අ ධිකරණය වෙත හෝ කිසියම් අවශ්‍යතාවක් සඳහා වෙනයම් ස්ථානයකට හෝ රැගෙන යන රැඳවූවන් බන්ධනාගාර නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ආවේගශීලීව හැසිරෙ...
අධිකරණය වෙත හෝ කිසියම් අවශ්‍යතාවක් සඳහා වෙනයම් ස්ථානයකට හෝ රැගෙන යන රැඳවූවන් බන්ධනාගාර නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ආවේගශීලීව හැසිරෙන්නේ නම් හෝ මාධ්‍ය වෙත ප්‍රකාශ ලබාදෙන්නේ නම්, එම රැඳවූවන්ට එරෙහිව බන්ධනාගාර ආඥා පනතේ සඳහන් විධි විධානවලට අනුව විනය පියවර ගැනීමට එම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ ආකාරයෙන් හැසිරීම බන්ධනාගාර නීති රීති අනුව වරදක් බව එම රැඳවූවන්ට බන්ධනාගාරගත වන අවස්ථාවන්හිදී උපදෙස් ලබාදී ඇතත් එම උපදෙස් නොතකමින් ඇතැම් රැඳවූවන් කටයුතු කිරීම සැලකිල්ලට ගනිමින් එම දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගෙන් ‘මව්බිම’ පුවත්පත කර ඇති විමසීමකදී කියා ඇත්තේ, ඇතැම් රැඳවූවන් එසේ හැසිරීම පුරුද්දක් කර ගෙන ඇති බවත් එය නීති විරෝධී ක්‍රියාවක් බවත්ය.
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට යොමු කර තිබූ පැමිණිල්ලකට අදාළ ප්‍රකාශයක් ලබාදීම සඳහා පෙරේදා (9දා) බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ රැගෙන ගිය, සිවු වසරක සිර දඬුවමක් විඳිමින් සිටින රැඳවූවකු වන රන්ජන් රාමනායක මහතාද ඒ ආකාරයෙන් හැසිරුණු අයුරු දක්නට ලැබුණු බවද ඒ මහතා පැවැසීය.
මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ, ඔහු රැගෙන ගිය ආරක්ෂක නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබාගෙන රාමනායක මහතාට එරෙහිව බන්ධනාගාර නීතිරීතිවලට අනුව කටයුතු කිරීමට පියවර ගන්නා බවය.

COMMENTS