දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රවී කරුණානායකගේ ඥති නිවසට යෑවූ මිනිස්‌ හිසේ නොකී කතාව.
Homeප්‍රවෘත්ති

රවී කරුණානායකගේ ඥති නිවසට යෑවූ මිනිස්‌ හිසේ නොකී කතාව.

PropellerAds

-එරික්‌ ගාමිණී ජිනප්‍රිය රවි ඉල්ලා අස්‌වේවි ද? නැද්ද? විශ්වාසභංගයෙන් රවි පරාජය වේවිද? ජනතාව නැඟූ එම ප්‍රශ්නවලට රවි කරුණානායක මහතා පසුගිය...

ශ්‍රීලනිප 15 කණ්ඩායමත් ස්‌වාධීන වීමට යයි
මහනුවර දෙවෙනි කුඹල් පෙරහැර අද
මහින්දගෙන් ප්‍රශ්න කරන්න මහින්දගේ නිවසට අද CID යයි

-එරික්‌ ගාමිණී ජිනප්‍රිය

රවි ඉල්ලා අස්‌වේවි ද? නැද්ද? විශ්වාසභංගයෙන් රවි පරාජය වේවිද? ජනතාව නැඟූ එම ප්‍රශ්නවලට රවි කරුණානායක මහතා පසුගිය 10 දා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්‌වීමත් සමඟ පිළිතුරු ලැබුණත් ඔහු ඉල්ලා අස්‌වූයේ ජනතාව හමුවේ අලුත් ප්‍රශ්න කිහිපයක්‌ම තබමිනි.

එම ප්‍රශ්න අතරින් එක්‌ ප්‍රශ්නයක්‌ මතුවී ඇත්තේ තම ඥතීන්ගේ නිවෙස්‌වලට මිනී ඔළුවක්‌ ඇතුළු කොටස්‌ දැමූ බවට රවි කරුණානායක මහතා කළ ප්‍රකාශයත් සමඟය. ඒ සමඟම දැන් ජනතාව විමසන්නේ ඒ කතාව ඇත්තද? කවදද? කවුද? ඒක කළේ යන ප්‍රශ්නයන්ය.

ඒකාබද්ධ විපක්‌ෂය විසින් රවි කරුණානායක මහතාට විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමත් යහපාලන ආණ්‌ඩුව නියෝජනය කරනු ලබන පාර්ශ්වයන් අනුවත් එම සිදුවීම පසුගිය ආණ්‌ඩු කාලයේදී සිදුවූ බව කවුරුන් හෝ අනුමාන කළත් එහි පුදුමවන්නට දෙයක්‌ නොමැත. නමුත් මෙම සිදුවීම සිදුවී ඇත්තේ ඒ මහතා විපක්‌ෂයේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ 2001 මාර්තු මාසයේදී ය. එවකට මෙරට පැවතියේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ප්‍රධාන පොදුජන එක්‌සත් පෙරමුණේ ආණ්‌ඩුවකි.

එවකට පළවූ පුවත්පත් වාර්තාකර තිබෙන ආකාරයට රවි කරුණානායක මහතාගේ මෑණියන්ට ලැබුණු පාර්සලයක මිනිස්‌ හිසක්‌ තිබී ඇති අතර මන්ත්‍රීවරයාගේ නැන්දණිය වූ බිස්‌වන් ජයවර්ධනගේ නිවසට මිනිස්‌ සිරුරකින් වෙන්කරන ලද අතක්‌ ලැබී ඇත. ඊට අමතරව ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ස්‌ථානයක්‌ හිමි පවුලක දියණියකට ද මිනිස්‌ අතක්‌ ලැබී ඇත.

කරුණානායක මහතාගේ මෑණියන්ගේ නිවසට ලැබුණ මිනිස්‌ හිසේ ඡායාරූප පුවත්පත්වල පළවීමත් සමඟ එම ඡායාරූපවල පළ වූ හිස තම මියගිය පුතාගේ හිසට සමාන බව කළුතර ප්‍රදේශයේ කාන්තාවක්‌ වූ ශ්‍රීමති කුලතිලක මහත්මිය ප්‍රකාශ කර ඇත. ඒ සමඟම කොළඹට කැඳවාගෙන එන ලද ඇය කළුබෝවිල අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී එම හිස තම මියගිය පුත්‍රයා වූ සඳුන් කුලතිලකගේ හිස බව හඳුනාගෙන ඇත.

එහිදී ශ්‍රීමති කුලතිලක මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ මත්ද්‍රව්‍ය සහ මත්පැන්වලට දැඩිව ඇබ්බැහි වීම නිසා තදබල ලෙස රෝගාතුර වූ තම පුත්‍රයා පසුගිය පෙබරවාරි 13 දා (2001) කළුතර, නාගොඩ රෝහලේදී මියගිය බවත් පශ්චාත් මරණ පරීක්‌ෂණය සිදුකිරීමෙන් පසුව 16 වැනිදා භූමදානය කළ බවත්ය. මෙම සිදුවීමෙන් පසුව ඇති වූ තත්ත්වය පිළිබඳව මාධ්‍ය වාර්තා කර ඇත්තේ කරුණානායක මහතාගේ මවගේ නිවසට යෑවූ හිස, අත් සහ සිරුරේ අනිකුත් කොටස්‌ තබා තිබූ කළුතර මෘත ශරීරාගාරය කිසියම් පිරිසක්‌ විසින් බිඳ ඇති බවයි. එමෙන්ම ඒ පිළිබඳව කෙරෙන පරීක්‌ෂණ කටයුතු මන්දගාමීව සිදුවන බවත් එම මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත.

කරුණානායක මහතා සඳහන් කළ එම සිදුවීම සිදුවී ඇත්තේ අදින් වසර 16 කට පමණ පෙරය. එබැවින් ඒ පිළිබඳව අප වැඩිදුරටත් සඳහන් කරනවාට වඩා 2002 අප්‍රේල් 28 වැනි දින රාවය පුවත්පතේ ඒ පිළිබඳව සහ පොදුජන එක්‌සත් පෙරමුණේ ආණ්‌ඩු සමයේදී සිදුවූ තවත් සිදුවීම් කිහිපයක්‌ පිළිබඳව "රාවයේ නිරීක්‌ෂණ හරි" මැයෙන් පළවූ වාර්තාවක්‌ මෙලෙස උපුටා දක්‌වමු.

"සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංගට පහරදීමේ සිද්ධිය එකල එජාප මන්ත්‍රීවරයකුව සිටි සරත් කෝන්ගහගේ මහතාට අයත් ආපන ශාලාවකට පහරදීමේ සිද්ධිය, රෝහණ කුමාර ඝාතනය, රූකාන්ත හා චන්ද්‍රලේකා ගායන යුවළට පහරදීම, සිනමා නිළි අනෝජා වීරසිංහගේ නිවසට ගිනි තැබීම, කතුවරුන් දෙදෙනකු ඝාතන කුමන්ත්‍රණ, පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායකගේ නිවසට මළ සිරුරක කොටස්‌ යෑවීම, රාවය කාර්යාලයට දුම් බෝම්බයකින් පහරදීම යන සිද්ධීන් පිටුපස සිටින්නේ ජනාධිපති ආරක්‌ෂක අංශය බවට මීට බොහෝ කලකට පෙර රාවය පළ කරන ලද නිරීක්‌ෂණ, එම සිද්ධීන් පිළිබඳව දැනට කෙරෙමින් තිබෙන පරීක්‌ෂණ වලින් තහවුරුවෙමින් පවතී.

පසුගිය අඟහරුවාදා, අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව විසින් සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාට පහරදීමේ සිද්ධිය මත සහ රූකාන්ත හා චන්ද්‍රලේකා ගායන යුවළට පහරදීමේ සිද්ධිය මත ජනාධිපති ආරක්‌ෂක අංශයට අනුයුක්‌ත පුද්ගලයන් සිවුදෙනෙක්‌ හා රටබීම හල් අයිතිකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගනු ලැබූහ.

අත්අඩංගුවට ගන්නා ලද ජනාධිපති ආරක්‌ෂක අංශයේ රියෑදුරකු සන්ඩේ ලීඩර් කතුවරයාට පහරදීමේ සිද්ධිය පිළිබඳව දීර්ඝ පාපොච්චාරණයක්‌ කර තිබෙන අතර ඒ අනුව එය මෙහෙයවා ඇත්තේ ජනාධිපති ආරක්‌ෂක අංශයේ බැද්දගානේ සංජීව විසින් බව හෙළිවී තිබේ. පහරදීමෙන් පසු පහරදීමට සම්බන්ධ වූ සියලු දෙනා අරලියගහ මන්දිරයට ගිය බව ද ඔවුන් විසින් පිළිගෙන තිබේ. ගායක යුවළට පහරදීමේ සිද්ධිය පිළිබඳව ද ඔවුන් තමන් දන්නා තොරතුරු හෙළිදරව් කර ඇති අතර රූකාන්ත ගුණතිලකගේ පැහැරගත් වාහනය සමඟ ඔවුන් පහරදීමෙන් පසු කෙළින්ම ගොස්‌ ඇත්තේ ඇක්‌ලන්ඩ් මන්දිරයට ය."

රාවයේ එම නිරීක්‌ෂණයට අනුව කරුණානායක මහතාගේ ඥතියකුගේ නිවෙස්‌වලට මළ සිරුරක කොටස්‌ දමා ඇත්තේ හිටපු ජනාධිපතිවරිය වන චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ආරක්‌ෂක අංශයට සම්බන්ධව කටයුතු කළ පුද්ගලයන් විසිනි. නමුත් ඒ පිළිබඳව කරුණානායක මහතා දැනුවත්ව නොසිටියා ද කියා අපට සිතෙන්නේ පසුගිය 10 වැනිදා එම පරණ සිදුවීම යළි සිහිකිරීම නිසාය. පසුගිය අය-වැය යෝජනා ඉදිරිපත් කිරීමට පෙර එම යෝජනා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමඟ සාකච්ඡා කිරීමට ගිය අවස්‌ථාවේදී එම සිදුවීම පිළිබඳව විමසා සිටියා නම් සමහර විට හෝඩුවාවක්‌ ලබාගන්න තිබුණි. නමුත් ඒ එකක්‌වත් නොකර දැන් යළිත් ඒ පිළිබඳව සිහිකිරීමෙන් සිද්ධවන්නේ කරුණු කාරණා නොදන්නා ජනතාව තුළ වැරදි අවබෝධයක්‌ ඇතිවීම පමණි. මොකද යහපාලනයට එකතු වී සිටින අය අතීතයේදී එහෙම දේ කළා ද කියා මොහොතකටවත් ජනතාවට සිතාගන්නට බැරි බැවිණි.

කෙසේ වුවත් රවි කරුණානායක මහතා ඉල්ලා අස්‌වීම සඳහා විශේෂ ප්‍රකාශයක්‌ කරමින් සඳහන් කර සිටියේ තමාට හිමි තැන කාලය සහ ඉතිහාසය විසින් තීරණය කරනු ඇති බවයි. මේ සටහන තැබුවේ ඉතිහාසයට සහ කාලයට එම තීරණය ගැනීම පහසු කිරීම සඳහාය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රවී කරුණානායකගේ ඥති නිවසට යෑවූ මිනිස්‌ හිසේ නොකී කතාව.
රවී කරුණානායකගේ ඥති නිවසට යෑවූ මිනිස්‌ හිසේ නොකී කතාව.
http://ift.tt/2w0dzYu
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_103.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_103.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy