සිරගතව සිටින දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලමින් දෙමළ දේශපාලන සිරකරුවන්ගේ දෙමව්පියන් හා ඥාතීන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (04) කිළිනො...
සිරගතව සිටින දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලමින් දෙමළ දේශපාලන සිරකරුවන්ගේ දෙමව්පියන් හා ඥාතීන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (04) කිළිනොච්චිය නගර මධ්‍යයේ විරෝධතාවක් පවත්වනු ලැබීය.
එහිදී විරෝධතාකරුවන් කියා සිටියේ රජය මෙම දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයට වූ පොරොන්දු මෙතෙක් ඉටු කොට නොමැති බවයි.
පොදු සමාවක් යටතේ දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවට රජය වූ පොරොන්දුව ඉටු කරණ මෙන් රජයට බලකර සිටීමට මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයෙහි නිරත වන බව ඔවුන් කියාසිටියේය.
එමෙන්ම රජය සියලූම පොරොන්දු වූයේ දෙමළ ජාතික සන්ධානයේ නායකයින්ට බැවින් දෙමළ ජාතික සන්ධානයේ නායකයින් මේ සම්බන්ධයෙන් රජය සමඟ යළි සාකච්ඡා කළ යුතු බවට ද විරෝධතාකරුවෝ ඉල්ලීමක් කොට සිටියහ.
අදාළ විරෝධතාවය පැවැත්වු අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ද පැමිණි සිටි අතර මන්ත්‍රීවරයා අදාල ගැටලුව සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ නායකයින් සමග සාකච්ඡා කරන බව ප්‍රකාශ කර සිටියේය.
වන්නි - රොමේෂ් මධුෂංඛ
COMMENTS