ඩුබායි බැංකුවක රාජපක්ෂලාගේ මුදල් ඇතැයි කීමට සාක්ෂි නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ඩුබායි බැංකුවක ඩොලර් ...
ඩුබායි බැංකුවක ඩොලර් බිලියනයක මුදලක් තිබේ දැයි සෙවීමට කණ්ඩායමක් එම රටට පිටත් කළ ද ඒ පිළිබඳව සාක්ෂි නැතැයි තමන්ට පැවසූ බව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා විසින් අය-වැය විවාදයේ දී අදහස් දක්වමින් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේය.
ඩුබායි බැංකුවක ඩොලර් බිලියනයක මුදලක් තැන්පත් කර ඇතැයි කියන වාර්තා ගැන සෙවීමට යහපාලන ආණ්ඩුව සමයේ කණ්ඩායමක් ඩුබායි රාජ්‍යයට ගියද ඒ සඳහා සාක්ෂි නැති බව ඔවුන් පැවසුවේ යැයි ජනාධිපතිවරයා කියා පැවසීය.

COMMENTS