දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තවම පරීක්ෂණ ඉවරත් නෑ.. වාර්තා ලැබිලත් නෑ... ෂාෆ්ටර් මැරෙන හැටි ප්‍රැක්ටිස් කරන්න කනත්තට ගිහිල්ලත් නෑ... සියදිවි නසා ගැනීමක් කියලා අපි උසාවියට කිව්වෙත් නෑ... පොලිසියෙන් විශේෂ ප්‍රකාශයක්!
Homeප්‍රවෘත්ති

තවම පරීක්ෂණ ඉවරත් නෑ.. වාර්තා ලැබිලත් නෑ... ෂාෆ්ටර් මැරෙන හැටි ප්‍රැක්ටිස් කරන්න කනත්තට ගිහිල්ලත් නෑ... සියදිවි නසා ගැනීමක් කියලා අපි උසාවියට කිව්වෙත් නෑ... පොලිසියෙන් විශේෂ ප්‍රකාශයක්!

PropellerAds

එතකොට ෂාෆ්ටර් මරණය සිය සිවි නසාගැනීමක් කියලා වහන්න හදන ප්‍රබලයෝ කව්ද?   ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයකු වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ අ...

මියගිය මංගලට පිං පිණිස ඇමැති අමරවීරගෙන් කොළඹ වීදි වැසියන්ට කෑම පාර්සල්!
පැරා ඔලිම්පික් තරගාවලියේදී ලෝක වාර්තාවක් සමග ශ්‍රී ලංකාවට රන් පදක්කමක්!
(EXCLUSIVE) ශ්‍රීලනිපය වැඩ අරඹයි - පැරණි සන්ධාන දෙකක් යළි සක්‍රීය කරයි
එතකොට ෂාෆ්ටර් මරණය සිය සිවි නසාගැනීමක් කියලා වහන්න හදන ප්‍රබලයෝ කව්ද?
 
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයකු වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ අබිරහස් ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් එම ඝාතනය සම්බන්ධයෙන් නිශ්චිත තහවුරු කර ගැනීමක් සිදු කර නැත. 
මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර ඇති නඩු භාණ්ඩ 14ක් සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා පවා ලැබී නැති බව මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් තාමත් නිශ්චිත තහවුරු කර ගැනීමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කර නොමැති බවත් අධිකරණයට පවා ඒ ගැන කිසිවක් වාර්තා කර නොමැති බව තමාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබෙන බවත් නිහාල් තල්දූව මහතා කීය.

“අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය තුළ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් සාක්ෂි විභාගයේ පරීක්ෂණය පසුගිය සතියේ සිදු වුණා. ඒ වෙලාවේ ෂාෆ්ටර් මහතාගේ පවුලේ අය තමයි ඉල්ලීමක් කළේ මාධ්‍යයට මෙය නිරාවරණය කරන්න එපා කියල. ඒ නිසයි මාධ්‍ය නොමැතිව මෙම විභාගය සිදු කළේ. එහිදී දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ බිරිඳගෙන් සහ ඔහුව සුසාන භූමියේ සිට රෝහල වෙත රැගෙන ගිය ක්‍රිෂ් පෙරේරා යන අයගෙන් පමණයි සාක්ෂි සටහන් කර ගත්තේ. සුසාන භුමියේ සේවකයින් දෙදෙනෙකුගෙන් ඇතුළු තවත් විශාල පිරිසකගෙන් සාක්ෂි විභාග කරන්න තියෙනවා. රස පරීක්ෂණ වාර්තා ලැබෙන්න තියෙනවා. සුසාන භූමියේ සේවකයෙක් කියනවා මෝටර් රථය අසල ඉඳන් කෙනෙක් ගියා කියල. එයාව ඔහුට හඳුනා ගන්න පුළුවන් කියලත් කියනවා. එහෙම තියෙන කොට කොහොමද අපි නිශ්චිත වශයෙන්ම මේක සියදිවි නසා ගැනීමක් කියල කියන්නෙ. අපි අධිකරණයට එහෙම දෙයක් කියන්න ගියේ නැහැ. අනික අපිට එහෙම කියන්නත් බැහැ.” යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් මේ ගැන කළ විමසුමකදී සඳහන් කරනු ලැබුවේය.

දිනේෂ් ෂාෆ්ටර් මහතා පෙර අවස්ථාවකදී සුසාන භූමියට ගොස් සියදිවි හානි කර ගැනීමට පුහුණු වෙලා ඇතැයි සිය විමර්ශනවලින් මෙතෙක් අනාවරණය වීමක් සිදුව නොමැති බවද එම නිලධාරියා කීය. අඩුම තරමින් ඔහුගේ ඝාතනය සිදු වූ ආකාරය ගැන සාක්ෂියක් නොමැතිව සිටියදී ඔහු පෙර අවස්ථාවක එහි පැමිණ සියදිවි හානි කර ගැනීමට පුහුණුව ලැබුවේ යැයි කියන්නට කිසිදු සාක්ෂියක් මෙතෙක් සිය විමර්ශනවලින් ලැබී නැති බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

සතිඅන්ත අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය

‘ෂාෆ්ටර් මරණය දිවි නසා ගැනීමක්! සීඅයිඩිය තහවුරු කරයි!
තිස්ස රවීන්ද්‍ර පෙරේරා


ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කරගෙන ඇත.

දිනේෂ් ෂාෆ්ටර් සියදිවි නසා ගැනීමට දින පහකට පෙර එනම් දෙසැම්බර් 10 වැනිදාත් බොරැල්ල පොදු සුසාන භූමියේ සිද්ධිය වූ ස්ථානයට පැමිණ පෙර අත්හදා බැලීමක් කර ඇති බවද මෙතෙක් කරන ලද විමර්ශනවලින් සනාථ වී තිබේ.

මේ බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ මාධ්‍යයට විවෘත නොවූ මහෙස්ත්‍රාත් පරීක්ෂණ සාක්ෂි විභාගයේ දී පවුලේ අයටද දැනුම් දී තිබේ. දිනේෂ් ෂාෆ්ටර් ඉකුත් දෙසැම්බර් 15 වැනිදා මෝටර් රථය තුළ ගෙල සහ දෙඅත් සිරවන ලෙස ගැටගසා තිබියදී බොරැල්ල කනත්තේ සේවකයකු හට හමු වී ජාතික රෝහලට ඇතුළත් කර පැය පහකට පසුව මරණයට පත්විය. ඔහුගේ වාහනය නවතා තිබුණේ බොරැල්ල පොදු සුසාන භූමියේ ‘අනාථ පැත්ත’ ලෙස හඳුන්වන ප්‍රදේශයේය.

ඔහුගේ ගෙල සිරවී තිබූ ඇන්ටනා කේබලයේ හා අත් සිරකර තිබූ ටයි කේබල් ඔහුට අයත් නිවසේත් තිබී රස පරීක්ෂක නිලධාරීන්ට හමු වූ අතර එය ඔහු මිලදී ගෙන තිබුණේ නිවසේ සේවකයකු මාර්ගයෙනි. ෂාෆ්ටර් දෑත්වලට කේබල් ටයි දමාගෙන රියැදුරු අසුන උපයෝගී කරගෙන ඇන්ටනා වයරයෙන් ගෙල සිරකරගෙන ඇති බවත්, එකවර අවසන් හුස්ම නොගියේ ඔහු විසින්ම ගෙල සිරකරගත් නිසා බවත් හෙළි වී ඇත.

සියදිවි නසා ගැනීමට පෙර ඔහුගේ හැසිරීම් රැසක් සාක්ෂි සහිතව විමර්ශකයන් දැනටමත් සොයාගෙන ඇතැයි විමර්ශන ප්‍රධානියකු අනාවරණය කළේය. ව්‍යාපාර කටයුතු නිසා ණය බර වැඩිවීමෙන් මානසික ආතතියෙන් (Depression) මොහු වෛද්‍ය ප්‍රතිකාර පවා ලබාගත් බව ප්‍රතිකාර කළ වෛද්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සාක්ෂි ලබා දී තිබේ.

මෙම සාක්ෂිවලට අමතරව භෞතික හා විද්‍යාත්මක සාක්ෂිද විමර්ශන සඳහා පදනම් කරගත් අතර මෙම අබිරහස් මරණය සම්බන්ධව ෂාෆ්ටර්ගේ බිරිය, නැන්දණිය ඇතුළු 84 දෙනකුගෙන් ප්‍රකාශ ලබාගත් අතර සී.සී.ටී.වී. කැමරා දර්ශන හතළිහකින් ෂාෆ්ටර්ගේ සියලු ගමන් මාර්ග පරීක්ෂා කර තිබිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහගේ උපදෙස් මත මනුෂ්‍ය ඝාතන හා සංවිධාන්තමක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත යටතේ විමර්ශන ක්‍රියාත්මකය.

-mawrata


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තවම පරීක්ෂණ ඉවරත් නෑ.. වාර්තා ලැබිලත් නෑ... ෂාෆ්ටර් මැරෙන හැටි ප්‍රැක්ටිස් කරන්න කනත්තට ගිහිල්ලත් නෑ... සියදිවි නසා ගැනීමක් කියලා අපි උසාවියට කිව්වෙත් නෑ... පොලිසියෙන් විශේෂ ප්‍රකාශයක්!
තවම පරීක්ෂණ ඉවරත් නෑ.. වාර්තා ලැබිලත් නෑ... ෂාෆ්ටර් මැරෙන හැටි ප්‍රැක්ටිස් කරන්න කනත්තට ගිහිල්ලත් නෑ... සියදිවි නසා ගැනීමක් කියලා අපි උසාවියට කිව්වෙත් නෑ... පොලිසියෙන් විශේෂ ප්‍රකාශයක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh1Q4-C-CovQ_Hu3q9thAWoHdos-D6Zl4VptBgTTgp9YWAUyzGEaNOtwSwezGmXFwR2Fq6UYHUDfqK1ofvVqbVRzpJDp7ZbHHklUOShwKE4gy8bqwA4YnqLQARZtoQnBZeZv9m8ZdrWqZy-59f7MTcatFAl7IaPXxoogaWQJIlS6pvOGKDG71ySQg/s320/shafter.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh1Q4-C-CovQ_Hu3q9thAWoHdos-D6Zl4VptBgTTgp9YWAUyzGEaNOtwSwezGmXFwR2Fq6UYHUDfqK1ofvVqbVRzpJDp7ZbHHklUOShwKE4gy8bqwA4YnqLQARZtoQnBZeZv9m8ZdrWqZy-59f7MTcatFAl7IaPXxoogaWQJIlS6pvOGKDG71ySQg/s72-c/shafter.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/01/blog-post_92.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/01/blog-post_92.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy