ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදීත් හවුල් ආණ්ඩුවක් ලෙස කටයුතු කරනවාදැයි යන්න සැප්තැම්බර් 02 වැනිදා පැවැත්වෙන ශ්‍රීලන...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදීත් හවුල් ආණ්ඩුවක් ලෙස කටයුතු කරනවාදැයි යන්න සැප්තැම්බර් 02 වැනිදා පැවැත්වෙන ශ්‍රීලනිප 66 වැනි සංවත්සරයේදී ප්‍රකාශ කිරීමට නියමිත බව රාවය පුවත්පත වාර්තා කර ඇත.
ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයකු විසින් අදාළ කාරනාව හෙළිකළ බවද එහි දැක්වේ.
ශ්‍රීලනිපයේ අභ්‍යන්තර ආරවුල් විසඳීමට එහිදී ජනපතිවරයා යම් යම් ප්‍රකාශ කළ හැකි බවද පැවසේ.
කෙසේවුවද, මේ සමගි සංධාන ගිවිසුම පවත්වාගෙනයාමට ශ්‍රීලනිප හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉදිරියෙන් සිටින මන්ත්‍රීවරු කටයුතු කරනු ඇති බවද ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයා පවසා ඇත.
ශ්‍රීලනිප හා එජාප ගිවිසුමේ කල් ඉකුත්වීමට දින නියමවී ඇත්තේ ලබන අගෝස්තු 21 වැනිදාටය.
මාතෘකා දහයක් ඔස්සේ කරුණු රැසක් මේ ගිවිසුමට ඇතුළත්ව තිබූ බවද පැවසේ.
මේ ගිවිසුමේ තිබූ රටේ ආර්ථිකය දියුණු කිරීම, නිදහස තහවුරු කිරීම, දූෂණය තුරන් කිරීම, විගණන පනත සම්මත කිරීම, තොරතුරු දැනගැනීමේ අයිතිය සම්බන්ධ පනත ස්ථාපිත කිරීම හා නව ව්‍යවස්ථාවක් සකස් කිරීම යන කරුණුද එම ගිවිසුමට අන්තර්ගත ප්‍රබල කරුණු බවත් මේවා වසර දෙකක කාලයක් අවසන්වන විට සාක්ෂාත් කරගතව තිබූ බවද පැවසේ.
COMMENTS