ශ්‍රී ලංකා රාජ්‍ය ඡායාරූප උළෙල සංවිධානය කරනු ලබන්නේ රාජ්‍ය ඡායාරූප උපදේශක මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ අභ්‍යන්තර කටයුතු, ව...
ශ්‍රී ලංකා රාජ්‍ය ඡායාරූප උළෙල සංවිධානය කරනු ලබන්නේ රාජ්‍ය ඡායාරූප උපදේශක මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසිනි.
රුක්මාල් විසින් සම්මානය දිනා ගත්තේ හම්බන්තොටදී පැවති උද්ඝෝෂණයක් විසුරුවා හැරීම සඳහා පොලිසිය අධිපීඩන ජල ප්‍රහාර එල්ල කිරීමේදී ඊට ම හසු වූ පොලිස් නිලධාරියෙකු වීසිවි ගොස් ඇද වැටෙන ආකාරය දක්වන ඡායාරූපයක් සඳහාය. මෙම ඡායාරූපය පසුගිය දිනවලදී පුවත්පත් සහ සමාජ මාධ්‍ය වෙබ් අඩවි තුළ මහත් සේ ජනප්‍රිය වී තිබිණි.
මෙම අංශයේ දෙවන ස්ථානය ක්ලිෆර්ඩ් ජේම්ස් මරේ විසින් ද තෙවන ස්ථානය අනුර ප්‍රදීප් දඹරගේ විසින් ද දිනාගෙන තිබිණි. එසේම රුක්මාල්ගේ ම තවත් ඡායාරූපයකට කුසලතා සහතිකයක් ද හිමිව තිබිණි.
COMMENTS