අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා, කැබිනට් සාමුහිකත්වය බිඳ දමමින් ආණ්ඩුවේ ආර්ථික හා ජාතික සංහිඳියා ප්‍රතිපත්තීන්ට එරෙහිවත්, එක්සත් ජාති...
අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා, කැබිනට් සාමුහිකත්වය බිඳ දමමින් ආණ්ඩුවේ ආර්ථික හා ජාතික සංහිඳියා ප්‍රතිපත්තීන්ට එරෙහිවත්, එක්සත් ජාතික පක්ෂ කෙරෙහි මුස්ලිම්වරුන් තුල කලකිරීමක් ඇතිවන ආකාරයෙන් කටයුතු කිරීමත් හේතුවෙන්, ඔහුගේ පක්ෂ සාමාජිකත්ව අහෝසිකර වහාම ඇමති ධුරයෙන් නෙරපා හැරිය යුතු බව එජාප විශේෂ කමිටුව අද (21) පස්වරුවේ අගමැතිවරයාට යෝජනා කිරීමට නියමිත බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ.
අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පක්ෂ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම, මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර හා රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර යන මහත්වරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කරනු ලැබූ අතර, මෙම කමිටුව පසුගිය දින කිහිපයෙහි සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබිණ.
නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ එම කමිටුවේ නිර්දේශ පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද පස්වරුවේ දී ලිඛිතව හෝ වාචිකව භාරදීමට ඉඩ ඇති බවයි.
මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් :
මේ අතර අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් රැස්වීමක් ද අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.
විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා පිළිබඳ සාකච්ඡා කිරීම පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර නොමැති වුවද ඒ පිළිබඳව ස්ථිර ලෙසම අවධානය යොමුවනු ඇති බව වාර්තාවේ.
අද පස්වරුවේ පැවැත්වෙන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී සාකච්ඡාවට ගැනෙන කරුණු පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ගෙන් කල විමසීමකදී ඔහු මෙසේ පැවසිය.
"අධිකරණ ඇමතිතුමා සිදු කළ ප්‍රකාශ යළි නිවරැදි කරන්න අවස්ථාවක් දීලා තිබ්බා. ඒ දවස අවසන් වෙනවා අද හෝ හෙට. පේන විහිදට එතුමා තවදුරටත් ආණ්ඩුව සහ අපේ නායකත්වය විවේචනය කරමින් සහ චෝදනා එල්ල කරමින් ප්‍රතිවිරුද්ධ බලවේගවලට ශක්තිය දෙනවා. ඒ නිසා ඔහු ගැන වහාම තීරණයක් ගන්න වෙනවා"
පසුගිය 17 වනදා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම් කඩ කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කෙරුණු අතර, එහිදී ඔහු විශ්වාසය කඩකර ඇති බවට යෝජනාවක්ද සම්මත කර ගැනිණ.
COMMENTS