එම ප්‍රශ්න කිරීම් හමුවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ පොලිස්පතිවරයා එම සේවකයාට පහර දී නැති අතර බැණ වැදීමක් කර ඇති බවයි.මේ අතර එම ස...
එම ප්‍රශ්න කිරීම් හමුවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ පොලිස්පතිවරයා එම සේවකයාට පහර දී නැති අතර බැණ වැදීමක් කර ඇති බවයි.මේ අතර එම ස්ථානයේ රැඳී සිටි කාන්තා පොලිස් නිලධාරිනියකට අසභ්‍ය ලෙස බැණ වැදී තිබුණද පොලිස්පතිවරයා බැණ වැදීමක් කර නොමැති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ. කෙසේ වෙතත් මෙම සිදුවීම පිළිබඳ පොලිස්පතිවරයා පරීක්ෂණයක් නොකරන අතර නිහඬව සිටීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසීය.
පොලිසියේ ක්‍රියාත්මක භාවනා වැඩසටහනක් මෙම සිද්ධියට මුල පුරා තිබුණි. පොලිස්පතිවරයා පැමිණෙන විට සමරකෝන් බණ්ඩා මහතා භාවනා නොකිරීම නිසා ඔහු පොලිස්පතිවරයාගේ උදහසට ලක් වී තිබුණි. නිවැරදි ලෙස බැලුවහොත් පොලිස්පතිවරයා හැසිරී ඇත්තේ සමරකොන් බණ්ඩා මහතාගේ අයිතිවාසිකම් කඩ වන අයුරිනි. එහෙත් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ පිළිතුරු අනුව එවැනි වරදක් පොලිස්පතිවරයා අතින් සිදුව නැත. මෙහි අනෙක් කරණය වන්නේ පොලිසියේ භාවනාව අදාළ වන්නේ පොලිස් නිලධාරීන්ටය. සමරකෝන් බණ්ඩා පොලිස් නිලධාරියෙකු හෝ පොලිස් දෙපාර්තමේන්තුවේ සේවකයෙකු නොවේ. ඔහු ඒකාබද්ධ රාජ්‍ය සේවයෙන් පොලිස් මුලස්ථානයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සිටින්නෙකි.
නිශාන්ත ප්‍රියදර්ශන
COMMENTS