පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත්ව තිබී පසුව වෙනත් පුද්ගලයෙකු විසින් මිලදී ගත් බව කියන සුපිරි රථයක් මුදාහැරීම සඳහා සති 3ක් ඇත...
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත්ව තිබී පසුව වෙනත් පුද්ගලයෙකු විසින් මිලදී ගත් බව කියන සුපිරි රථයක් මුදාහැරීම සඳහා සති 3ක් ඇතුළත මූලික කටයුතු සිදුකරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.
නාමල් රාජපක්ෂ මහතාට අයත්ව තිබී පසුව වෙනත් පුද්ගලයෙකු විසින් මිලදී ගනු ලැබූ මෙම සුපිරි මෝටර් රථය කඩුවෙල ප්‍රදේශයේ ගරාජයක තිබී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් සොයාගැනීමෙන් පසුව ඊට එරෙහිව නඩු පවරා තිබුණි.
අද දිනයේ විත්තියේ නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත විසින් අධිකරණයට කරුණු දක්වමින් ඉල්ලා ඇත්තේ මෙම මෝටර් රථය අව් වැසිවලට නිරාවරණයවී එක්තැනක දිරාපත්වෙමින් පවතින නිසා එය මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බැවින් එය මුදාහැරීමට විරෝධය දක්වන බව පැමිණිල්ලේ නීතිඥයින් එහිදී පවසා තිබේ.
කෙසේ වුවත් මේ දක්වා සිදුකරන ලද පරීක්ෂණවලට අදාළව හෝ මෝටර් රථයට නඩු පවරා ඇතිවා මිස වෙනත් කිසිවෙකු හෝ සැකකරුවෙකු ලෙස නම්කර නොමැති තත්ත්වයක් තුළ මෝටර් රථය පවා දිරාපත්වෙමින් පැවතීම කනගාටුවට කරුණක් බැව් විත්තියේ නීතිඥවරයා පෙන්වාදී තිබේ.
මේ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කඩුවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසින් මෙම මෝටර් රථය මුදාහැරීම සඳහා මූලික කටයුතු සති 3ක් ඇතුළත සිදුකරන ලෙස නියෝග කළ අතර අදාළ නඩුව යළි එළඹෙන 31 වන දිනට කැඳවීමට තීරණය කර තිබේ.
COMMENTS