සසර ගමනක සුසුම් හඩ මැද කටු කිනිති හදවත් තලා.... නොදැක රන් මුතු කාශ්ටක මහා පොළව තුළ දහදිය හෙලා දකින තුරු මේ භවේ කෙලව...
සසර ගමනක
සුසුම් හඩ මැද
කටු කිනිති
හදවත් තලා....
නොදැක රන් මුතු
කාශ්ටක මහා පොළව
තුළ දහදිය හෙලා
දකින තුරු මේ
භවේ කෙලවර
නැවතුමක් ගැන
නැත සිතා....
වියරු හදවත්
දහස් ගණනින්
ඇති නමුත්
ලොව හමුවෙලා
නැතේ මිනිසත්
හදවතක් තව
ඒ ලෙසින් නෙත
දැවටිලා...
කුසේ ගින්නට
ජාතී භේදය
නැතේ වෙනසක්
ඇති වෙලා
කිමද මේ හැටි
දුකත් සැපතත්
අතර පරතර
මතුවෙලා...
COMMENTS