හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට සහ...පුත් යෝෂිත රාජපක්ෂ මහතාට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී ...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට සහ...පුත් යෝෂිත රාජපක්ෂ මහතාට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබේ.
ඒ අනුව ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද දින (15දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිත අතර යෝෂිත රාජපක්ෂ මහතා හෙට දින (16දා) එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතය.
සිරිලිය සවිය පදනමට අයත් ඩිෆෙන්ඩරයක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයක් සඳහා ප්‍රකාශ ලබා ගැනීම සඳහා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ යෝෂිත රාජපක්ෂ මහතාට මෙම කැඳවීම් සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කළ විමසුමකදී පැවැසීය.
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධියට මෙම ඩිෆෙන්ඩර් රථය භාවිත කර ඇති බවටද පරීක්ෂණවලදී හෙළි වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. රෝහිත රාජපක්ෂ මහතාගේ මැදිහත් වීම මත චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීමේ සිද්ධියකට අදාළව සිදුවන විමර්ශනයකට ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ඔහුට මෙම කැඳවීම මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් සිදු කර ඇති බවද වාර්තා වේ.
COMMENTS