දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
“රෝසි - අසාද් සාලි ජවිපෙ මතය පිලිගත්තා“ - රනිල් ජයසේන
Homeප්‍රවෘත්ති

“රෝසි - අසාද් සාලි ජවිපෙ මතය පිලිගත්තා“ - රනිල් ජයසේන

PropellerAds

කොළඹ පුරපති සටන මේවන විට උණුසුම් වී තිබේ. විශේෂයෙන්ම මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රධාන පක්ෂ ඇතුළු සියලු දේශපාලනඥයන්ගේ අවධානයද කොළඹ මහ නගර ...

දෙමළ ජාතික සන්ධානයත් සටනට සැරසෙයි!
Chitral Somapala News
තිරිඟුපිටි ආනයන බදු අඩු කිරීම ගැන රතන හිමි කණගාටු වෙයි
“රෝසි - අසාද් සාලි ජවිපෙ මතය පිලිගත්තා“ - රනිල් ජයසේන

කොළඹ පුරපති සටන මේවන විට උණුසුම් වී තිබේ. විශේෂයෙන්ම මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රධාන පක්ෂ ඇතුළු සියලු දේශපාලනඥයන්ගේ අවධානයද කොළඹ මහ නගර සභා මැතිවරණය දෙසට යොමු වී තිබේ. කොළඹ මහ නගර සභාවේ බලය ලබාගැනීමට සියලු පක්ෂ වැඩිම බරක්‌ යොදා ඇත. එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයද අනෙකුත් පළාත් පාලන ආයතනවලට වඩා කොළඹට උපරිම ජවයක්‌ යොදා මෙවර තමන් අතට බලය ලබාගැනීමට පිඹුරුපත් සකස්‌ කරමින් ඡන්ද සටනට පිවිස සිටියි.

රටේ අගනගරය වන කොළඹ නගරය මෙතෙක්‌ කාලයක්‌ එක්‌සත් ජාතික පක්‌ෂයේ බලකොටුවක්‌ව පැවැතුණි. සිංහල, දෙමළ හා මුස්‌ලිම් යන සියලු ජාතීන්ගේ සංයුතියකින් යුතු කොළඹ නගරය කෝටිපති ධනවතුන්ගෙන් මෙන්ම දුගී දුප්පත් පැල්පත්වාසීන්ගෙන්ද සමන්විත වෙයි.
කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක් මෙවර කොළඹ මහ නගර සභාව මැතිවරණයට තරග වදී.

ඒ අතරින් උණුසුම් වූ කොළඹ සටන ගැන ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ නගර සභා නගරාධිපති අපේක්ෂක විශේෂඥ වෛද්‍ය රනිල් ජයසේන මහතා අප සමග කළ සංවාදයකි මේ.

ඇයි ඔබ වැනි විශේෂඥ වෛද්‍යවරයෙකු ජනතා විමුක්ති පෙරමු‍ණෙන් දේශපාලනයට ආවේ?

ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලන්න හේතුව තමයි දුෂණ වංචාවලට ගොදුරු වෙච්ච නැති, මේවට චෝදනා එල්ල වෙලා නැති ප්‍රධාන පක්ෂය නිසා. අනිත් පක්ෂ 3ම මම මේ කියන්නේ පත්තරවල, රේඩියෝවල කියන ඒවා නෙවෙයි, මගේ අත්දැකීමෙන්, මගේ ළඟට ඇවිල්ලා වෙව්ල වෙව්ල, අඩ අඩා, බඩවල තුවාල හදාගෙන ඇවිල්ලා ලෙඩ්ඩු කියපු දේවල්. ඒ ලෙඩ්ඩු අතරේ ඉන්නවා විනිශ්චයකාර තුමන්ලා, ෆාදර්සලා, හාමුදුරුවෝ, විදුහල්පතිවරු, ටීචර්ස්ලා, දුප්පත් මිනිස්සු, අහිංසක මිනිස්සු, ද්‍රවිඩ, සිංහල, මුස්ලිම් බේදයක් නැතුව ඇවිල්ලා පහුගිය අවුරුදු ගාන තුළ මගේ ළඟට ඇවිල්ලා කියපු දේවල් මන් අහගෙන ඉඳලා, වැඩිහරියක් ඒවායේ තිබුණේ දේශපාලන ප්‍රශ්න, දේශපාලන තර්ජන, මැර තර්ජන, මරණ බය. ගොඩක් දෙනෙක් රට දාලා ගියා. එහෙම උගත්තු රට දාලා යනකොට ඉතින් අපිට කණගාටුවක්, දුකක් ඇති වෙනවා. ඔය වගේ දේවල් මන් හෘද වස්තුවේ රඳවාගෙන ඉඳලා , මගේ හෘද වස්තුවත් කවදා හරි නවතිනවනේ, ඒක නවතින්න ඉස්සෙල්ලා මට හිතුණා ජනතාවට මේ දේ කියන්න ඕනේ කියලා. කොළඹ ජනතාවගේ ප්‍රශ්න අනන්තවත් රෝගීන් මාර්ගයෙන් මම දන්නවා. දැකලා තියෙනවා. අහලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලුවේ අනිත් පක්ෂ එක්ක මට ඉඳ ගන්න ලැජ්ජ නිසා. මම ඕකට කියන්නේ දූෂිත ත්‍රිකෝණය කියලා. එක්සත් ජාතික පක්ෂය බැඳුම්කර පැත්තෙන් බැලුවත්, මොන පැත්තෙන් බැලුවත්, මධ්‍යසාර ගේන ඒවට උදව් දෙන ඒවා බැලුවම, මේක දුෂණයෙන් පිරිච්ච පක්ෂයක්. පොහොට්ටුව කියන්නේ අපේ රටේ තිබුණ සේසතම මංකොල්ල කාපු, රත්තරන් වගේ හිටපු පුත්තු 3ක් දුශිතයෝ මිනීමරුවෝ කරපු තාත්තා කෙනෙක්, ලංකාවේ දුෂ්ටම තාත්තා නායකත්වය දෙනවයි කියන, නමුත් ජි.එල්. පිරිස් මහත්තයා එක තව නායකයෙක් කියන, එතනත් මල විකාරයක්නෙ. රටේ ධනය සුරා කාපු, සුරා කාලා ඒගොල්ලෝ පෝෂණය වෙච්ච ඒ කණ්ඩායම ත්‍රිකෝණයේ එක මුල්ලක. අනිත් මුල්ලේ ඉන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. වටේ හිටපු දුෂිතයෝ ටික ඔඩොක්කුවේ තියාගෙන දැන් කාඩ් බෝඩ් කඩුවකින් කඩුවක් වන වන ඉන්නවා අනිත් අයගේ බෙල්ල කපන්න. ඊට ඉස්සෙල්ලා ජනාධිපතිවරයා දැනගෙන ඉන්න ඕනේ තමන් වටේ ඉන්න දුෂිතයන්ගේ බෙල්ල කපන්න. නිමල් සිරිපාල මහත්තයා, ෆවුසි මහත්තයා කියන්නේ මේ රටේ දස දහස් ගණනක් මිනිස්සු නොමරා අනියම් විදියට මරපු ඇමැතිලා දෙන්නෙක්. හොර කල් ගිය බෙහෙත් ගෙනල්ලා, ලේබල් අලවලා, ඒවා රෝහල්වලට දීල, ඒවට පරීක්ෂණ කරනකොට ඒවා නවත්තලා, සල්ලි සාක්කුවේ දාගෙන මේ රටට මහා විනාශයක් කරපු පුද්ගලයෝ. ඒගොල්ලෝ ඔඩොක්කුවේ තියාගෙන ඉන්න ජනාධිපතිතුමත් මේ දුෂිත ත්‍රිකෝණයට අනිවාර්යයෙන්ම වැටෙනවා. එතකොට මේ දූෂිත ත්‍රිකෝණයෙන් පිට ඉන්න එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ තමයි. ඉතින් මම ඒ පක්ෂේ තෝර ගත්තේ ඒකයි.

එජාපයේ බලකණුවක්ව පවතින කොළඹ නගර සභා බල ප්‍රදේශය ජවිපෙට බලය ගන්න මොනවගේ වැඩපිළිවෙලක්ද ඔබට තියෙන්නේ?

වෛද්‍යවරයෙක් හැටියට මම මුලින්ම හිතන්නේ අර අනිත් අය හිතනවා වගේ බිල්ඩිමක් පාට කරලා, බස් ස්ටෑන් එකකට ප්ලාස්ටික් කෑල්ලක් ගහලා, තමන්ගේ නමක් ගහගෙන ඒක පුම්බගෙන, ඒක කොළඹ ලස්සන කළා කියලා කොළඹ කුණු ගෙනිහිල්ලා වෙන පළාතකට දාලා ඒ මිනිස්සුන්ට ඒවට යට වෙලා මිනිස්සු මැරිලා යන ප්‍රතිපත්තියක් නෙවෙයි අපිට තියෙන්නේ. කොළඹ දහස් ගණනක් මිනිස්සු දුක් විදිනවා, වැසිකිලි පහසුකම් නැතුව ගේ ඇතුළේ වැසිකිලි කර්තව්‍ය කරලා බෑග් වල ගැට ගහලා කුණු කුඩෙට ගිහිල්ලා දමන මිනිස්සු ටිකක් මේ කොළඹ ඉන්නේ. කාණුවක් බ්ලොක් වුණාම ඒක සුද්ධ කරන්නේ නැහැ. එකේ ඉන්න මාසි මදුරුවන්ගෙන් ඇති වෙච්ච රෝගවලට තමන්ගේ සේසතම වියදම් කරගෙන ලෙඩ හොඳ කරගෙන නැති නාස්ති වෙච්ච ජනතාවක් කොළඹ ඉන්නේ. ඩෙංගු උවදුරට පිළියම් නෑ. සැලසුමක් නෑ. කුණු ප්‍රතිචක්‍රීකරණය කරන ක්‍රමයක් නෙවෙයි දූෂණය ප්‍රතිචක්‍රීකරණය කරන ක්‍රමයක් තමයි මේගොල්ලන්ට තියෙන්නේ. දූෂණය ප්‍රතිචක්‍රීකරණය කරනවා කියන්නේ දූෂණය නිසා කුණු එකතු වෙන්න අරිනවා, කුණු එකතු වෙන්න ඇරියම ජනතාව පෙළඹෙනවා කීයක් හරි දීලා කුණු ටික අයින් කර ගන්න. සේවකයෝ පෙළඹෙනවා කීයක් හරි දීලා කුණු ටික ගේන්න. වාහන අබලන් අබලන් කියලා ගරාජ් වල දාගෙන, පොඩි කොටසක් පාරට දාලා, ගොඩක් ඇතුළේ තියාගෙන ඉන්නවා. මේවට තියෙන්නේ පොඩි පොඩි ප්‍රශ්න, ඒවා විසඳන් නෑ. ලයිට් කැඩිච්ච ඒවා, බැටරි සවුත්තු වෙච්ච ඒවයි, බ්‍රේක් නැති ඒවයි. කුණු ලොරි 500ක් වගේ තියෙන්නේ ඒවා හදන්නේ නැහැ. මේවා ප්‍රමාද වුණාම කුණු ගොඩ ගැහෙනවා. තමගේ අනුගාමිකයන්ට ටෙන්ඩර් වලින් අවස්ථා දීලා, කොමිස් අරන් මෝටර් බයික් වලින් ගිය අය මාලිගා හඳලා, මහා වාහන තියාගෙන අද පෝසත් වෙලා ඉන්නේ ඇයි? ජනතාවට ලැබෙන්න ඕනේ සල්ලි ඒගොල්ලෝ මංකොල්ල කනවා. වරි පනම් අංක ගහන තහඩු ඒවට ලක්ෂ 300ක තක්සේරුවක් කරලා ඒක කොන්ත්‍රාත්කරුවෙකුට දීලා තියෙනවා අවුරුදු 15කට බදු ක්‍රමයකට අර පාර හරහා යන පුවරුවල දැන්වීම් ගහන්න එකෙන් ලක්ෂ 5000ක් අපේ මහ නගර සභාවට පාඩුයි. අවුරුදු 15ක් කියන්නේ නගරාධිපති 4 දෙනෙකුගේ ධූර කාලය. කොළඹ පුරාම බස් හෝල්ට්වල තියෙන පින්තූර ලොකු බෝඩ් ගහලා දේශපාලඥයින්ගේ පින්තූර ගහලා පුම්බගෙන ඉන්නවා, ජනතා විමුක්ති පෙරමුණට බලය දුන්නොත් ඒ බෝඩ් එකේ දේශපාලන මූණු අයින් කරලා අපි ගහනවා ජනතාවට පාර හොයා ගන්න පුළුවන් විදියේ මාර්ග සිතියම්, සංචාරකයින්ට හිත් ඇඳ ගන්නා ලංකාවේ ලස්සන තැන්, ඩෙංගු උවදුරින් මර්ධනය වෙන්න උපදෙස් ටිකක්, ජනතාවගේ දැනුම් වර්ධනය කරන දේවල්. අපිට තියෙන්නේ එහෙම නිර්මාණශීලි අදහසක් අද ඉන්න බොරු ආටෝප තියෙන, කුහක, ජනතාවගේ සල්ලිවලින් මේ දේවල් කරලා තමන් කරා වගේ පෙන්වන උද්දච්ච දේශපාලන ක්‍රමය වෙනුවට අපි ජනතා විමුක්ති පෙරමුණෙන් කොළඹ මහ නගර සභාවට යහපත්, විනයගරුක දේශපාලනයක් ගේන්න තමයි අපේ සැලසුම.

කොළඹ සටනේ නිරත වන ඔබට ජනතාවගේ ප්‍රතිචාරය කොහොමද දකින්නේ?

මම බලාපොරොත්තු වෙච්ච නැති, හිතා ගන්න බැරි රැල්ලක් තියෙනවා. මන් මෙහෙම ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙලා හිටියේ නැහැ. කොළඹ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ බලකොටුවක් විදියට 70,80,90 ගත්ත. නමුත් මේ වෙනකොට ඒ බලකොටු බිදිලා කැඩිලා ගිහිල්ලා. ජනතාව ආගම් බේදයක් නැතුව ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණත් එක්ක. ජනතාවගේ දේශපාලන බුද්ධිය වෙනස් වෙලා තියෙන එක ගැන සතුටක් තියෙනවා. දේශපාලන බුද්ධියේ යම් අඩුවක් නිසානේ අවුරුදු 70ක් මේ වගේ දුෂ්ට, දූෂිත පාලකයන් මේ රට පාලනය කලේ මාරුවෙන් මාරුවට. දැන් ජනතාව බොරු නින්දෙන් අවදි වෙලා, අපි වටා රොක් වෙමින් සිටිනවා. ලොකු තරගයක් නැති තත්ත්වයට ජනතාව රොක් වෙලා ඉන්නවා. වැඩිය ඕනේ නෑ රෝසි සේනානායක මහත්මිය රූපවාහිනී වැඩසටහනක මේක පිළි ගත්තා. වෛද්‍යතුමා කියන එක ඇත්ත. දුෂණය තියෙනවා. ගොඩක් වැඩ තියෙනවා කොළඹ කරන්න. දැන් මම එනවා ඒක කරන්න කියල. නමුත් ඇය ගැන විශ්වාසයක් ජනතාව තුළ නැහැ. අවුරුදු 70ක් කරන්න බැරි වුණ දේ දැන් කරන්න බෑ. අසාත් සාලි මහත්තයා පිළි ගත්තා මුස්ලිම් අයට විශාල හිරිහැර වෙද්දී ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියට ඇවිල්ලා ඔවුන් වෙනුවෙන් පෙනී හිටියා කියලා. ඒ ප්‍රතිචාරවලට මම ගරු කරනවා.

කොළඹ නගර සභාවේ බලය ජවිපෙට ලැබුණොත් ආණ්ඩු බලය නැතිව කොළඹ පාලනය කරන්න පුළුවන්ද?

ආණ්ඩු බලය නැතුව කරගෙන යන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මධ්‍යම ආණ්ඩුවේ සහයෝගය අවශ්‍යයි. මට පුළුවන් ඒ සහයෝගය ගන්න. ප්‍රතිකාර කරන විදියට තමයි කොළඹට වෙලා තියෙන ලෙඩේ හොඳ කරන්නේ. අපිට හොඳ සැලසුම් තියෙනවා. ඕනේ තරම් සල්ලි හම්බ වෙනවා. කොළඹ මහ නගර සභාව දියුණු කරන්න බැරි හේතුව තමයි වර්ෂයකට එකතුවන අදායම බිලියන 15.8ක්. මිලියන 15,800ක්. මේකෙන් 4න් 3ක් දුෂණ වංචා නිසා නාස්ති කරන නිසා තමයි කොළඹ ගොඩ ගන්න බැරි වෙලා තියෙන්නේ. අපි ඒ සල්ලිත් ජනතාව වෙනුවෙන් වැය කරන්න බලාගෙන ප්‍රතිඥා දීලා ඇවිත් තියෙන්නේ. හුගක් දේවල් කරන්න අපිට අවශ්‍ය නෑ ආණ්ඩුවේ බලය. ඒ මුදල්වලින් නිවාස ව්‍යාපෘති, ප්‍රවාහන සේවා, කොළඹ ජනතාව දැනුවත් කිරීමේ රූපවාහිනී නාලිකාවක් ඇති කරන්න වගේ ඒ වගේ දේවල් අපිට කරන්න පුළුවන්. කුණු ප්‍රශ්නෙට, ඩෙංගු වලක්වන්න, මදුරු උවදුරට වගේ ඒවට අපිට තියෙනවා හොඳ සැලසුම්. පුස්තකාල පහසුකම්, නාට්‍යාගාර, ශාරීරික සෞඛ්‍යට කරන්න දේවල් අපි ගාව තියෙනවා සැලසුම්. වාහන තදබදය වගේ ඒවට මධ්‍යම ආණ්ඩුවේ සහයෝගය ගන්න වෙනවා. මොකද අපිට තියෙන්නේ අතුරු පාරවල්, ඒවායේ ප්‍රශ්න අපි විසදනවා. මහා මාර්ග සම්බන්ධයෙන් මහා මාර්ග දෙපාර්තමේන්තුවේ අධිකරිවලින් සහයෝගය ගන්න වෙනවා. මෙගා පොලිස් අමාත්‍යංශයෙන් අපිට සහයෝගය ගන්න වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ දූෂිත මනුස්සයෙක් දූෂණය කරන කොට ඒ පක්ෂයේ අයවත් සහයෝගය දෙන්නේ නැහැ. මම මහ නගර සභාවේ නගරාධිපති විදියට ඇවිල්ලා මම කොළඹට හොඳ දෙයක් කරනකොට ඔය ප්‍රධාන දූෂිත පක්ෂවල අය පවා අපිට සහයෝගය දෙයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: “රෝසි - අසාද් සාලි ජවිපෙ මතය පිලිගත්තා“ - රනිල් ජයසේන
“රෝසි - අසාද් සාලි ජවිපෙ මතය පිලිගත්තා“ - රනිල් ජයසේන
http://am.lk/media/k2/items/cache/b4ffeb68b027ebf90fac948bd7881634_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_804.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_804.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy