ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රියාවලියට එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් සම්බන්ධ දැයි සොයා බැලීම සඳහා පත්කළ ත්‍රිපුද්ගල ...
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රියාවලියට එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් සම්බන්ධ දැයි සොයා බැලීම සඳහා පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව අද (29) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට භාර දීමට නියමිතය.
විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතාගේ සහභාගීත්වයෙන් යුත් කමිටුවක් විසින් අදාළ වාර්තාව සකස් කර තිබේ.
වාර්තාව සැකසීමේදී හිටපු මුදල් හා විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා කමිටුවට ඉදිරිපත් කරනු ලැබූ ලේඛනයක් ද සැලකිල්ලට ගෙන ඇති අතර අදාළ ලේඛනය ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් ද සිල්වා, ගාමිණි මාරපන සහ ෆයිස් මුස්තාෆා යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ සකසනු ලැබ ඇත.
බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාවෙන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරයකුට හෝ මන්ත්‍රීවරයකුට හෝ චෝදනා එල්ල වී ඇත්දැයි සොයා බැලීම සඳහා මෙම ත්‍රිපුද්ගල කමිටුව පත් කරන ලද්දේ අගමැතිවරයාගේ උපදෙස් පරිදිය.
පසුගිය 17 වැනිදා කෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම ත්‍රිපුද්ගල පත් කිරීම සඳහා වන තීරණය ගෙන තිබිණි.
COMMENTS