ඔවුන් පවසන්නේ “රට පුරා දස දහස් ගණන් තරුණ තරුණියන් මේවාට හසු වී ඇති බව” යි. දළ වශයෙන් 10000 සිට 13000 දක්වා පිරිසක් මේ ඉරණමට මුහුණ දී ඇතැය...
ඔවුන් පවසන්නේ “රට පුරා දස දහස් ගණන් තරුණ තරුණියන් මේවාට හසු වී ඇති බව” යි. දළ වශයෙන් 10000 සිට 13000 දක්වා පිරිසක් මේ ඉරණමට මුහුණ දී ඇතැයි පැවසේ.
ද ගාඩියන් පුවත්පත හෙළි කරන අන්දමට පසුගිය මාස තුන ඇතුළත සිදුකරන ලද විමර්ශනවලින් හෙළි වී තිබෙන්නේ කම්කරු සේවය සහ ලිංගික වහල් සේවය මෙම නූතන වහල් සේවයේ ප්‍රධානතම සංචරක දෙක බවයි. මේවා ඉතාම සංවිධානාත්මක අන්දමින් සිදු කෙරේ. රොමේනියාවේ සිට ක්‍රියාත්මක වන එක්තරා අපරාධ කල්ලියක් කෙරෙහි ඔවුන්ගේ විශේෂ අවධානය මේ වන විට යොමු වී ඇත. ගණිකාවන් වශයෙන් ඇඩ්වටයිස් ිකරීම සහ” අන්තර්ජාලය හරහා ඔවුන් අලෙවි කිරීම සිදුකරන සංවිධානාත්මක රොමේනියානු අපරාධ කල්ලියක එම ව්‍යාපාරයේ වටිනාකම පවුම් මිලියන 5 ක් පමණ වන බව ද ඔවුන් විසින් හෙළිකරගෙන තිබේ.
මැයි සහ ජූනි මාස දෙක ඇතුළත පමණක් එක්සත් රාජධානිය තුළින් මෙවැනි වහල් සේවාවන් වලට බිලි වූ තරුණ තරුණියන් 111 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. යුරෝපයේ සෙසු රටවලින් ද මෙම කාලය ඇතුළත මෙවැනි අත්අඩංගුවට ගැනීම් 40 ක් වාර්තා වී තිබේ.
මෙම වහල් සේවයේ ගොදුරු බවට පත්වී ඇති අයගෙන් අතිබහුතරය, විදෙස් රටවලින් සංක්‍රමණය වූවන් ය. නැගෙනහිර යුරෝපය, නයිජීරියාව සහ වියට්නාමය ඒ අතරින් ප්‍රධාන වේ. ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව 50-50 ප්‍රතිශතයකින් මෙම පුද්ගලයන් මේ ඉරණමට මුහුණ දී ඇති බව ද එම වාර්තා පෙන්වා දෙයි.
නූතන වහල් සේවය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ද මේ වන විට එංගලන්තය තුළ ක්‍රියාත්මක ය.
-අමාලි ජයවීර
COMMENTS