දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපති මෛත්‍රී 'චිචී'ව අගයයි.
Homeප්‍රවෘත්ති

ජනපති මෛත්‍රී 'චිචී'ව අගයයි.

PropellerAds

"රාජපක්ෂ පවුලෙන් දේශපාලනයට ගේන්න ඕනෙ කෙනාව මෙච්චර කල් හංගාගෙන නෙ ඉඳලා තියෙන්නේ" යනුවෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ රෝහිත ...

අලුත් ජනාධිපති කෙනෙක් පත්කරගෙන සිදුව ඇත්තේ කුණුහරුප හඬපට අහන්නයි.. ආහාර පනත උල්ලංඝනය කරලා
ගංජා සුරුට්ටුවක් එක්ක බීමතින් සුපිරි ජීප් රථයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීගේ පුතා පොලිස් අත්අඩංගුවට !
ගානියා සමඟ සබදතා පැවැත්වූ අය ගැන තොරතුරු හෙළිවෙයි - ලොකු ලොක්කොත් ඒ අතර...

"රාජපක්ෂ පවුලෙන් දේශපාලනයට ගේන්න ඕනෙ කෙනාව මෙච්චර කල් හංගාගෙන නෙ ඉඳලා තියෙන්නේ" යනුවෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ රෝහිත රාජපක්ෂ ගැන ප්‍රකාශ කර තිබේ. ජනපතිවරයා මෙසේ ප්‍රකාශ කර ඇත්තේ රෝහිත රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශයට ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව පිටතට පැමිණ මාධ්‍ය වෙත අදහස් පළ කළ වීඩියෝව නරඹමිනි.  

සුප්‍රීම් සැට් චන්ද්‍රිකා ව්‍යාපෘතිය පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා රෝහිත රාජපක්ෂව පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශය වෙත කැඳවා තිබිණි. තම ප්‍රකාශය ලබා දීමෙන් පසුව පිටතට පැමිණි රෝහිත රැස්ව සිටි මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ තමන් සුහදව ප්‍රකාශය ලබා දුන් බවත් එම වැඩසටහනේ තමන් දැරූ තනතුරු පිළිබඳව FCIDය වෙත කරුණු ඉදිරිපත් කළ බවත්ය. ඔහු එසේ සන්සුන්ව මාධ්‍ය වෙත කතා කරන වීඩියෝව නැරඹූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා "මේ කොල්ලා අනිත් හාදයෝ දෙන්නාට වැඩිය හොඳයි. මොළේ පාවිච්චි කරලා වැඩක් කරනවා. බලන්න මෙතන බැලන්ස් කරලා සුහදව කතා කරන විදිහ. රාජපක්ෂ පවුලෙන් දේශපාලනයට ගේන්න ඕනෙ කෙනාව මෙච්චර කල් හංගාගෙන නෙ ඉඳලා තියෙන්නේ" යනුවෙන් පවසා ඇත. 

බුද්ධි අංශ වාර්තා අනුව ද කියවෙන්නේ රෝහිත රාජපක්ෂගේ හැසිරීම එක්සත් ජාතික පක්ෂයෙහි ප්‍රබලයින්ගේ පවා පැසසුමට ලක් වී ඇති බවය. එසේම FCID අභ්‍යන්තර අරංචි මාර්ග සඳහන් කරන්නේද මෙතෙක් පැවති පරීක්ෂණ වලදී නාමල් සහ යෝෂිත අනාගෙන ඇතත් රෝහිත ජාම බේරාගෙන ඇති බවය. 

මීට මාස කිහිපයකට ඉහත දී ශිරන්ති රාජපක්ෂ සාත්තර බැලීම සඳහා මුල්ලේරියාවේ 'මෑණි' කෙනෙකු වෙත ගිය ගමනක් අනුව ද සාත්තරයෙන් හොඳක් කියවී තිබුණේ රෝහිත ගැන පමණි. සාත්තර මෑණියෝ ශිරන්තිට පවසා තිබුණේ "ලොකු එක්කෙනා ගැන නම් කියලා වැඩක් නැහැ. මිනිහා යාපනේ යනවා කිව්වොත් යන්නේ මොණරාගල. මද්දුමයා නම් ඉන්නේ වැලිකඩ දොරකඩ. කවදාහරි පවුලට ගොඩයෑමක් තියෙනවා නම් තියෙන්නේ මේ පොඩි දරුවාගෙන් තමයි" කියාය. සාත්තරයේ කියූ ලෙසම මාස කිහිපයකින් යෝෂිතට බන්ධනාගාරගත වන්නට ද සිදු වී තිබිණි. 

කෙසේවෙතත් පවුලට ගොඩයෑමක් වෙතොත් ඒ රෝහිතගෙන් බව කියන්නට සාත්තර වුවමනා නැත. රාජපක්ෂ පවුලේ ඉතිරි හතර දෙනාගේම කෙරුවාවල් අනුව ඔවුන්ට නුදුරේදීම සිදුවනු ඇත්තේ එක්කෝ ප්‍රජා අයිතිය අහිමි කරගැනීමටය. නැතිනම් බන්ධනාගාර ගත වීමටය. අනාගතයේ එන ජනාධිපතිවරයකු සමඟ හෝ සුහදව ගනුදෙනුවක් කතාබහ කරගෙන පවුලේ අයව 'එළියට ගන්නට'වත් ඉන්නවා නම් ඉන්නවා ඇත්තේ 'චිචී' විතරය.

(LNW)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපති මෛත්‍රී 'චිචී'ව අගයයි.
ජනපති මෛත්‍රී 'චිචී'ව අගයයි.
http://ift.tt/2vFepc6
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_408.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_408.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy