දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මරාගෙන මැරෙන කතුන් දෙදෙනෙක් තාම නිදැල්ලේ – ආරක්ෂක ඇමති රියල් අද්මිරාල් සරත් වීරසේකර
Homeප්‍රවෘත්ති

මරාගෙන මැරෙන කතුන් දෙදෙනෙක් තාම නිදැල්ලේ – ආරක්ෂක ඇමති රියල් අද්මිරාල් සරත් වීරසේකර

PropellerAds

ස හරාන් හෂීම් යටතේ මරාගෙන මැරෙන පුහුණුව ලැබූ කාන්තාවන් දාහත්දෙනා අතුරින් දෙදෙනෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැතැයි මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති ර...

චීනයේ වූහන් සිට ගෙන්වූ සිසුන්ද 72 නිදහස් දිනය අභිමානයෙන් සමරයි
සිරිසේන-රනිල් නිදහස් උලෙල වර්ජනයේ.. කලකට පසු චන්ද‍්‍රිකා නිදහස් උලෙලට එයි.. සජිත් හා ආර්යාවද එක්වෙයි
නිදහස් දින උත්සවයේ දෙමලෙන් ජාතික ගීයක් නෑ.. සිංහල, දෙමල, මුස්ලිම් සිසුන් එක්ව සිංහලෙන් පමණක් ගයයි
හරාන් හෂීම් යටතේ මරාගෙන මැරෙන පුහුණුව ලැබූ කාන්තාවන් දාහත්දෙනා අතුරින් දෙදෙනෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැතැයි මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර ඊයේ (10 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.

මෙසේ මරාගෙන මැරෙන ප්‍රහාරයන් සඳහා සහරාන් ඉදිරියේ ප්‍රතිඥා (බයියත්) දුන් කාන්තාවන් අතරින් පස්දෙනෙක් මේ වන විට මියගොස් ඇති අතර තිදෙනකුට චෝදනා ගොනු කර බන්ධනාගාරගත කර ඇතැයිද ඇමැතිවරයා කීවේය. තවත් හත්දෙනෙකු අත්අඩංගුවේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටිනවා. ඉතිරි දෙදෙනා අත්අඩංගුවට ගැනීමට ඉදිරියේදී කටයුතු කරනවා යැයිද ඇමැතිවරයා කීය.

එමෙන්ම පාස්කු දින ප්‍රහාරය පිටුපස සිටි ප්‍රධානතම මූලධර්මවාදියා මෙන්ම සහරාන් හෂීම් ප්‍රචණ්ඩකාරීත්වයට යොමු කළ පුද්ගලයකු ලෙස කටාර්හිදී අත්අඩංගුවට ගත් මොහොමඩ් නවුෆර් හඳුනාගෙන ඇතැයි ද ඇමැතිවරයා කියයි.

පාස්කු දින ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ඇමැතිවරයා පැවැසුවේ වසර ගණනාවක් කටාර් රාජ්‍යයේ සිටි මොහොමඩ් ඊබ්‍රාහීම් මොහොමඩ් නවුෆර් නමැත්තා 2016 සිට සහරාන් සමග සමීපව කටයුතු කර ඇති බවයි. අයි එස් නායක අබුබක්කර් අල් බැග්ඩෑඩිගේ මතවාදයට සහරාන් සම්බන්ධ කිරීමට නවුෆර් සැලකිය යුතු කාර්ය භාරයයක් සිදුකර ඇති බවට විමර්ශනවලදී හඳුනාගෙන ඇති බවද හෙතෙම කීවේය.

ප්‍රහාරයට ප්‍රථම සහරාන් ඇතුළු ඝාතකයන් තමන්ගේ නායකයා අබුබක්කර් අල් බැග්ඩෑඩි බවට ප්‍රතිඥාවක් දී මෙම ප්‍රහාරය සිදුකරන්නේ ඉස්ලාම් රාජ්‍යයක් වෙනුවෙන් බවට සපථකර ඇතැයිද ඒ අනුව අන්තවාදී මතවාදයන් සමග පෝෂණය වූ එම ප්‍රහාරකයන් පාස්කු ප්‍රහාරයට දින කිහිපයකට පෙර තමන් මෙම ප්‍රහාරය IS සංවිධානයේ අරමුණ වෙනුවෙන් සිදුකරන බව සපථ කරමින් කොළඹදී වීඩියෝ පටයක් නිකුත් කිරීමට කටයුතු කර ඇතැයිද ඇමැතිවරයා කීවේය.

දැනට අත්අඩංගුවේ සිටින විවිධ තරාතිරමේ පුද්ගලයන් හා ස්වයං ඝාතකයන් අතර දුරකතන සම්බන්ධතා හඳුනාගෙන තිබෙන අතර ඔවුන් වයිබර් වට්ස්ඇප් වැනි මෘදුකාංග මගින් සබඳතා පවත්වා ඇත.

බොහෝ මද්‍රසා පාසල්වල නිසි ක්‍රමවේදයක් නොමැති බවද ලංකාවේ උපදින සියලු දරුවන්ට අවුරුදු 05 සිට 16 දක්වා රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තියට අනුව අධ්‍යාපනය ලබා දිය යුතු බවද තමන් අවධාරණය කරන බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව කටයුතු නොකරන සියලුම පාසල් තහනම් කිරීමට අප කටයුතු කරනවා. අනෙකුත් මද්‍රසා පාසල් නියාමනය කිරීමට කටයුතු කරනවා. ඒ වගේම ජාතික ආරක්ෂාවට වර්තමානයේදී සහ ඉදිරියේදී විය හැකි තර්ජන හඳුනාගෙන ඒවා වැළැක්වීමටත් බුර්කාව පැලඳීම තහනම් කිරීමටත් කඩිනමින් කටයුතු කරනවායැයි ඇමැතිවරයා පැවැසුවේය.

අල්වලාවල්බරා න්‍යාය හෙවත් මුස්ලිම්වරුන්ට පක්ෂපාතී වීම සහ මුස්ලිම් නොවන අයට දේශන කිරීමට පොලඹවන වහාබ් ආයතන තහනම් කරන බවද සරත් වීරසේකර ඇමැතිවරයා කීවේය.

පාස්කු ප‍්‍රහාරය සහ ඉන්පසුව ඇති වී තිබෙන තත්ත්වය පිළිබදව ඇමති සරත් වීරසේකර සිදු කළ සම්පූර්ණ ප‍්‍රකාශය පහතින් දැක්වේ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මරාගෙන මැරෙන කතුන් දෙදෙනෙක් තාම නිදැල්ලේ – ආරක්ෂක ඇමති රියල් අද්මිරාල් සරත් වීරසේකර
මරාගෙන මැරෙන කතුන් දෙදෙනෙක් තාම නිදැල්ලේ – ආරක්ෂක ඇමති රියල් අද්මිරාල් සරත් වීරසේකර
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgco6GtzMmVW-wIOU3wj5MHmuOaC7yYfP64QFAz4lFgQ8FsGBtVSMhOOMpd68TxpTP2BsFMVQRL12PabV-GUGXN25kRSyZ_wIo9xA09q3YVA53Rha-aU2K7QqGYTx766XNl4B10KiuV-F8/s320/sarath.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgco6GtzMmVW-wIOU3wj5MHmuOaC7yYfP64QFAz4lFgQ8FsGBtVSMhOOMpd68TxpTP2BsFMVQRL12PabV-GUGXN25kRSyZ_wIo9xA09q3YVA53Rha-aU2K7QqGYTx766XNl4B10KiuV-F8/s72-c/sarath.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/03/blog-post_336.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/03/blog-post_336.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy