රටේ ජනතාව නොමග යවමින් ක්‍රියාකරන ආණ්ඩුව කෙරෙහි ජනතාව සිටින්නේ දැඩි පිළිකුළෙන් වන බවත් යම් අයුරකින් මැතිවරණය පවත්වන්නේ නම් ආණ්ඩුව කෙරෙහි ජ...
රටේ ජනතාව නොමග යවමින් ක්‍රියාකරන ආණ්ඩුව කෙරෙහි ජනතාව සිටින්නේ දැඩි පිළිකුළෙන් වන බවත් යම් අයුරකින් මැතිවරණය පවත්වන්නේ නම් ආණ්ඩුව කෙරෙහි ජනතාව දරා සිටින මතය ඉතා පැහැදිලි ලෙස දැකිය හැකි යැයි ඒ මහතා කීවේය.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් යන මහත්වරු අද (01) මහනුවර දී මල්වතු හා අස්ගිරි මහා නායක හිමියන් බැහැ දැක මේ බව කීවේය.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගත් එම පිරිස මල්වතු මහා විහාරයේදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් සහ අස්ගිරි මහා විහාරයේදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරත්න හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
මහා නායක හිමියන් හමුවේ අදහස් පළ කළ එම පිරිස මේ වන විට මැතිවරණය දිගින් දිගටම ප්‍රමාද කිරීම හේතුවෙන් ජනතාවගේ අයිතීන් උල්ලංඝනය වී ඇතැයි කීවේය.
පළාත් සභා මැතිවරණය ඇතුලුව පැවැත්විය යුතු මැතිවරණ නියමිත දිනට නොපැවැත්වීම හේතුවෙන් ජනතාව මහත් පීඩනයට පත්ව ඇතැයි කී ඒකාබද්ධ විපක්ෂයේ තරුණ මන්ත්‍රී කණ්ඩායම මෙසේ කීවේය.
මේ වන විට ආණ්ඩුව පළාත් සභා හා පළාත් පාලන ඡන්ද කල් දැමීමට සැලසුම් සකස් කරනවා. ඒ සදහා විවිධ පාර්ලිමේන්තු අනුමැති ලබා ගැනීමටත් කටයුතු කරනවා. නමුත් ඉන් අසාධාරණ සිදුවන්නේ මහජනතාවටයි. රජය දින ලබා දෙන්නේ නම් මැතිවරණ පැවැත්වීමට සූදානම් කියා මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කොට තිබෙනවා. නමුත් ඒ සදහා මේ දක්වා අවස්ථාව ලැබී නැහැ.
එමෙන්ම මේ වන විට දිගු නියගය හේතුවෙන් උතුරුමැද, නැගෙනහිර ඇතුලු පළාත් ගණනාවක ජනතාව මහත් පීඩනයට පත්ව සිටිනවා. ඔවුන්ට සහන සැලසීමේ වැඩපිළිවෙලක් රජය සම්පාදනය කර නොමැති බව එම තරුණ කණ්ඩායම මහා නායක හිමිපාණන් වහන්සේ හමුවේ සදහන් කළහ.
අනතුරුව එම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අස්ගිරි පාර්ශවයේ අනුනායක පුජ්‍ය වේඩරුවේ උපාලි හිමියන් ද බැහැ දැක කරුණ පැහැදිලි කළේය.
නුවර නදීක දයා බණ්ඩාර
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=QYfOvPDVwcE&feature=youtu.be[/youtube]
COMMENTS