අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ වව්නියාවේ පැවති උත්සව අවස්ථාවකට සහභාගී වෙමිනි. එහිදී අමාත්‍ය වරයා වැඩි දුරටත් කියා සිටියේ, ‘අවසන් වරට ප...
අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ වව්නියාවේ පැවති උත්සව අවස්ථාවකට සහභාගී වෙමිනි.
එහිදී අමාත්‍ය වරයා වැඩි දුරටත් කියා සිටියේ,
‘අවසන් වරට පැවති ජීවන වියදම් කමිටුවේදී මලික් සමරවික්‍රම ඇමති වරයාගේ ප්‍රධානත්වයෙන් යුතු අමාත්‍යවරුන් අට දෙනෙකුගේ සහභාගීත්වයෙන් ආනයනික සහල් වෙනුවෙන් මෙතෙක් පැනවූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට පියවර ගත්තා ඒ වගේම දැන් ඕනෑම කෙනෙකුට හෝ පිරිසකට සහල් ආනයනය කරන්න පුලුවන්' මෙහිදී අපි බලාපොරොත්තු වෙන්නේ ආනයනික සහල් මීට පෙරදී පැවති උපරිම සිල්ලර මිලටත් වඩා අඩු මිලකට පාරිභෝගික ජනතාවට ලබා දීමට අවස්ථාව උදා වෙයි කියලා.
ඒ වගේම තමයි මේ වන විට සීනි වෙනුවෙන් රුපියල් අටක බද්දකින් වැඩි කිරීමට ජීවන වියදම් කමිටුව තීරණය කරලා තියනවා ඒක ලෝක වෙළඳ පොලේ පවතින මිල ගනන් වලට අනුව තමයි වැඩි කරන්න අපි සියලු දෙනා එක්ව තීරණය කලේ නමුත් සීනි සඳහා රුපියල් 8 ක බද්දක් වැඩි වුනාට පාරිභෝගික ජනතාවට මුලින් පැවති මුදලටම සීනි ලබා දෙන්නට තොග වෙළෙන්ඳන් හා සිල්ලර වෙළෙන්ඳන් කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා
- වන්නි රොමේෂ් මධුෂංඛ
COMMENTS