පා ස්කු ඉරිදා කොළඹ ඇතුළු ස්ථාන 10 ක බෝම්බ ප්‍රහාර සිදුකළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් සියලුම දෙනා ශ්‍රී ලාංකිකයන් බව මේ වන විට හෙළි වී තිබේ. ...
පාස්කු ඉරිදා කොළඹ ඇතුළු ස්ථාන 10 ක බෝම්බ ප්‍රහාර සිදුකළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් සියලුම දෙනා ශ්‍රී ලාංකිකයන් බව මේ වන විට හෙළි වී තිබේ.
මීට පෙර මෙම ප්‍රහාරවලට විදේශීය බෝම්බකරුවන් සම්බන්ධ දැයි බරපතළ සැකයක් මතු වී තිබිණි.
බුද්ධි අංශ නිෂ්ක්‍රියයි
මුස්ලිම් අන්තවාදය කොතරම් දැඩි ලෙස ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වී තිබේ ද යන්න සම්බන්ධයෙන් මේ වන විට බුද්ධි අංශ තුෂ්නිම්භූත වී සිටින බව ද වාර්තා වේ. මරාගෙන මැරෙන බෝම්බ ජැකට් අගනුවර හා ප්‍රධාන නගර හරහා හුවමාරු වී ඇති අන්දම, එබඳු කිසිදු ක්‍රියාකාරකමක් හසු කර ගැනීමට බුද්ධි අංශ අවසාන මොහොත දක්වාම සමත් නොවී තිබීම වැනි කාරණා මේ වන විට සාකච්ඡාවට ලක් වෙමින් තිබේ. මේ සිදුවීම හටගන්නා විට සියලුම බුද්ධි අංශ නිෂ්ක්‍රිය තත්වයක පැවති බවට මෙම සිදුවීම උදාහරණයක් ද වේ.
මේ අතර පසුගිය අප්‍රේල් 11 වැනිදා අන්තවාදී ඉස්ලාමීය සංවිධානයක් විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිදුකිරීමට සැරසෙන බවට බුද්ධි අංශ විසින් ලබාදී තිබූ වාර්තාවකට පොලිස්පතිවරයා විසින් ප්‍රතිචාර දක්වා තිබූ ආකාරය ගැනද දැඩි විවේචන එල්ල වෙමින් තිබේ. එම වාර්තාව මත පොලිස්පතිවරයා යොදා තිබූ සටහනෙන් පෙනී යන්නේ මෙම බරපතළ කාරණයේදී ඔහුගේ අවධානය යොමු වූයේ මහජන ආරක්ෂාව ගැන නොව ප්‍රභූ ආරක්ෂාව ගැන බවයි.
ඒ අනුව ප්‍රභූ ආරක්ෂක අංශය ට දැඩි සෝදිසියෙන් සිටින ලෙසට ඔහු උපදෙස් ලබා දී තිබේ.
නමුත් අවසානයේදී සිදුව තිබුණේ සාමාන්‍ය මහජන ජීවිත 262 ක් බෝම්බකරුවන් විසින් බිලි ගැනීමයි.

COMMENTS