ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති 3වැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉන්දියාව ඉනිමක සහ ලකුණු 171ක ජයක් වාර්තා කළේය. ඒ, අනුව තරග 3කින...
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති 3වැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉන්දියාව ඉනිමක සහ ලකුණු 171ක ජයක් වාර්තා කළේය.
ඒ, අනුව තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 3ට 0ක ජයක් ඉන්දියාවට හිමිවිය.
ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ දුර්වල පන්දු රැකීම, දුර්වල පන්දු යැවීම සහ දුර්වල පිතිකරණය මෙම තරගාවලිය අන්ත පරාජයකට ලක්වීමට ප්‍රධානතම හේතු සාධකය විය.
මහනුවර, පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවති අවසන් ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව ලකුණු 487ක් ලබා ගැනීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට සිය පළමු ඉනිමට ලබා ගත හැකි වූයේ ලකුණු 137කි.
ඒ අනුව ඉන්දීය කණ්ඩායමේ ආරාධනයෙන් යළි සිය දෙවනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට ලබා ගත හැකි වූයේ ලකුණු 181ක් පමණි.
තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේදී ඉන්දියාවට ලකුණු 304ක ජයක් හිමිවිය.
දෙවන ටෙස්ට් තරගයේදී ඉන්දියාවට ඉනිමක හා ලකුණු 53ක ජයක් හිමිවිය.
COMMENTS