දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'එජාපය එක්ක ගනුදෙනුවක් නෑ' - ඇමති මහින්ද
Homeප්‍රවෘත්ති

'එජාපය එක්ක ගනුදෙනුවක් නෑ' - ඇමති මහින්ද

PropellerAds

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයේ පරම අයිතිකරුවන් වන දේශපාලනඥයින් පිරිසක් විසින් රජෙක් මෙන් සිටි ඔහුව අද පා ගමන්වල පයින් රැගෙන ය...

විරෝධය පසෙකලා කොළඹ කුණු පුත්තලමට
නාමල්ගෙන් තවත් විශේෂ හෙළිදරව්වක්
පිදුරංගල පර්වතයේ අඩ නිරුවත් ඡායාරූප ගත් තිදෙනා රිමාන්ඩ්
'එජාපය එක්ක ගනුදෙනුවක් නෑ' - ඇමති මහින්ද

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයේ පරම අයිතිකරුවන් වන දේශපාලනඥයින් පිරිසක් විසින් රජෙක් මෙන් සිටි ඔහුව අද පා ගමන්වල පයින් රැගෙන යනවා යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (31) දකුණු පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍ය යු.ජි.ඩි ආරියතිලක මහතා මහජන නියෝජිතයකු වි වසර 25ක් පිරිම නිමිත්තෙන් ඒ මහතාගේ යටලමත්ත නිවසේ පැවති උත්සවයේදීය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, "මේ දේශපාලන නායකයෝ තමයි මහින්ද මහත්තයා පරද්දලා පැරදිලා ගෙදර ඉන්න දෙන්නේ නැතිව අර පා ගමන්වල අරගෙන යන්නේ. රජෙක් වගේ හිටපු මනුස්සයෙක් අද පාගමන් වල පයින් අරන් යනවා. දැන් මේ පාගමන කථා නොකරන පාගමනක් බවට පත්වෙලා තියෙනවා. මාස 11ක ආණ්ඩුවක් පෙරලන්න පුළුවන්ද පයින් ගිහිල්ලා. පාගමන ගිහින් ඉවරවන විට ආණ්ඩුව පෙරලනවා කියලා අපේ සමහර දේශපාලනඥයින් කියනවා. පා ගමන් ගිහින් හදන්න පුළුවන් වෙන්නේ සියඹලා ආණ්ඩුවක් තමයි. මහින්ද රාජපක්ෂ මහත්තයා වැරදි ගමනක ගෙනගිය අය, ඒ පරාජයට අඩිය තියපු අය තමයි අද මේ පාගමනෙත් ඉදිරියෙන් යන්නේ. එතුමාට පැරදිලාත් ගෙදර ඉන්න දෙන්නේ නැහැ.

එදා එක්සත් ජාතින්ගේ කාර්යාලය ඉදිරිපිට උපවාස කරලා ලෝකයම තරහ කරගත්තා. හිටපු ජනාධිපතිතුමා එතනට ගිහින් තැඹිලි පෙව්වා. මේ රට ලෝකයෙන් කොන් කළේ කවුද ? එක තමයි අපේ පරාජයේ ආරම්භය. ඊට පස්සේ වැඩි දවසක් ගියේ නැහැ. මේ රටේ ආර්ථික ඝාතකයෙක් ඉන්නවා. පවුලේ තුන් දෙනෙක් මේ රට පාලනය කරනවා. මහා පාරිමාන ව්‍යාපෘති වලින් කොමිස් ගහනවා කියලා කීවා.

ඒ ආණ්ඩුවේ හිටපු ප්‍රබලයා මෙහෙම කියනවිට එදා ඉදලා තමයි යු.එන්.පි එකයි.ජ.වි.පෙයි හොයන්න පටන් ගත්තේ කවුද කොමිස් ගහන්නේ කියලා. අපි ඇමතිකම් දැරුවට ඒ ආණ්ඩුවේ හිටපු සොක්කෝ. ලොක්කෝ කියනවිට මේ ආණ්ඩුවේ හොරකම් තියෙනවා පවුල් පාලනයක් තියෙනවා කියලා මිනිසුන් විමසිලිමත් වෙන්න ගත්තා. පස්සේ යු.එන්.පි, ජ.වි.පේ අය මේවා හොයලා හෙළිදරව් කළා. ඊට පස්සේ තමයි පත්තරවල කාටුන්වලට පවුල් ගහක් ඇන්දේ.

ඊට පස්සේ චින ව්‍යාපෘතිවල කොමිස් ගැන කථා කරන්න පටන් ගත්තා. එහෙනම් හිටපු ජනාධිපතිතුමාගේ පරාජයේ පරම අයිතිකාරයෝ තමයි විමල් විරවංශලා හා උදය ගම්මන් පිල්ලලා. ගල්ලෙන බිදලා එළියට ඇවිත් ඔක්කොට ටික යවලා ඇවිත් හිටියාට වැඩක් වුනේ නැහැ.

අපේ තිබුණු ආණ්ඩුවට ජාතිවාදයේ ලේබලය ගහලා ලෝකයෙන්ම කොන් කරන තැනට ගෙනාවේ මේ අය. මේ ගමනේ තියෙන්නේ ජාතිවාදය වපුරන එක. පාගමන යන අය අපට කිවේ අපි මේ පාගමන යන්නේ පක්ෂයටවත් ජනාධිපතිතුමාටවත් විරුද්ධව නෙවෙයි කියලා. නමුත් මේක සටන් පාඨ දිහා බැලුවහම පේනවා. මේක යු.එන්.පි.එකට විරුද්ධව යන පාගමනක් නෙවෙයි. ශ්‍රි.ල.නි.පක්ෂයට හා පක්ෂයේ නායක ජනාධිපතිතුමාට විරුද්ධව යන පාගමනක්. ශ්‍රි.ල.නි.පක්ෂය බෙදන්න යන පාගමනක්.

මේ කාගේ අවශ්‍යතා ඉටු කරන්නේ ඒ අයට අවශ්‍යතා ඉටු කරන්න තියෙනවා. එක අපි දන්නවා. අපි නෙවෙයි. එජාපය සමග ඩීල් තියෙන්නේ. අපි ඩිල් දමගෙන නැහැ. එජාපය සමග. අපේ ස්ථාවරය අපි හැමදාම කියනවා. අපිට එජාපය සමග ගණුදෙනුවක් නැහැ.

අපට ලබා ගන්න දෙයක් නැහැ. සුදු හුණු ගාන්න අපට අවශ්‍ය නැහැ. හැබැයි සමහර නායකයින් එහෙම නෙවෙයි. හොර පාස්පොට් හසුවු විට කුමාර ගුණරත්නම් අවුරුදු ගාණක් හිරේ. ඇප දෙන්නේ නැහැ. රිමාන්ඩ් එකේ. ඒ වරදම තවත් නායකයෙක් කළ විට එක දවසක්වත් හිරේ ඉන්නේ නැහැ. මේ ඩිල් යන්නේ කාත් එක්ක ද? එජාපය සමග ඩිල් යන්නේ අපිද ඒ අයද. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා, මහින්ද රාජපක්ෂ හා චන්ද්‍රිකා මැතිණිය ගියත් අපි ශ්‍රි.ල.නි.පක්ෂය දමලා යන්නේ නැහැ. යනවා නම් අපි යන්නේ ගෙදර. සමහරුන්ට ඕන වෙලා තියෙනවා මේක විනාශ කරන්න"යි  කියාසිටියේය.

ගාල්ල - ලලිත් චාමින්ද 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'එජාපය එක්ක ගනුදෙනුවක් නෑ' - ඇමති මහින්ද
'එජාපය එක්ක ගනුදෙනුවක් නෑ' - ඇමති මහින්ද
http://ift.tt/2aoVrfe
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_0.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_0.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy