දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අවවාදයට වඩා ආදර්ශය උතුම් බව පෙන්නූ යුධ හමුදාපති
Homeප්‍රවෘත්ති

අවවාදයට වඩා ආදර්ශය උතුම් බව පෙන්නූ යුධ හමුදාපති

PropellerAds

  අගෝස්තු 05 වන දින කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ පිහිටි යුධ හමුදාපති නිල නිවසේ (බූඩි හවුස්) පිරිත් දේශනයක් තිබුණු අතර පසුදින උදෑසන හීල් දානය ...

නාමල් තරුණ බලකාය කැඳවයි - විරෝධතාවයේ සැලසුම නාමල් අතේ
"ජනබලය" ලේක්හවුස් වටරවුමට - පාගමන 2ට ඇරඹෙයි
කොළඹ තවම සාමකාමීයි! ජනපති කාර්යාලයට දැඩි ආරක්ෂාවක් - ජල ප්‍රහාරක රථ, මාර්ග බාධක සූදානම්
අවවාදයට වඩා ආදර්ශය උතුම් බව පෙන්නූ යුධ හමුදාපති

 

අගෝස්තු 05 වන දින කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ පිහිටි යුධ හමුදාපති නිල නිවසේ (බූඩි හවුස්) පිරිත් දේශනයක් තිබුණු අතර පසුදින උදෑසන හීල් දානය පිරිනැමීමෙන් අනතුරුව නව හමුදාපති මහේෂ් සේනානායක සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානය කරා පිටත් ව ගොස් තිබුණේ සැමරුම් උත්සවයකට සහභාගී වීම සඳහා ය. 1992 අගෝස්තු 08 දා අරාලි තුඩුවේ දී බිම් බෝම්බයකට හසු වීමෙන් ජීවිතක්ෂයට පත් වූ, ගජබා රෙජිමේන්තුවේ සමාරම්භක මේජර් ජනරාල් විජය විමලරත්න සැමරීම වෙනුවෙන් මෙම අවස්ථාව සංවිධානය කර තිබුණේ මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා විසිනි. ඊට දිවංගත මේජර් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ පවුලේ උදවිය ඇතුළු පිරිසකට ආරාධනා කර තිබුණු අතර හමුදාපතිවරයා මීට සහභාගී වීම සඳහා ගොස් තිබුණේ අනාරාධිතව, පෙර දැනුම් දීමකින් ද තොරවය.  

සාමාන්‍යයෙන් හමුදාපතිවරයා අනුරාධපුරයට පැමිණි විට ඔහුට නවාතැන් ගැනීම සඳහා හමුදාපති නිල නිවස්නයක් (ශැලේ හවුස්) අනුරාධපුරයෙහි තිබේ. එහෙත් මෙම නිවස්නය අගෝස්තු 6 දින සිට හිටපු හමුදාපතිවරයකු වූ ශාන්ත කෝට්ටේගොඩ විසින් කලින් ම වෙන් කරවාගෙන තිබිණි. දැනට වියපත්ව සිටින කෝට්ටේගොඩ මහතා දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අනුරාධපුරයට පැමිණෙන විට මෙම ශැලේ හවුස් නිවස්නය වෙන් කරවාගෙන එහි සිට ප්‍රතිකාර ලබා ගැනිමට යාම ඔහුගේ සිරිතය. එසේ වෙතත් සාමාන්‍යයෙන් ඒ මොහොතේ තනතුර දරන යුධ හමුදාපතිවරයා අනුරාධපුරයට පැමිණෙන්නේ නම් එම දින වෙනුවෙන් ඊට පෙර ශැලේ හවුස් සඳහා කරන ලද වෙන් කිරීම් ඉබේම අවලංගු කෙරේ. 

කෙසේවෙතත් හමුදාපති මහේෂ් සේනානායක මහතා අනුරාධපුරයට පැමිණි පසුව ශාන්ත කෝට්ටේගොඩ හිටපු හමුදාපතිවරයා විසින් නිල නිවස්නය කලින්ම වෙන් කරවාගෙන ඇති බවත්, එහෙත් තමන්ගේ පැමිණීම නිසා නිවස්නය භාර නිලධාරීන් විසින් දැන් එය අවලංගු කර ඇති බවත් දැනගෙන තිබේ. ඔහු වහාම ක්‍රියාත්මක වී ශැලේ හවුස් නිවස්නය පෙර වෙන්කළ පරිදිම ශාන්ත කෝට්ටේගොඩ මහතාගේ පරිහරණය සඳහා ලබා දෙන මෙන් නියෝග කර ඇත. එසේ කරමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන්ට කොහේ හෝ හමුදා කඳවුරක සිට නිල ඇඳුමින් සැරසී සූදානම්ව ගජබා රෙජිමේන්තුවේ සමරුවට යා හැකි බවත් අසනීපයෙන් පසුවන වියපත් හිටපු හමුදාපතිවරයාට අදාල පහසුකම් නිසි පරිදි ලබා දෙන ලෙසත්ය. 

මේ ශාන්ත කෝට්ටේගොඩ යනු 2004, 2005 යුගයේ හමුදාපතිවරයා ය. LTTEයෙන් කරුණා පාර්ශ්වය බිඳවීම සම්බන්ධයෙන් ඔහු විශාල වැඩ කොටසක් කළ අයෙකි. 2005 නොවැම්බර් 18 දින මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වන විටත් කෝට්ටෙගොඩ මහතාට හමුදාපති තනතුර දැරීමට තවත් වසර එක හමාරක් ඉතිරිව තිබිණි. ඔහු ඒ වසර එක හමාරත් තනතුර දැරුවා නම් සරත් ෆොන්සේකාට හමුදාපති තනතුරට පත් නොවීම විශ්‍රාම යාමට සිදුවන්නට තිබිණි. එහෙත් ඒවන විට මහින්ද රාජපක්ෂගේ සහ ගෝටාබය රාජපක්ෂගේ වීරයා වී සිටියේ සරත් ෆොන්සේකාය. එහෙයින් 2005 දෙසැම්බර් 05 වනදායින් ශාන්ත කෝට්ටෙගොඩගේ හමුදා සේවය අවසන් කෙරිණි. දෙසැම්බර් 06 වනදා නව හමුදාපති ලෙස සරත් ෆොන්සේකා පත්විය. 

ශාන්ත කෝට්ටෙගොඩ මහතා විශ්‍රාම යාමට සිදුවෙතැයි නොසිතූ බැවින් ඔහුගේ පුත්‍රයාගේ විවාහ උත්සවය ද එම දෙසැම්බර් මාසයේම බූඩි හවුස් යුධ හමුදාපති නිල නිවසේ පැවැත්වීමට ඒවන විට සියල්ල සූදානම් කර තිබිණි. ආරාධිතයින් සියල්ලට ම ආරාධනාපත් යවා, අදාල සේවාවන් ද බූඩි හවුස් වෙත සපයන මෙන් ඇණවුම් කර තිබිණි. එහෙත් විවාහ මංගල්‍ය උත්සවය අත ළඟ තිබියදීම නව හමුදාපති ලෙස පත් වූ සරත් ෆොන්සේකා, ශාන්ත කෝට්ටේගොඩ මහතාව බූඩි හවුස් නිවෙසින් ඉවත් කර තමන් එහි පදිංචියට පැමිණ තිබිණි. 

එදා ලෙසින් ම මෙදා මෙකී විජය විමලරත්න සමරුවට ද අනුරාධපුරයට පැමිණියේ සරත් ෆොන්සේකා නම් අනිවාර්යයෙන් ම ශාන්ත කෝට්ටෙගොඩ මහතා ඉවතට ඇද දමා හෝ ඔහු ශැලේ හවුස් හි නවාතැන් ගනු ඇත. එහෙත් මහේෂ් සේනානායක යනු එසේ පළිගන්නා පුද්ගලයකු නොව සුහද පුද්ගලයෙකි. ජ්‍යේෂ්ට නිලධාරීන්ට ගරු කිරීමට දන්නා නිලධාරියෙකි. 

එමෙන් ම ලංකා නිව්ස් වෙබ් අප වෙත වාර්තා වන අන්දමට යුධ හමුදාවේ අංක එකේ සිට හත දක්වා සියළුම ඉහළ තනතුරු වලට තමන්ගේ හිතවතුන් පත්කරවා ගැනීමේ නින්දිත උත්සාහයක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා දැනට යෙදී සිටී. ඔහුගේ බලාපොරොත්තුව වී ඇත්තේ එසේ ඉහළම තනතුරු වලට තමන්ගේ පුද්ගලයින් පත්කර ගෙන නිල නොලත් හමුදාපති ලෙසින් ක්‍රියා කිරීමටය. ඔහු සිතා සිටින්නේ මහේෂ් සේනානායක ද තමන්ගේ මිනිහෙකු බවය. කෙසේවෙතත් මහේෂ් සේනානායක යනු සරත් ෆොන්සේකාට වඩා සැම අතින්ම හොඳ හමුදාපතිවරයකු බව හමුදාවේ පොදු අදහස වී තිබේ.

සබැඳි පුවත් - 

ෆීල්ඩ්මාෂල්තුමනි, මේ වෛරයේ අවසානය කොතනද ?

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අවවාදයට වඩා ආදර්ශය උතුම් බව පෙන්නූ යුධ හමුදාපති
අවවාදයට වඩා ආදර්ශය උතුම් බව පෙන්නූ යුධ හමුදාපති
http://ift.tt/2x7zJoC
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_852.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_852.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy