වව්නියාව ශෛවප්‍රකාශා මහා විද්‍යාලයේ ජනපති ජනතා නිලමෙහෙවර වැඩසටහන එදිනට ක්‍රියාතමක් වන අතර එම වැඩසටහනට අමතරව නැවත පදිංචි වූවන් වෙනුවෙන්...
වව්නියාව ශෛවප්‍රකාශා මහා විද්‍යාලයේ ජනපති ජනතා නිලමෙහෙවර වැඩසටහන එදිනට ක්‍රියාතමක් වන අතර එම වැඩසටහනට අමතරව නැවත පදිංචි වූවන් වෙනුවෙන් ස්ථීර ඉඩම් ඔප්පු 3000 ක්ද ප්‍රධානය කෙරෙන අතරම පවුල් 1432 දෙදෙනෙකුට ස්වයං රැකියා උපකරණද ලබා දීමට අවහ්‍ය පියවර නෙ ඇති බවට වව්නියාව දිස්ත්‍රීක් ලේකම එම්.බී.ආර්.පුෂ්පකුමාර මහතා කියා සිටියේය.
මෙම වැඩසටහන පළමුව පොලොන්නරුවේදීද දෙවනුව ගාල්ල දිස්ත්‍රීක්කයේද තෙවනුව වව්නියාව දිස්ත්‍රීක්කයේද පැවත්වීමට කටයුතු යොදා ඇති අතර මීට පෙර ජනපති ජනතා නිලමෙහෙවර දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හරහා ක්‍රියාත්මක වූ අතර එම වැඩසටහන් වලදී නොවිසිඳුනු ගැටලු ජනාධිපති තුමන්ගේ හා අගමැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් විසඳීමට පියවර ගෙන ඇති අතරම එම වැඩසටහන් වෙනුවෙන් කැබිනට් අමාත්‍ය වරුන් හා අමාත්‍යංශ ලේකම් වරුන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වීමට නියමිතව ඇත.
වන්නි රොමේෂ් මධුෂංඛ
COMMENTS