ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ සම්මුතිවාදී ආණ්‌ඩුවක් පවත්වාගෙන යනවා වෙනුවට ක්‍රියාකාරී එක්‌සත් ජාතික පෙරමුණු තනි ආණ්‌ඩුවක අවශ්‍යතාව මේ වන ...
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ සම්මුතිවාදී ආණ්‌ඩුවක් පවත්වාගෙන යනවා වෙනුවට ක්‍රියාකාරී එක්‌සත් ජාතික පෙරමුණු තනි ආණ්‌ඩුවක අවශ්‍යතාව මේ වන විට මතුව ඇතැයි එජාප ජ්‍යෙෂ්ඨයෝ අගමැතිවරයා වෙත යෝජනා කර ඇත.
පසුගිය මහ මැතිවරණයෙන් ජනවරම ලැබුණේ ශ්‍රීලනිපයට නොව එක්‌සත් ජාතික පෙරමුණට බවත් එබැවින් ආසන 106 ක් වන පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි එක්‌සත් ජාතික පෙරමුණ තනිව ආණ්‌ඩුවක් පිහිටුවිය යුතු බවත් ඔවුන්ගේ මතය වී තිබේ.
එවැනි ආකාරයට එක්‌සත් ජාතික පෙරමුණු තනි ආණ්‌ඩුවක් පිහිටුවා ගතහොත් වඩා කාර්යක්‍ෂම ලෙස ආණ්‌ඩු පාලනය ගෙන යැමට හැකි වනු ඇතැයිද එම ජ්‍යෙෂ්ඨයන්ගේ අදහස වී ඇත.
පසුගිය රාජපක්‍ෂ රජයේ බරපතළ චෝදනාවන්ට ලක් වූවන් වත්මන් යහපාලන රජය ද නියෝජනය කරන බැවින් වර්තමානයේදී ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයක් මතුව ඇතැයිද ඔවුහු වැඩිදුරටත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පෙන්වාදී ඇතැයි එජාප ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙකු කීය.
(ඉරිදා දිවයින)
COMMENTS