උතුරු මැද පළාත් සභාවේ සභාපතිවරයාට එරෙහිව අද(18) විවාදයට ගැනීමට නියමිතව තිබූ විශ්වාසභංග යෝජනාව ගැන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර ඇතිවූ ගැටුම...
උතුරු මැද පළාත් සභාවේ සභාපතිවරයාට එරෙහිව අද(18) විවාදයට ගැනීමට නියමිතව තිබූ විශ්වාසභංග යෝජනාව ගැන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් පළාත් සභා සෙංකෝලය දෙකඩ විය.
ඒ අනුව පළාත් සභාවේ කටයුතු පවත්වාගෙන යාමට නොහැකිවීම නිසා අද පස්වරු 2 දක්වා සභාව කල් තැබිණි.
විශ්වාසභංගයට ලක්ව ඇති සභාපති ටී.එම්.ආර්.සිරිපාල මහතා අද පළාත් සභා සැසිවාරයේ දී මුලසුන දැරීම ගැන විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීමත් සමග මෙම ගැටුම ඇතිවිය.
COMMENTS