Advertisements

Breaking News

ප්‍රශ්න විසදන්න හදන්නේ ඔක්කොම විකුණලා - සුසිල් ප්‍රේම්ජයන්ත්

ප්‍රශ්න විසදන්න හදන්නේ ඔක්කොම විකුණලා - සුසිල් ප්‍රේම්ජයන්ත්
ව්‍යාපාරික සැලැස්මක් නොමැතිව බලයට ආ සැණින් විකුණා දැමීම ගැන සිතන්නේ නම් එය ආණ්ඩුවක් ලෙස නිවැරදි ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීමක් නොවන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ක්‍රමය අනුව ඉදිරියේදී කච්චතිව් දූපතද විකුණා දැමිය හැකි  බව හෙතෙම සඳහන් කළේය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් තම අදහස් පිළිනොගන්නා අතර එක්සත් ජාතික පක්ෂය ශ්‍රීලනිපයේ අදහස් පිළිනොගන්නා බවද ප්‍රේම්ජයන්ත් මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව තමන් කලකිරීමෙන් පසුවන බවයි හෙතෙම කියා සිටියේ.
 
යහපලනය නමින් ආණ්ඩුව ගොඩනගා ගත්තද ආණ්ඩුවේ ඇතැම් ක්‍රියා දෙස බලන විට යහපාලනයක් නොමැති බව පෙන්නුම් කරන්නේ යැයිද අමාත්‍යවරයා කියා සිටියේය. 
 
“කොහොමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යහපාලනයට සම්බන්ධ වුණේ නැහැ. යහපාලනය ඇති වෙන්නේ 2015 වසරේ ජනවාරි 09 වැනි දාන් පසු. අපි ඒ මොහොතේම ආණ්ඩුවට එකතු වුණේ නැහැ. අපි එකතු වෙන්නේ  අගෝස්තුවේ. අපි මැතිවරණයට ඉදිරිපත් වුණේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිත් එක්කයි. ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එක්ක. අපි ක්‍රියා කරන්නේ ඒ ප්‍රතිපත්ති අනුව."
 
මෙලෙස අදහස් දැක්වූ සුසිල් ප්‍රේම්ජයන්ත් අමාත්‍යවරයා සඳහන් කළේ මේ වන විට බැඳුම්කර ගණුදෙනුව පිළිබඳ තොරතුරු අනාවරණය ආකාරයට තවත් බොහෝ දේ අනාවරණ විය හැකි බවයි. 
 
මේ අතර ජාතික ආණ්ඩුවේ කාලය මෙම වසරේ දෙසැම්බර් 31න්  පසු අවසන් වන අතර  තවදුරටත් ආණ්ඩුවේ රැඳී සිටිනවාද යන්න පිළිබඳ පක්ෂය විසින් තීරණය කරනු ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
 
ආශිකා බ්‍රාහ්මණ

No comments