම්බියට පමණක් කෙළ වගුරවන නිළධාරින් පරිසරයට වන හානිය දෙස බලමින් මර නින්දේ සිටීම බරපතල ගැටළු සහගත තත්ත්වයකි.වනාන්තරයට ඇතුළුවන බොහෝ පිරිස් ශබ්ද වාහිනී යන්ත්‍ර උපයෝගී කර ගනිමින් පැමිණීම වන සතුන්ට මහත් කරදරයකි. එපමණක් නොව මොවුන් විසින් බැහැර කරන අපිරිසිදු දෑ, ඉවතලන ආහාර වනසතුන්ට රස බොජුනක් වුවද, නොදැනුවත්වම ඔවුන්ගේ ජීවීත මිලින වන්නේ පොලීතීන්ද, ආහාරයට ගැනීමෙනි.
දිය නෑමට පැමිණෙන හුදෙක් පිරස ඔය දෙපස පිහිටා ඇති අතුපතර විහුදුනු දැවැන්ත කුඹුක් ගස් මුල ලිප් බැද ගිනි මොළවා ආහාර පිසීමට ඔවුන් නිරන්තරයෙන් හුරුව තිබේ. ඒ හේතුව නිසාවෙන් මේ වන විට දුර්ලභ ගණයේ විශාල කුඹුක් ගස් රැසක් වදවී යාමේ තර්ජනයට ලක්ව තිබීම තවත් බරපතල ගැටළු සහගත තත්ත්වයක්ව තිබේ.
එපමණක්ද නොව දිනකට විල්පත්තුව ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණෙ දෙස් විදෙස් සංචාරකයින්ගේ මනදොළ පින වන තවත් එක් තෝතැන්නක් බදුවූ මෙම රමණිය කලාඔය මෙලෙස දිනෙන් දින පරිහානියට ලක්ව යාමෙන් දෙස් විදෙස් සංචාරයටද නුදුරේදීම කණකොකා හඩන්නට පටන් ගැනීමේ අසුභ ලකුණු පහළ වෙමින් තිබීම බරපතල ගැටළු සහගත තත්වයකි.
පුත්තලම කේ.ප්‍රියංකර
COMMENTS