ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන ජන සටන පාද යාත්‍රාව අද (01) කොළඹ ගාලුමුවදොර පිටියෙන් අවසන් වීමට නියමිතය. සිව්වැනි දිනය වූ ඊයේ දිනයේදී...
ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන ජන සටන පාද යාත්‍රාව අද (01) කොළඹ ගාලුමුවදොර පිටියෙන් අවසන් වීමට නියමිතය.
සිව්වැනි දිනය වූ ඊයේ දිනයේදී පාද යාත්‍රාව නිට්ටඹුවේ සිට කිරිබත්ගොඩ දක්වා ගමන් කරනු ලැබීය. අද දිනයේදී කිරිබත්ගෙඩ සිට කොළඹට ගමන් කිරීමට නියමිතය.
අවසන් රැළිය ගාලු මුවදොර පිටියේදී පැවැත්වෙයි. මහනුවර අධිකරණය විසින් මහනුවර නගර සීමාවේ පෙළපාලි නොපවත්වන ලෙසට සිදු කළ දැනුම් දීමකට අනුව පසුගිය බ්‍රහස්පතින්දා පේරාදෙණිය ප්‍රදේශයෙන් ජන සටන පාද යාත්‍රාව ආරම්භ වුණි.
අනතුරුව පේරාදෙණිය ප්‍රදේශයෙන් පාද යාත්‍රාව ගමන් ආරම්භ කළ අතර එහි පළමු නැවතුම වූයේ මාවනැල්ල, හිඟුල ප්‍රදේශයයි. අනතුරුව පාද යාත්‍රාව දෙවන දිනට උතුවන්කන්ද ප්‍රදේශයෙන් ගමන් ආරම්භ කළ අතර එදින නෙළුම්දෙනිය ප්‍රදේශයෙන් පාද යාත්‍රාව අවසන් වුණි.
නෙළුම්දෙනියෙන් පසුගිය සෙනසුරාදා දිනයේ ආරම්භ වූ පාද යාත්‍රාව එදින නිට්ටඹුව ප්‍රදේශයෙන් ගමන් අවසන් කළේය.
යළිත් ඊයේ දිනයේ නිට්ටඹුව ප්‍රදේශයෙන් ගමන් ආරම්භ කළ පාද යාත්‍රාව කිරිබත්ගොඩ ප්‍රදේශයෙන් රාත්‍රී 09.00ට පමණ අවසන් වූ අතර අද දිනයේ පාද යාත්‍රාව කිරිබත්ගොඩ සිට කොළඹට පැමිණිමට නියමිතය.
COMMENTS