අ ප්‍රේල් 21 වෙනි පාස්කු ඉරුදින ශ්‍රී ලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බාරගත යුතු බව එක්සත් ජා...
අප්‍රේල් 21 වෙනි පාස්කු ඉරුදින ශ්‍රී ලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බාරගත යුතු බව එක්සත් ජාතික පක්ෂයට හිතවත් සමාජ මාධ්‍ය විසින් අවධාරණය කරමින් තිබේ.
එම සමාජ මාධ්‍ය පවසන්නේ ආරක්ෂක අමාත්‍යංශය හා පොලිසිය ජනාධිපතිවරයා යටතේ පවතින බවත් අගමැතිවරයා හෝ ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයා ජාතික ආරක්ෂක කමිටුවට කැඳවීමට හෝ ජනාධිපතිවරයා පසුගිය සමයේ කටයුතු කර නොමැති බවත් ය.
සාගල රත්නායක අමාත්‍යවරයාගෙන් පොලිසිය ඉවත් කර ජනාධිපති යටතට පත්කර ගැනීම ද එජාප සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ගේ බරපතල විවේචනයට ලක්ව ඇත.
''ජනාධිපති රටෙත් නෑ; වගකීම් පවරලාත් නෑ''
ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා සියළුම බුද්ධි අංශ සහිතව රටේ ආරක්ෂාව බාර පුද්ගලයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ මොහොතේ රටේත් නැති බවත්, ඔහු තිරුපති වන්දනාවෙන් පසු සිංගප්පුරුවේ සිටින ඔහුගේ පුද්ගලික ව්‍යාපාරිකයෙකුගේ ආරාධනයක් අනුව සිංගප්පූරුවට ගොස් සිටින බවත් පවසන එජාප සමාජ මාධ්‍යය, මෙවැනි අවස්ථාවක වහාම ආරක්ෂක මණ්ඩලය කැඳවමින් අගමැතිවරයා ගත් ක්‍රියාමාර්ග පැසසුමට ලක්කර තිබේ.
''මෙහි ඇති ප්‍රධාන ප්‍රශ්නය වන්නේ රටේ ආරක්ෂාව බාර පුද්ගලයා විදේශ ගත වෙද්දී ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩ බැලීම සඳහා කිසිවෙකු පත් කර ගොස් නැත. නියෝජ්‍ය ඇමැතිවරයාට හෝ වගකීම් පවරා ගොස් නැත. මෙවැනි ප්‍රහාරයක් ගැන තොරතුරු ලැබී තිබියදීත් අදාල ආරක්ෂක පියවර නොගැනීම ගැන සිරිසේන ජනාධිපති වගකිව යුතුය.'' යැයි අවධානය කරන එම සමාජ මාධ්‍ය, වහාම පාර්ලිමේන්තුව රැස්කර ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන්නැයි එජාප නායකත්වයට බලපෑම් කරමින් සිටියි.
අගමැතිත් චෝදනා කරයි !
මේ අතර ඊයේ (21) ජාතිය අමතමින් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, ප්‍රහාර පිළිබඳ යම් තොරතුරු කලින් ලැබී තිබුණ ද ඒ පිළිබඳ තමාව හෝ ඇමති මණ්ඩලය දැනුවත් නොකිරීම පිළිබඳව චෝදනා කළේය.
එය බරපතල කාරණයක් බවත් අගමැතිවරයා එහිදී කියා සිටියේය.
වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවද ඔහු එහිදී අවධාරණය කර සිටියේය.
ජනපති යළි දිවයිනට
මේ අතර ඉන්දියාවේ සහ සිංගප්පූරුවේ කළ විදේශ සංචාරයන් නිමා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (21) මධ්‍යම රාත්‍රීයේ යළි දිවයිනට පැමිණ ඇත.
ඊයේ මධ්‍යම රාත්‍රී 12.00 ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව් – 468 දරන ගුවන් යානයෙන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

COMMENTS