දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රාජිතට එරෙහි විශ්වාස භංග යෝජනාවේ චෝදනා මෙන්න.
Homeප්‍රවෘත්ති

රාජිතට එරෙහි විශ්වාස භංග යෝජනාවේ චෝදනා මෙන්න.

PropellerAds

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් කථානායකවරයාට බාර දී ඇත. මේ සදහා ඒකාබද්ද විපක්‍ෂයේ පාර...

'හම්බන්තොට වරාය එක් අයෙක් රු 10,000ක් ණය කළා'
හෙළ උරුමය මානව හිමිකම් කොමිසමට යයි (VIDEO)
'බුර්කාව ගැටලුවක් කරගන්න එපා' - ඇමති අකිල

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් කථානායකවරයාට බාර දී ඇත. මේ සදහා ඒකාබද්ද විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 39 දෙනෙකු අත්සන් තබා ඇත.

ඇමතිවරයාට එරෙහිව ඉදිරිපත් කරන ලද චෝදනා 11කින් යුතු විශ්වාස භංග යෝජනාව මෙසේය.

  1. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළු විවිධ පාර්ශව විසින් රාජිත සේනාරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇති බරපතල වංචා සහ දූෂණ පිළිබඳ විමර්ශනයන්ට සහභාගි නොවීමෙන් යුක්තිය ඉටු කිරීමේ අවස්ථා අවුරා දමා ඇති හෙයින් ද;
  2. එකී විමර්ශනයන්ට මුහුණ දී සිය ප්‍රතිරූපය රැක ගනු වෙනුවට එකී විමර්ශනයන් මග හැරීම හේතුවෙන් එකී චෝදනාවන්ට ඔහු වැරදිකරු බවට ප්‍රබල සමාජ මතයක් ගොඩ නැගී ඇති හෙයින් ද ;
  3. ශ්‍රී ලාංකික වෛද්‍ය අධ්‍යාපනය වාණිජ අරමුණු පෙර දැරිගත් ව්‍යාපාරික ප්‍රජාවට බිලි දීම සඳහා රාජ්‍ය බලය අත්තනෝමතික ලෙස උපයෝගි කර ගනිමින් ශ්‍රී ලාංකික වෛද්‍ය අධ්‍යාපනය තුල බරපතල අර්බූදයක් නිර්මාණය කළ හෙයින් ද;
  4. නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගත් බවට ඇමති මණ්ඩලයත් සමස්ත ජාතියත් නොමග යවමින් එකී පෞද්ගලික හිමිකාරත්වයක් ඇති රෝහල මහජන මුදලින් නඩත්තු කිරීමට කටයුතු කර මහජන මුදල් අවභාවිතා කර ඇති හෙයින් ද
  5. අභියාචනාකරණයේ දී විභාග වුණු සිඒ රිට් 187/2016 නඩුවේ දී සෞඛ්‍ය ඇමතිවරයා ලෙස අධිකරණයට ඉදිරිපත් කළ යුතු කරුණු ඉදිරිපත් නොකරමින් ද නීතිපතිවරයා හරහා සයිටම් ආයතනයට පක්ෂග්‍රාහිව කරුණු දැක්වීමෙන් ද සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ බලය අයුතු ලෙස යොදා ගෙන ඇති හෙයින් ද;
  6. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් සකස් කළ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතින් ගැසට් මගින් ප්‍රසිද්ධ කිරීම උවමනාවෙන්ම මග හැරීමෙන් ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය පිළිබඳ බරපතල අර්බූදයක් බිහි කළ හෙයින් ද;
  7. ඩෙංගු වසංගත රෝගි තත්වයක් ඇති වුණු විට එයට ක්ෂණික පිලියම් යෙදීමට අසමත් වීමෙන් ද රජයේ රෝහල් වලට ඩෙංගු රෝගින් ඇතුළත් කර ගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් ද ජනතාවගේ ජීවත්වීමේ පරම අයිතිය බරපතල ලෙස අවදානමකට ලක් කළ හෙයින් ද;
  8. පියයුරු පිලිකා රෝගය සඳහා අවශ්‍ය කරන ඖෂධ මිළ දී ගැනීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ටෙන්ඩර් කැඳ වූ අවස්ථාවේ පිලිකා රෝගය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් විසින් ප්‍රතික්ෂේප කළා වූ ද මිළ දී ගැනීමට පෙර භාවිතයේ පැවැතිය යුතු අවම වසර ගණන සම්පූර්ණ නොකළා වූ ද ඖෂධයක් ඉදිරිපත් කළ විෂය භාර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ඉතාම සමීප හිතවතෙකු වන ඔහු විසින් එකී සංස්ථාවේ ක්‍රියාකාරි අධ්‍යක්ෂ තනතුරට පත් කළ රූමි මොහොමඩ් මහතා යන අයගේ ඥාති සහෝදරයෙකු වන ඩිල්ෂාඩ් ඉක්‍රම් මොහොමඩ් මහතාට අයත් මෑතක ලියාපදිංචි කළ ෆාමේස් පෞද්ගලික සමාගමෙන් මිළ දී ගැනීමට අයුතු ලෙස බලපෑම් කිරීමෙන් ද රුපියල් මිලියන 986ක් වටිනා ඖෂධ එකී සමාගමෙන් මිළ දී ගැනීමෙන් ද ශ්‍රී ලංකා ආණ්ඩුවට මූල්‍ය අලාභයක් ද දූෂණයක් ද සිදු කර ඇති හෙයින් ද;
  9. ධීවර ඇමති ලෙස කටයුතු කළ සමයේ දී මෝදර ධීවර වරාය ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ඉතාම අඩු මිළකට පොද්ගලික ආයතනයකට ලබා දීමෙන් රජයට දැවැන්ත මූල්‍ය පාඩුවක් සහ වංචාවක් සිදු කර ඇති හෙයින් ද;
  10. ධීවර ඇමති ලෙස කටයුතු කළ සමයේ දී බ්ලූ ඔෂන් ෆීෂරිස් නම් චීන සමාගමට ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ කොන්දේසියක් ලෙස ලාභයෙන් කොටසක් ලබා දෙන මෙන් නියම කිරීමෙන් ද තමන්ගේ ලේකම්වරයෙකු වන දොන් ලලිත් අනුරාධ සෙනෙවිරත්න මහතා එම සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කර ගැනීමෙන් ද ඇමතිවරයෙකු ලෙස අල්ලස ගැනීමේ වරද මෙන්ම බලය අයුතු ලෙස භාවිතා කිරීම ද සිදු කර ඇති හෙයින් ද;
  11. නඩු පැවරීම් සහ විභාග කිරීම් සම්බන්ධයෙන් අධිකරණයට සහ නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් සහ තර්ජනය කිරීමෙන් අධිකරණයේ ස්වාධීන්තවය කෙලසා ඇතිි හෙයින් ද;
සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය ගරු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පිළිබඳ විශ්වාසනීයත්වය සම්පූර්ණයෙන්ම නොමැති බැවින් තව දුරටත් සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යවරයා විසින් එම  ධූරයේ කටයුතු කිරීමේ හැකියාව පිළිබඳ විශ්වාසය භංග වී ඇති බවට මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කර සිටියි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රාජිතට එරෙහි විශ්වාස භංග යෝජනාවේ චෝදනා මෙන්න.
රාජිතට එරෙහි විශ්වාස භංග යෝජනාවේ චෝදනා මෙන්න.
http://ift.tt/2g8WmFG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_254.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_254.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy