කීර්තිමත් අධිකරණ විනිසුරුවරයෙකු වූ සී.ජී විරමන්ත්‍රී මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අද (06) පස්වරු 04.15ට පමණ වීරමන්ත්‍රී මහතා අභාවප්‍රාප්ත...
කීර්තිමත් අධිකරණ විනිසුරුවරයෙකු වූ සී.ජී විරමන්ත්‍රී මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
අද (06) පස්වරු 04.15ට පමණ වීරමන්ත්‍රී මහතා අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා අභිමාන්‍යය, දේශමාන්‍යය යනාදී ගෞරවනාම ලැබූ වීරමන්ත්‍රී මහතා මියයන විට 90 වැනි වියේ පසුවිය.
කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ ඒ මහතා 1948 වසරේදී නීතිඥවරයෙකු ලෙස කටයුතු කිරීම ආරම්භ කර තිබේ.
සී.ජී විරමන්ත්‍රී මහතා මෙරට සහ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල රැසකින් ප්‍රාමාණික දැනුමක් ලබා ඇති අයෙකු වෙයි.
1967 වසරේ සිට 1972 වසර දක්වා කාලය තුළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ සී.ජී වීරමන්ත්‍රී මහතා අන්තර් ජාතික යුක්ති අධිකරණයේ විනිසුරුවරයෙකු සහ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කර තිබේ.
දේහය බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම් දෙන බවයි පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේය.
COMMENTS