දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ධම්මපදය හා තිරුක්කුරල් කියවූ මිනිසකුගේ ඉරණම...
Homeප්‍රවෘත්ති

ධම්මපදය හා තිරුක්කුරල් කියවූ මිනිසකුගේ ඉරණම...

PropellerAds

අද තිබෙන්නේ මාක්ස් කියපුවා, කස්ත්‍රෝ කියපුවා ආදී වශයෙන් ඕනෑම දෙයක් ඕනෑම කෙනෙකුට තම නිර්දෝෂීභාවය වෙනුවෙන් පාවිච්චි කළ හැකි සමාජයකි. ඉතිහාස...

මරාගෙන මැරෙන බෝම්බකරුවන් සියලුම දෙනා ශ්‍රී ලාංකිකයන් !
ලංකාවේ බෝම්බ ප‍්‍රහාර නවසීලන්ත ඉස්ලාම් පල්ලිවල ප‍්‍රහාරයට පලි ගැනීමක් ?
ජනාධිපතිට විවේචන - පොලිසිය යළි සාගලට !

අද තිබෙන්නේ මාක්ස් කියපුවා, කස්ත්‍රෝ කියපුවා ආදී වශයෙන් ඕනෑම දෙයක් ඕනෑම කෙනෙකුට තම නිර්දෝෂීභාවය වෙනුවෙන් පාවිච්චි කළ හැකි සමාජයකි. ඉතිහාසය මා නිදහස් කරනු ඇත යනුවෙන් රවී කරුණානායක කී කල අප කුමක් කරමුද? 2001 වසරේ දී පමණ මහ මැතිවරණයකට ඉදිරිපත් වුණු එක්තරා අවස්ථාවක දී රවී මෙවැනි දැන්වීමක් තම ප්‍රචාරක කටයුතු සඳහා නිර්මාණය කරගෙන තිබුණි.

එහි දැක්වුණේ කාල් මාක්ස් රැවුල මුළුමනින්ම කපා ඇති දසුනකි. “අපි දැන් වෙනස්” යනුවෙන් රවී රැවුල කැපූ මාක්ස් යටින් සඳහන් කර තිබුණි. ඔහු කස්ත්‍රෝගේ රැ වුල නොකැපුවේ හොඳ වෙලාවටය. නැත්නම් ඉතිහාසය මා නිදොස් කරනු ඇත කියනවිට හිතට පොඩි බරක් දැනෙන්නට පුළුවන. රවී කස්ත්‍රෝගෙන් නැවතුණේ නැත. ධම්මපදයේ මතු නොව තිරුක්කුරල් ග්‍රන්ථයෙන්ද තම නිදොස් බව වෙනුවෙන් ජීවිතාදර්ශ දෙන පාඨ ගෙනහැර දැක්වූයේය. ඒ ඉල්ලා අස්වීම නිවේදනය කළ පාර්ලිමේන්තු කතාවේදීය. රවී කොළයක් බලාගෙන කියවූ සටහන මොන ජෝසෙක් ලීවාදැයි නොදනිමු. එහෙත් රවී වෙනුවෙන් ඒවා ලියපු හාදයාටත් ඒ වැනි වාක්‍ය ලියන්නට ලැජ්ජාවක් බයක් නැති වීම නීල හොරු තෙමේම අපි හරි හොඳයි කියනවා වැනිම දෙයකි.

රවී කීවේ තම පක්ෂය හා රට වෙනුවෙනුත් නව දේශපාලන සංස්කෘතියක් වෙනුවෙනුත් ඉල්ලා අස්වීමේ තීරණය ගත් බවකි. පක්ෂය වෙනුවෙන් රවී ධනය වැය කළ කෙනෙකු බව සැබෑය. එහෙත් යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් නම් රවීට ප්‍රශ්නයට තුඩු දුන් ගනුදෙනු ගැන, ඒවා ඇඟේ පතේ ගා ගැනීමට පෙර වරක් දෙවරක් නොව දහස් වරක් සිතන්නට තිබිණි. රටක වැදගත් තනතුරක් හොබවන පුද්ගලයකු මෙසේ පරාභවයට යාම හොඳ තත්ත්වයක් නොවේ. රවී කරුණානායක යනු පොඩි වැටුපක් ලබන ලිපිකරුවකු නොවේ. ධනවත් ව්‍යාපාරිකයෙකි. ඔහුට හා දරු පවුලට ජීවත් වීමට ඇලෝසියස්ලාගේ සල්ලි වුවමනා නැත. මාස් පඩිකාර දුප්පතුන් ගතමනාවක් හොයාගන්නා ආකාරයට මුදල් ඇමැතිවරයකුට කටයුතු කළ නොහැකිය. ලෞකිකවාදී මිනිසා ධනයට ලොල් කරන බව සැබෑය. එහෙත් රවීගේ ආශාව සීමාව ඉක්මවා යයි. විදේශ ඇමැති ධුරයට පත්වුණු පසුත් ලොතරැයි මණ්ඩල දෙකම ඉල්ලා පෙරළි කළේ එනිසාය. අකැමැත්තෙන් මුදල් ඇමැති ධුරයෙන් සමුගත්තේද එනිසාය. අවසානයේ මේ සියල්ල ඔහුට අහිමි විය. ඔහු ධම්මපදය හා තිරුක්කුරල් කියවන්නට තිබුණේ මේ දුර්දශාවන්ට මුහුණ දීමට පෙර බව රවීට කිව යුතුව ඇත. රවීට දැන් වුවත් සුභාෂිතය කියවිය හැකිය. කුමාරතුංගගේ ‘සිරිමත් මගෙ සකි, යහපත් ළමයෙකි’ කවි පංතිය කියැවිය හැකිය. රවී වේලාසනම මාක්ස්ගේ රැවුල කැපූ නිසා මාක්ස්ගේ මඟ ගිය කස්ත්‍රෝගේ වාක්‍ය ණයට ගැනීමටත් මේ අවස්ථාවේ දී ඔහුට අයිතියක් නැත. රවී මොනර නැටුමක් නටා පසුව එසේ නැටුවේ නැතැයි කීමට පාවිච්චි කළ නිසා ධම්මපදය හා තිරුක්කුරල් වැනි උතුම් පොත් දෙක ඒවායේ ප්‍රතිපත්ති හරියට අදහන අය විසින් ගිනි නොතබනු ඇතැයි ද අපි බලාපොරොත්තු වෙමු. රවීටත් රටේ නායකත්වයේ සිහිනයක් තිබෙන බව දිනක් ඔහුගේ ළඟම උපදේශකයකු මා සමඟ කීවේය. එහෙම නම් අනවශ්‍ය ලෙඩ දාගන්නේ නැතුව ජනතාවට සමීප වී වැඩ කළ යුතු බව මම කීවෙමි. එහෙත් පසුව එම උපදේශකයාම රවීගේ සමහර තක්කඩි වැඩ වසං කර දමා ඒවා ගැන අවංක විවේචනයක් නොකරන ස්ථාවරයක සිට ක්‍රියා කරන්නට පටන් ගත්තේය. රවී, මෙබඳු ඉරණමකට මුහුණ පෑමට එක් හේතුවක් වූයේ ඔහුගේ අත්තනෝමතික හැසිරීමය. දෙවැන්න ඔහු ළං කරගෙන සිටි තුට්ටු දෙකේ සහචරයන්ය. ඒ හැරුණු විට ළං කරගෙන සිටි ජනමාධ්‍යවේදී ලේබලය අලවාගත් තුට්ටු දෙකේ ලියන්නන්ය. ඔවුහු රවීට ප්‍රජාතන්ත්‍රවාදී මාවතක යාමට නොව හැකි තරම් අවකල් ක්‍රියාවලට අනුබල දුන්හ. ආවරණය සැපයූහ. රවී කරුණානායකත් අවංකව හා ප්‍රශ්න ගැන මැදහත්ව ලියන ජනමාධ්‍යවේදීන් පිටු දැක්කේය. හැකි තරම් ආවඩන තක්කඩි ළංකර ගත්තේය. එහි අවසාන ජවනිකාව පරාධීන ඉල්ලා අස්වීමක් ලෙස අගෝස්තු 10 දා පාර්ලිමේන්තුවේ දී රඟ දැක්වුණි.

රවී නොනිල ලෙස ඉංග්‍රීසි, සිංහල පත්තර දෙකක හිමිකාරීත්වය දැරුවේය. ඔහු ඒවායේ ජනමාධ්‍යවේදීන්ට වැදගත් ජනමාධ්‍ය භාවිතයකට ඉඩ දුන්නේම නැත. දෙකේ පංතියේ ජනමාධ්‍ය කලාවකට ජනමාධ්‍යවේදීන් දක්කාගෙන ගිය රවී සහ ඔහුගේ කුප්‍රකට උපදේශකයෝ අන්තිමට ස්ත්‍රී පුරුෂ ජාගර ලිංගික සබඳතා මුල් පුවත් ලෙස පළ කරන ජාතික පත්තර බවට තම පුවත්පත් පත් කළහ. මේවා ගැන යම් තරමකට තොරතුරු අගමැතිවරයාට ඔහුගේ නියෝජිතයකු මඟින් මම දැනුම් දී ඇත්තෙමි. එහෙත් රවීගේ ගමන නොනැවතුණි. ඔහුගේ වැරැදි භාවිතය දිනෙන් දිනම උත්සන්න වූයේය. පාසලේ දී පැන්සලක් සොරකම් කරගෙන පැමිණි පොඩි එකාගෙන් මේක උඹට කොහෙන්ද පුතේ කියා ගෙදර ආ විට අම්මා නොවිමසුවාය. දෙවැනි දවසේ කොල්ලා පෑනක් ගෙනාවේය. ඒ ගැනත් අම්මා නෑසුවාය. අවසානයේ දී කොල්ලා ලොකු මහත් වී ලොකු හොරෙක් බවට පත්විය. හිරේ ගියදා අම්මා ඔහු බලන්නට ආවාය. රහසක් කීමට කන ළං කරපං අම්මේ කී විට අම්මා පුතුට කන ළං කළාය. අනතුරුව කොල්ලා කළේ උඹ තමයි මාව මේ විපතේ හෙලුවේ කියා අම්මාගේ කනේ කෑල්ලක් කටින් කඩා ගැනීමය. හොරකමට පුරුදු වූ කොල්ලා වගේ වුණත් හොඳ වෙලාවට රවී, රනිල්ගේ කනේ කෑල්ලක් කඩා නොගත්තේය.

රවී නිසා ධම්මපදයටත් තිරුක්කුරල් ග්‍රන්ථයටත් අනතුරක් වන්නට ඉඩ නැතත් මාක්ස් සහ කස්ත්‍රෝ අද සිටියා නම් තමන්ට සිදුවූ ඓතිහාසික අපහාසයට අගෝ. 10 වන දා දිගු කාලයක් ගතව වැඩුණු සිය දිගු රැවුල් කපා ගන්නවා නිසැකය.

-විමලනාත් වීරරත්න

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29299,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ධම්මපදය හා තිරුක්කුරල් කියවූ මිනිසකුගේ ඉරණම...
ධම්මපදය හා තිරුක්කුරල් කියවූ මිනිසකුගේ ඉරණම...
http://ift.tt/2vUhDcy
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_250.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_250.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy