අස්ගිරිය ගෙඩිගේ ආදාහන මළුව විහාරයේ තැන්පත් කර තිබුණු පෙරහැර කරඩුව සිංහරාජා ඇතු විසින් වැඩම කළ අතර දෑල ඇතුන් ලෙස එහි ගමන් කළේ මියන්රාජා...
අස්ගිරිය ගෙඩිගේ ආදාහන මළුව විහාරයේ තැන්පත් කර තිබුණු පෙරහැර කරඩුව සිංහරාජා ඇතු විසින් වැඩම කළ අතර දෑල ඇතුන් ලෙස එහි ගමන් කළේ මියන්රාජා හා බුරුම රාජාය.
දිය කැපීමෙන් අනතුරුව මහනුවර ගණදෙවි කෝවිල වෙත පැමිණ සාම්ප්‍රදායික පුදා පූජා පැවැත්වීමෙන් පසු සිව් මහා දේවාලයන් යිස පෙරහැර දහවල් 12.40ට යෙදුණු සුභ මොහොතින් ගමන් ඇරඹීය.
ගණදෙවි කෝවිලෙන් පිටත් වූ දේවාල පෙරහැර කටුකැලේ වීදිය, දළදා වීදිය, කොටුගොඩැල්ල විදිය, කන්දේ වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ ගමන් කොට එහි මංසන්ධියට පැමිණ පස්වරු 2.45ට ආදාහන මළුව පුරාණ විහාරයෙන් පිටත්වන ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර සමග එක්විය.
ශ්‍රී දළදා මාලිගා පෙරහැර සහ සිව් මහ දේවාල පෙරහැර එහි සිට පිටත්ව ඩී.එස්.සේනානායක වීදිය, පන්සල පාර ඔස්සේ ගොස් දේවවීදියෙන් රජ වීදිය ඔස්සේ පැමිණ ශ්‍රී දළදා චතුරස්‍රයේ තෙවිටක් ප්‍රදක්ෂිණා කොට පස්වරු 4.35ට යෙදෙණ සුභ මොහොතින් උතුරු දිශාභිමුඛව ශ්‍රී දළදා මාලිගාව වෙත ගෙවැදීම සිදුවිය.
නුවර නදීක දයා බණ්ඩාර
https://www.youtube.com/watch?v=yy9HuVdMojo&feature=youtu.be
COMMENTS