මෙම ගැටලුව නිරාකරණය කරගන්නා තුරු කරුණානායක මහතා ඇමතිධූරයෙන් ඉවත්ව සිටිය යුතු බව මෙම පිරිසගේ අදහස වී ඇති අතර ඔහු ඇමතිධූරයෙන් ඉවත් කර පක්ෂය...
මෙම ගැටලුව නිරාකරණය කරගන්නා තුරු කරුණානායක මහතා ඇමතිධූරයෙන් ඉවත්ව සිටිය යුතු බව මෙම පිරිසගේ අදහස වී ඇති අතර ඔහු ඇමතිධූරයෙන් ඉවත් කර පක්ෂයේ පිරිසිදුභාවය තහවුරු කළයුතු බව එජාප නායකයාට යෝජනා කිරීමට මෙම ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් පිරිස බලාපොරොත්තුවෙන් සිටී.
මේ අතර අද පෙරවරුවේ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් විදේශ කටයුතු ඇමතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුව වෙත භාරදී තිබේ. ඒ සඳහා දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන ඇතුළු ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් 32 ක් අත්සන් තබා ඇති බව වාර්තා වේ.
මීට පෙර රවී කරුණානායක මහතා මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ඔහුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් වූ අතර එය පරාජයට පත්කිරීමට අණ්ඩු පක්ෂය සමත් විය.
COMMENTS