ලංකා කම්කරු කොංග‍්‍රසයේ ප‍්‍රාදේශිය නායිකාවක්ව හැටන් පොලිසියේ නිළධාරින් පෙරේදා (18) උදෑසන අත්අඩංගුවට ගැනිමට යාමේදී ලංකා කම්කරු කොංග්රසයේ...
ලංකා කම්කරු කොංග‍්‍රසයේ ප‍්‍රාදේශිය නායිකාවක්ව හැටන් පොලිසියේ නිළධාරින් පෙරේදා (18) උදෑසන අත්අඩංගුවට ගැනිමට යාමේදී ලංකා කම්කරු කොංග‍්‍රසයේ මහා ලේකම් නුවරඑළිය දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආරුමුගම් තොන්ඩමන් මහතා සහ ලංකා කම්කරු කොංග‍්‍රසයේ ආධාරකරුවන්ගෙන් එයට විරෝධය මතු වී තිබු බව වාර්තා වේ.
ලංකා කම්කරු කොංග‍්‍රසයේ ප‍්‍රාදේශිය නායිකාවක් වශයෙන් කටයුතු කරන එස්.යෝගේෂ්වරි හැටන් ෂැනන් වතුයායේ වැඩ කරමින් සිටියදි හැටන් පොලිසියේ නිළධාරින් පිරිසක් පොලිස් ජිෆ් රථයකින් එම වතුයායට ගොස් ඇය අත්අඩංගුවට ගැනිමට කටයුතු කර තිබේ.
එම අවස්ථාවේ එම ප‍්‍රාදේශිය නායිකාව විසින් තොන්ඩමන් මහතාට ඒ බැව් දැනුම් දිමෙන් පසු තොන්ඩමන් මහතා විසින් ලංකා කම්කරු කොංග්‍රසයේ මධ්‍යම පළාත් සභා මන්ති‍්‍ර කන්පති කනගරාජ් මහතාව එම ස්ථානයට යවා තොන්ඩමන් මහතා ඇතුලු එම පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් හැටන් මල්ලිඅප්පු මංසන්ධියේ රැදි සිටිමින් එයට විරෝධය පා තිබේ.
ඉකුත් (16) වන දින හැටන් ෂැනන් වතුයායේ කේ.එම් කොටසේ වතු නිවාස පෙලක හටගත් ගින්නකින් නිවාස තුනක් ගිණි ගෙන සම්පුර්ණ විනාශ වීමෙන් එහි අවතැන්වු පවුල් තුනකට අයත් සාමාජිකයන්ගේ සුවදුක් බැලිමට ගිය අමාත්‍ය පලනි දිගම්බරම් මහතා නායකත්වය දරන ජාතික වතු කම්කරු සංගමයේ උප සභාපතිවරයෙකු හා මධ්‍යම පළාත් සභා මන්ති‍්‍ර පි.ඒ.ශ්‍රීදරන් මහතා එම වතුයායට ගිය අවස්ථාවේ මෙම ප‍්‍රාදේශිය නායිකාව විසින් ශ්‍රීදරන් මන්ති‍්‍රවරයාට බැන වැදුනේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රීදරන් මහතා විසින් හැටන් පොලිසියට කරන ලද පැමිණීල්ලක් මතයි එම ප‍්‍රාදේශිය නායිකාව හා ලංකා කම්කරු කොංග‍්‍රසයේ තවත් ආධාරකරුවෙකු අත්අඩංගුවට ගැනිමටයි හැටන් පොලිසිය එම වතුයායට ගොස් ඇත්තේ.
ලංකා කම්කරු කොංග‍්‍රසයේ මහා ලේකම් ආරුමුගම් තොන්ඩමන් මහතා හා හැටන් පොලිසියේ උසස් නිළධාරින් අතර හැටන් මල්ලිඅප්පු මංසන්ධියේ පැවති සාකච්ජාවකදි පොලිසිය තොන්ඩමන් මහතාට පවසා සිටියේ එම ප‍්‍රාදේශිය නායිකාව සම්බන්ධයෙන් ලද පැමිණීල්ලක් විභාග කිරිම සදහා පොලිසිය වෙත දැනුම් දිමට පොලිස් නිළධාරින් එම වතුයායට ගිය බවයි.
අත්අඩංගුවට ගැනිමක් සිදු කිරිමට තම පොලිස් නිළධාරින් එම වතුයායට නොගිය බවද තොන්ඩමන් මහතා හමුවේ පොලිස් නිළධාරින් කියා සිටියහ.
ලංකා කම්කරු කොංග‍්‍රසයේ එම ප‍්‍රාදේශීය නායිකාව කියා සිටින්නේ එදින තම වතුයායේ ඇති වු ගින්නෙන් අවතැන් වුවන්ට අවශ්‍ය යටිතල පහසුකම් තම පක්ෂයේ මන්ති‍්‍රවරුන් විසින් සලසා තිබියදි සෙවිලි තහඩු කිහිපයක් රැගෙන කිසියම් අයෙකු තම වතුයායට එදින පස්වරුවේ පැමිණි අවස්ථාවේ තමන්ට අවශ්‍ය සෙවිලි තහඩු නොවන බවත් අවතැන් වුවන්ට අවශ්‍ය ආහාර පාන හා ඇදුම් පැළදුම් පමණක් ලබා දෙන ලෙසය.
ඔහු පළාත් සභා මන්ති‍්‍රවරයෙකු නොවන බවද එම ප‍්‍රාදේශිය නායිකාව කියා සිටියාය.තොන්ඩමන් මහතා අවධාරණය කර සිටින්නේ අමාත්‍ය පලනි දිගම්බරම් මහතාගේ උපදෙස් මත පළාත් සභා මන්ති‍්‍රවරයාගේ ව්‍යාජ පැමිණිල්ලක් මත හැටන් පොලිසියේ නිළධාරින් තම පක්ෂයේ ආධාරකරුවන් අත්අඩංගුවට ගැනිමට කටයුතු කරන බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙක් හැටන් පොලිස් අධිකාරිවරයා සහ තොන්ඩමන් මහතා අතර පැවති සාකචිජාවකින් පසු පොලිස් අධිකාරිවරයා තොන්ඩමන් මහතාට පවසා ඇත්තේ මෙය සුළු පැමිණීල්ලක් බවත් මෙම පැමිණීල්ල මත ප‍්‍රාදේශීය නායිකාව අත්අඩංගුවට ගැනිමට පොලිස් නිළධාරින් කටයුතු කර තිබෙන්නේ නම් එම පොලිස් නිළධාරින්ට එරෙහිව විනය පියවර ගන්නා බවත්ය.
(හැටන් රංජිත් රාජපක්ෂ)
COMMENTS