සමාගම් දෙකක් විසින් ගෙනයනු ලබන තිරිඟු පිටි ඒකාධිකාරිය බිඳ දැමීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මා...
සමාගම් දෙකක් විසින් ගෙනයනු ලබන තිරිඟු පිටි ඒකාධිකාරිය බිඳ දැමීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ලෝක වෙළඳ පලේද තිරිඟු පිටි මිල පහල බැස තිබුණද දේශීය වෙළඳ පොළ තුළ තිරිඟු පිටි මිල පහල නොයාම හේතුවෙන් ජනපතිවරයා මේ තීරණය ගැනීමට අදහස් කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව තිරිඟු පිටි ආනයනයට දැනට බලපත්‍ර ලබාදී ඇති සමාගම් දෙකට අමතරව තවත් සමාගම් කිහිපයකට ආනයන බලපත්‍ර ලබාදෙන ලෙස ජනාධිපතිවරයා විශයභාර අමාත්‍යවරයාට දැනුම් දී ඇති බවද පැවසේ.
ජනාධිපතිවරයා විසින් විශයභාර අමාත්‍යවරයාට අවස්ථා දෙකකදී මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදී ඇතත් ඒ සමන්ධයෙන් ඔහු කිසිදු උණන්දුවක් නොදැක්වීම සම්බන්ධයෙන්ද සිරිසේන මහතා කනස්සල්ලෙන් සිටින බව අදාළ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ප්‍රීමා හා සෙරන්ඩිබ් යන සමාගම් දැනට තිරිඟු පිටි ආනයනය සිදුකරනු ලබයි.
COMMENTS