මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් සමඟ සබඳතා පැවැත්වු කෝප් කමිටු සාමාජිකයින් පිළිබද කතානායකවරයාගේ අවධානය යොම...
මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් සමඟ සබඳතා පැවැත්වු කෝප් කමිටු සාමාජිකයින් පිළිබද කතානායකවරයාගේ අවධානය යොමුවිය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අස්ගිරි මහනාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසීය.
එම මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් කෝප් කමිටුව පිළිබඳව ඇති විශ්වාසය ද බිඳ වැටී ඇති බව ඔහු පෙන්වා දෙයි.
එහිදී හිටපු ජනපති මෙලෙස අදහස් දක්වා ඇත.
“දැන් කරන්න තියෙන්නේ වහාම මේක නීතිපති දෙපාර්තමේන්තුවට යවලා ඒ අවශ්‍ය නීතිමය කටයුතු කරන්න.මෙහෙම එකක් හෙළිදරව් වුණානම් අපි ගැන මෙලහට අපි හිරේ දාගෙනනේ අපිව ප්‍රශ්න කරන්න.මෙයාලට එහෙම මුකුත් නෑ.කෝප් කමිටුවේ ඉඳගෙන ඒ විස්තර දුන්න නම් දුරකථනයකින් එහෙනම් ඒ කට්ටිය පාර්ලිමේන්තුවේ විශ්වාසය නැති කරලා තියෙනවා.මේක කවදාවත් සිදු වෙච්ච නැති දෙයක්.වහාම කථානායකවරයා යම් පියවරක් ගන්න ඕනේ.එයාලගේ කුණු ටික වහගන්න තමයි එහෙම කෑ ගහන්නේ.මේ දේපොළ රාජසන්ත කරන්න වේවි.අයුතු ලෙස හම්බු කර ගත්ත දේපලක්.දැන් එකෙන් වෙන්නේ ලංකාවේ ඉපදෙන හැම පුරවැසියෙකුටම අවාසි වෙලා තියෙනවා.තව අවුරුදු 30ක් ඉපදෙන අයටත් එහෙමයි.”
COMMENTS