විශ්වාස භංගයට දින නියම කිරීමට පෙර ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි රවී කරුණානායක මහතා ගෙන් ඉල්ලා සිටීමට අගමැතිවරයා ඊයේ (07) තීරණය කල බව '...
විශ්වාස භංගයට දින නියම කිරීමට පෙර ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි රවී කරුණානායක මහතා ගෙන් ඉල්ලා සිටීමට අගමැතිවරයා ඊයේ (07) තීරණය කල බව 'සිරිකොත' එජාප මුලස්ථානයේ ප්‍රධානියකු පැවසීය.
එජාප මැති ඇමතිවරුන් පිරිසක් විසින් කල කරුණු දැක්වීම සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන තිබේ.
බැඳුම්කර සිද්ධියට අදාලව ඇමති රවී කරුණානායක මහතාට චෝදනා එල්ලවීමත් සමඟ ආණ්ඩුවට, විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයට රටපුරා බලවත් විරෝධයක් මතුවී ඇති බවත්, විශ්වස භංගය ඉදිරිපත් වුවහොත් එජාප මැති ඇමතිවරුන් පිරිසක් ද ඊට පක්ෂව ඡන්දය දීමට තීරණය කර ඇති බවත් එම මන්ත්‍රීවරුන් අගමැතිවරයාට දැනුම් දී තිබේ.
ජනපති ගෙන් පණිවිඩයක් :
මේ අතර අමාත්‍ය රවී කරුණානායක මහතාට තාවකාලිකව හෝ ඇමති ධුරයෙන් ඉවත්වන්නැයි සිය පවුලේ අයකු මාර්ගයෙන් ජනාධිපතිවරයා ද දැනුම්දීමක් කර ඇතැයි වාර්තාවේ.
එසේ ඉවත් නොවුනහොත් ආණ්ඩුව බරපතල අර්බුදයකට යන බව එම දැනුම්දීම මගින් අවධාරණය කර ඇතැයි ද පැවසේ.
විශේෂ පක්‌ෂ නායක හමුවක් :
මේ අතර, තීරණාත්මක කරුණු කිහිපයක් සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්‌ෂ නායක රැස්‌වීමක් අද (08 දා) දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වේ.
කථානායක කරු ජයසූරිය මහතාගේ උපදෙස් මත මෙම රැස්‌වීම කැඳවා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇමැති රවි කරුණානායක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්‌ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.
අදාළ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට හෝ නොගැනීමටද විවාදයට ගන්නේ නම් ඒ සඳහා දින නියම කිරීමටද හැකියාව ඇත්තේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදී බව සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියාසිටියේ ය.
මෙම විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට නුදුරු දිනයක් ලබාගැනීමට අද පැවැත්වෙන පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදී හැකිවනු ඇතැයි ඒකාබද්ධ විපක්ෂය පවසයි.
COMMENTS