පරිසර සුරක්ෂිතතාවේදී රජයට විවිධ බාධක එල්ලවුවද පොලිතීන් හා ඇස්බැස්ටෝස් ආදිය පාලනය වෙනුවෙන් ගත් තීරණ කිසිදු ලෙසකින් ලිහිල් නොකරන බව ඊයේ (7)...
පරිසර සුරක්ෂිතතාවේදී රජයට විවිධ බාධක එල්ලවුවද පොලිතීන් හා ඇස්බැස්ටෝස් ආදිය පාලනය වෙනුවෙන් ගත් තීරණ කිසිදු ලෙසකින් ලිහිල් නොකරන බව ඊයේ (7) මහනුවර දී ඒ මහතා පැවසීය.
ඇසළ පෙරහැර සමයේ මහනුවර ක්‍රියාත්මක කරන ලද පරිසර වැඩසටහනට දායක වූ පාසල් දරු දැරියන් හා ඔවුන්ගේ විදුහල් ඇගයීම වෙනුවෙන් වෙත සහතික ප්‍රදානය කිරීමේ උත්සවයක් ඊ.එල්.සේනානායක ළමා පුස්තකාල ශ්‍රවාණාගාරයේදී පැවැත්විණ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය හා පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ සහභාගීත්වයෙන් නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.පොලිතින් තහනම් කිරීම සදහා වූ චක්‍ර ලේඛනය 2006 හා 2009දී නිති ගත කළා. නමුත් අපට ඒවා ක්‍රියාත්මක කිරීමට හැකිවුණේ නැහැ. ගොහාගොඩ වැනි මහා කුණු කදු ගොඩගැසෙන තුරු පොලිතීන් පාලනය කිරීමට අපට හැකිවුණේ නැහැ.
ඇස්බැස්ටෝස් පාලනය සම්බන්ධයෙනුත් සිදුවුණේ ඊට සමාන තත්ත්වයක්. මෙම ව්‍යාපාර වෙනුවෙන් විශාල මුදලක් ආයෝජනය කොට තිබෙනවා. ඒ නිසා එවුන් ව්‍යාපාර නවතා දැමීමට ඔවුන් සූදානම් නැහැ. ඒ නිසා පරිසර හිතකාමී නිෂ්පාදන ප්‍රචලිත කිරීමේ දී එම ව්‍යාපාරිකයන්ට සහන ලබාදීමට අප රජය කටයුතු කරනවා.
නව කර්මාන්තශාලා ආරම්භ කිරීමේදී මෙන්ම නව යන්ත්‍ර ආනයනය කිරීමේදී අප රජය ඔවුට ශක්තියක් වීමට සූදානම්.
පරිසර හානි මේ වන විට උග්‍ර තත්ත්වයට පත්ව ඇතැයි ඇතමුන් සදහන් කළත් මේ තත්ත්වය පසුගිය කාලයේදීත් පැවැතුණා. නමුත් සිදුවුණේ එවැනි සිදුවීම් වාර්තා නොවීමයි. පරිසර විෂය ජනාධිපතිවරයාට හිමි වුවත් පරිසරය රැක ගැනීම එතුමාට තනිව කළ නොහැකියි. ඒ සදහා සමස්ථ ජනතාව එකතු විය යුතුයි. පරිසරය ආරක්ෂා කිරීම අමාත්‍යංශයකට හෝ ආයතනයකට තනිව සිදු කළ හැක්කක් නොවෙයිඒ අනුව වර්ෂ 2018 වන විට ඇස්බැස්ටෝස් තහනම හා මෙම වර්ෂයේ සැප්තැම්බර් 01 වන දින වන විට පොලිතීන් භාවිතය සීමා කිරීම වෙනුවෙන් පැනවූ නිති අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා වැඩිදුරටත් පැවසීය.මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මර්වින් ලාල් ධර්මසිරි මහතා ඇතුලු පිරිසක් ද මේ අවස්ථාවට එක්විය.
නදීක දයා බණ්ඩාර - මහනුවර
https://www.youtube.com/watch?v=KWNZWLY8n9g&feature=youtu.be
COMMENTS