දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දකුණේ දී වන මැරකම් උතුරේදී කොටිකම් වීම
Homeප්‍රවෘත්ති

දකුණේ දී වන මැරකම් උතුරේදී කොටිකම් වීම

PropellerAds

අප රටට අදාළව සළකා බැලීමේදී ද එය එසේමය. එහෙත් එය සාමාන්‍ය තත්වයකැයි සිතා අන් සෑම රටක්ම අනුගමනය කරන ආකාරයටම අප රට තුළ ද මහජන ආරක්ෂාව උදෙසා ...

විනිසුරුවරුන්ට ඇමෙරිකාවෙන් බලපෑම්.. පාස්කු ඉරිදා සිදු වුණේ ඇමෙරිකානු කුමන්ත්‍රණයක් - විශේෂ හෙළිදරව්ව
මීගමුව ගැටුමේදී සමහරු කඩු පාවිච්චි කලා - අගරදගුරු
ඩැනී හිත්තැටිය ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගනී !
දකුණේ දී වන මැරකම් උතුරේදී කොටිකම් වීම

අප රටට අදාළව සළකා බැලීමේදී ද එය එසේමය. එහෙත් එය සාමාන්‍ය තත්වයකැයි සිතා අන් සෑම රටක්ම අනුගමනය කරන ආකාරයටම අප රට තුළ ද මහජන ආරක්ෂාව උදෙසා සිදුකරන පරීක්ෂා කිරීම් අවධානය යොමුකිරීම් හා එවැනි සිදුවීම් වලට එරෙහිව සිදුකරන ක්‍රියාන්විතයන් කිසිවක්ම අඩුකළයුතු නැත. සාපරාධී සිදුවීම් කිසිවකට කිසිදු බුරුලක් ද දියයුතු නැත. එය දකුණට මෙන්ම උතුරට ද අදාළය. බස්නාහිරට මෙන්ම නැගෙනහිරට ද අදාළය.

මීට දින කිහිපයකට පෙර උතුරේ දී සිදුවූ සිදුවීම් දෙකක් පිළිබඳව රටක් ලෙස අප බලවත් අවධානයක් යොමුකළ යුත්තේ ඒ අනුවය. ඒවාට එරෙහිව උපරිම අන්දමින් ක්‍රියාකළ යුතු ද වන්නේය. එය මේ රටේ සාමකාමී සියලු ජනතාව එක හඬින් පිළිගන්නා කරුණකි. එහෙත් දකුණේ දී එවැනි සිදුවීම් වන අවස්ථා වලදී ඒවා අසාමාන්‍ය තත්වයන් ලෙස නොදකින, සාමාන්‍ය ජනජීවිතයක් තුළ එවැනි සිදුවීම් වියහැකිය යන්න සලකා කටයුතු කරන අයගෙන් යම් පිරිසක් උතුරේදී එවැනි තත්වයක් ඇති වූ විට ඒවා අසාමාන්‍ය සිදුවීම් ලෙස ඉස්මතු කරන්නට උත්සාහ කරන ආකාරයක් පෙනේ. එය මේ රටේ ජනමාධ්‍ය වලට ද අදාළ වන අතර විශේෂයෙන්ම දේශපාලකයන් පිළිබඳව සැලකීමේදී අතිශයින්ම අදාළය.

විශේෂයෙන්ම මේ රටේ ඇතැම් ජනමාධ්‍ය උතුරේ සිදුවන එවන් සිදුවීම් භාවාත්මක ලෙස වාර්තා කිරීමට උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට තිබේ. ඒ තුළ දකුණේ ජනමනස සංවේදී කරමින් ඔවුන් තුළ අනිසි බිය සැක ඒ නිසා ජනිත වන බව දැන දැනම ඒ දේ කරන්නේ ආචාරධර්ම විරෝධී උපාය මාර්ග තුළ පවා තම තම නාලිකා වෙත ජනමනස යොමුකරගත හැකි බව ඔවුන් හොඳින් දන්නා නිසාය. අප රටේ ඇතැම් දේශපාලකයන් ද එවැනි සිදුවීම් අතිශයෝක්තියෙන් යුතුව උලුප්පා දක්වා වක්‍රොක්තියෙන් භීතිය මතු කරන්නේ එවැනි සිදුවීම් මේ ග්‍රහලෝකය මත මින් පෙර කිසිදු දිනයක සිදුවූ නොවී ඇති ආකාරයට ය. ඒ අතර ඔවුන් ඒ තුළට ජාතිවාදය ද මුහු කරන්නේ ජාතිවාදය තරම් දේශපාලනයේදී පහසුවෙන් අලෙවි කළහැකි අන් දෙයක් නොමැති බව ඔවුන් අත්දැකීමෙන් දන්නා නිසා වියයුතුය.

ඒ අනුව මේ දෙපාර්ශවයම බොහෝවිට කටයුතු කරන්නේ තමන්ට ඒ මගින් එදිනෙදා ලැබෙන වාසිය හා අවධානය ලබාගැනීමට මිස ඔවුන් වෙත පැවරී ඇති ජාතික හා සමාජ වගකීම් පිළිබඳ කිසිදු සැලකිල්ලක් යොමුනොකරමිනි. රටක් වශයෙන් සැලකීමේදී එය බලවත් ඛේදයක් වුවත් සත්‍යය වන්නේ එයයි.

කඩු හා පිහි වලින් සන්නද්ධ වූ තරුණ කණ්ඩායමක් පසුගිය දා උතුරේ ප්‍රදේශ දෙකක දී සිදුකර ඇති පහරදීම් දෙකක් මේ රටේ ඇතැම් ජනමාධ්‍යය ඉස්මතු කර ඇත්තේ දකුණේ දී ඇතිවන එවැනිම වූ සිදුවීම් වලට වඩා වැඩි අවධාරණයක් දෙමිනි. මේ රටේ දේශපාලන නායකයින් කිහිපදෙනෙකුම සමාජගත කරන්නට උත්සාහ කර ඇති කරුණු කාරණා සැලකීමේදී ඔවුන් ද අනුගමනය කර ඇත්තේ ඒ හා සමාන පිළිවෙතක් බව පැහැදිළි කරගත හැකිය. මේ රටේ ඇතැම් ජනමාධ්‍ය මෙන්ම විපක්ෂයේ දේශපාලන නායකයින් කිහිපදෙනෙක්ම එහිදී රටට හඟවන්නට ද උත්සාහ කළේ එය එල්.ටී.ටී.ඊ සංවිධානයේ පුනරාගමනයක් ලෙසටය. ත්‍රස්තවාදීන් නැවත නැගී සිටීමට දරන උත්සාහයක් ලෙසටය.
සත්‍ය වශයෙන්ම එය දකුණේ පාතාල ක්‍රියාකාරකමකට බෙහෙවින් සමාන වන අපරාධ ගණයට වැටෙන ක්‍රියාවක් වුවත් කිසිසේත්ම ඒ පසුපස අන්තවාදී දේශපාලන මැදිහත්වීමක් තිබී නැති බව ඉතා පැහැදිළිය. මේ රටේ බුද්ධි අංශ වාර්තාකරඇති ආකාරය අනුව ද ඒ පිළිබඳව සිදුකරමින් පවතින පොලිස් පරීක්ෂණ අනුව ද ඒ බව තහවුරු වී තිබේ.

එහිදී ඇතැමුන් උත්සාහ කර ඇත්තේ “අවා ගෲප්” නමින් හදුන්වන එකී මැර කණ්ඩායමේ එක් සාමාජිකයෙක් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙක් ලෙසට හඳුනාගෙන තිබීම තුළ එය එල්.ටී.ටී.ඊ සංවිධානයේ ක්‍රියාවක් ලෙසට ඉස්මතු කරන්නටය. මෙහිදී මේ රටේ දැනුවත් සමාජය තේරුම්ගත යුතු කරුණු දෙකක් තිබේ. එනම් දකුණේ සිදුවන එවැනිම වූ ක්‍රියාවකට අදාළව සොයාබලන්නේ නම් ඊට සම්බන්ධ වී ඇති ඇතැමුන් දකුණේ පැවති සන්නද්ධ අරගලයකට හෝ රජයේ ආරක්ෂක අංශයකට සම්බන්ධ වී කටයුතු කළ පුද්ගලයෙකු වීමට ඇතැම්විට ඉඩ ඇති බවයි. ඒ නිසාම අප කිසිවෙක් එවැනි සිදුවීමක දී එම ක්‍රියාව අදාළ දේශපාලන කණ්ඩායමක් මත හෝ ඔවුන් කලක් කටයුතු කර ඇති ආරක්ෂක අංශ වෙත පැවරීමට උත්සාහ නොකරන බව ද මෙහිදී තේරුම්ගත යුතුය.

දෙවන කාරණය වන්නේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ වී සිටි විසිදහසකට අධික තරුණ පිරිසක් මේ වනවිට සමාජගත වී සිටින බවය. ඒ අනුව ඒ අතරින් කිහිපදෙනෙකු මෙවැනි සමාජ විරෝධි ක්‍රියාවන්ට සම්බන්ධ වී කටයුතු කරන්නට ඉඩක් තිබිය හැකි වුවද එවැනි තත්වයක් කිසිසේත්ම අසාමාන්‍ය හෝ සිදුනොවිය හැකි තත්වයක් ද නොවන බවයි. දකුණේ ඇතැම් සිදුවීම් වලට අදාළව සැලකීමේදී ද උතුරේද එවැනි දේ සිදුවීමට ඉඩඇති බවයි.
එය ලෝක විනාශයේ ආරම්භයක් ලෙස නොසැලකිය යුතුවාක් මෙන්ම ඒ දෙස ඇස්කන් පියා බලාසිටිය යුතු ද නැත. ඒ සමගම පල් වූ ජාතිවාදී වළවල් ඉසීමට එන දේශපාලකයන්ගේ පටු අරමුණු ද මේ රටේ ජනතාව හොඳින් තේරුම්ගත යුතුය.

සුනිල් ජයසේකර

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දකුණේ දී වන මැරකම් උතුරේදී කොටිකම් වීම
දකුණේ දී වන මැරකම් උතුරේදී කොටිකම් වීම
http://ift.tt/2u3kIXR
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_14.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_14.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy