දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලලිත් ජයසිංහගේ තවත් කෙළි එළියට - 2. සතේ සතේ ඉතිරි කරලා රහසින් කැටයකට දමලා හදපු හෝටලේ
Homeප්‍රවෘත්ති

ලලිත් ජයසිංහගේ තවත් කෙළි එළියට - 2. සතේ සතේ ඉතිරි කරලා රහසින් කැටයකට දමලා හදපු හෝටලේ

PropellerAds

නොකා නොබී ඉතිරි කරපු සල්ලිද මේ ? මෙවන් ස්ථානයක මෙවන් හෝටලයක් ඉදිකිරීම සඳහා යන වියදම අති විශාල එකක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. නියෝජ්‍ය ...

අලුත් පක්ෂයට අරමුණු දෙකයි
'යහපාලනය, නොම පාලනයක්': චම්පිකගෙන් රතු එළියක් 
ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු මේ සතියේ
ලලිත් ජයසිංහගේ තවත් කෙළි එළියට - 2. සතේ සතේ ඉතිරි කරලා රහසින් කැටයකට දමලා හදපු හෝටලේ

නොකා නොබී ඉතිරි කරපු සල්ලිද මේ ?

මෙවන් ස්ථානයක මෙවන් හෝටලයක් ඉදිකිරීම සඳහා යන වියදම අති විශාල එකක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. නියෝජ්‍ය පොලිස්පති වරයකුගේ දීමනා නොමැතිව මූලික වැටුප සාමාන්‍යයෙන් රුපියල් 60,000ක්
පමණ වේ. එවන් මුදලකින් මෙවැනි හෝටලයක් තැනීම සඳහා ලලිත් ජයසිංහ ගෙන ඇති අප්‍රතිහත ධෛර්යය සහ නොපසුබස්නා උත්සාහය ඉතින් අගය කළ යුතු නොවේද ? සැබැවින් ම ඔහු මේ සඳහා නොකා නොබී සතෙන් සතය ඉතිරි කළා විය යුතුය.

ඉඩම දුන්නේ මනෝජ් මෙන්ඩිස්

මුදල් කෙසේ වෙතත් ලලිත් ජයසිංහට මෙම හෝටලය ඉදිකිරීම සඳහා ඉඩම රැගෙන දී ඇත්තේ රත්ගම හිටපු ප්‍රාදේශීය සභා සභාපති මනෝජ් මෙන්ඩිස් විසිනි. මනෝජ් මෙන්ඩිස් යනු එම ප්‍රදේශයේ පාතාලය මෙහෙයවූ පුද්ගලයා විය. 2015 මාර්තු 23 වන දින පාතාල වෙඩි පහරකින් ම ඝාතනය වන විටත් ඔහුට මිනීමැරුම් චෝදනා 13ක් තිබිණි. ඒ කප්පම් ගැනීම්, මංකොල්ලකෑම්, පහරදීම්, මත්කුඩු ව්‍යාපාර වැනි චෝදනා වලට අමතරව ය. මනෝජ් මෙන්ඩිස් මේ සියල්ල කළේ එවකට බලයේ සිටි රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලන හයියෙනි. එවන් දේශපාලන පාතාල මැරයෙක් නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට හෝටලයක් සාදාගැනීමට ඉඩමක් ලබා දුන්නේ දානමය පිංකමක් වශයෙන්දැයි අප දන්නේ නැත. කෙසේ වෙතත් රාජපක්ෂ ආණ්ඩු සමයේ මැර දේශපාලනයේ නියැළුණු මිනීමරු ප්‍රාදේශීය දේශපාලන චරිත සමඟ ලලිත් ජයසිංහට බොහෝ ගනුදෙනු නම් තිබුණු බවට බොහෝ සිදුවීම් සාක්ෂිය.

සංචාරක ව්‍යාපාරයට ලලිත් ජයසිංහ සැලකූ හැටි

එසේම සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් ලලිත් ජයසිංහ ජ්‍යේ.නි.පො.ප.වරයා දක්වා ඇති දායකත්වය ද සුළුපටු එකක් නොවේ. ඒ, බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයකු ඝාතනය කර, එම සංචාරකයාගේ පෙම්වතිය වූ රුසියානු තරුණිය සමූහ දූෂණයට ලක් කළ ප්‍රධාන චූදිතයාට ලබා දුන් ආරක්ෂාවෙන් සහ අනුග්‍රහයෙනි. බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ශෙයික් ඝාතනය කෙරුණේ 2011 දෙසැම්බර් 24 වන දින රාත්‍රියේ තංගල්ල සංචාරක හෝටලයක පැවති නත්තල් සාදයක් අතරතුර ය. තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් පුෂ්ප චන්ද්‍ර විදානපතිරණ සහ ඔහුගේ ගෝලයින් විසින් කුරාම් ශෙයික්ව ඝාතනය කර ශෙයික්ගේ පෙම්වතියව සමූහ දූෂණයට ලක්කොට තිබිණි. සංචාරකයන්ට එවන් 'සැලකුම්' ලබාදෙන විට එවන් රටක සංචාරක කර්මාන්තයට ලබන කලදසාව ගැන වෙනම ම කිව යුතු නැත. එහෙත් සමස්ත රටේ වෙසෙන්නේ ලලිත් ජයසිංහ වැන්නන් නම් සම්පත් විදානපතිරණ සිරගෙයි සිට හෝ රටේ සංචාරක ඇමතිකම දරන්නට වුවත් සුදුසු වනු ඇත.

තංගල්ලේ ඝාතකයාට ලලිත්ගෙන් ගරුසරු

එවන් මිනීමරු සම්පත් විදානපතිරණව අත් අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් තංගල්ලට පැමිණෙන විට සම්පත් විදානපතිරණව ඔවුන් හමුවට කැඳවා ගෙන ගොස් ඇත්තේ ලලිත් ජයසිංහ නියෝජ්‍ය පොලිස්පතිවරයා ය. ඔහුව කැඳවාගෙන ගොස් ඇත්තේ තම නිල පොලිස් ජීප් රථයෙහි ඉදිරි අසුනේ හිඳුවාගෙන ය. එතෙක් ඔහුට රැකවරණ ලබා දුන් අයුරින් ම ඔහුව බාර දෙන අතර ලලිත් ජයසිංහ ප්‍රකාශ කර ඇත්තේ "මේ අපේ ප්‍රාදේශීය සභාවෙ සභාපති තුමා. එක එකා කෙළින පිස්සුවලට දැන් මෙතුමගෙ නමයි ගෑවිලා තියෙන්නෙ. එකෙක් අත තියනවා එහෙම නෙවෙයි මෙතුමට" යනුවෙනි. සම්පත් විදානපතිරණව අත් අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඔහුව තංගල්ල පොලිස් ස්ථානයට රැගෙන විත් සිරකූඩුවේ රඳවා ඇත. ඒ මොහොතේ ඔවුන් පසුපසම පොලිසියට පැමිණ ලලිත් ජයසිංහ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඒ දැක කුපිත වී "තමුසෙලට පිස්සුද ඕයි. මේ අපෙ සභාපති තුමා. මේ වගෙ ගරුකටයුතු මනුස්සයෙක්ව කූඩුවෙ තියන්න පුළුවන්ද ?" යනුවෙන් ගෝරනාඩු කර ඔහුව කූඩුවෙන් පිටතට ද ගෙන තිබිණි. එහෙත් රටේ ම ඉන්නේ ලලිත් ජයසිංහලා නොවන බැවින් මිනීමරු සම්පත් විදානපතිරණ අධිකරණයෙන් වරදකරු වී දැනට සිටින්නේ මහ උළුගෙදර කූරු ගනිමිනි. සංචාරක ක්ෂේත්‍රයට කලු පැල්ලම් එක් කළ මිනීමරුවකුට එවන් උපකාර කළ ලලිත් ජයසිංහ කාමර 20ක සංචාරක හෝටලයක හිමිකරුවකු වීම 'දෛවෝපගත සිද්ධියක්' ලෙස හැඳින්විය හැකිද ?

විද්‍යා ඝාතකයාට අනුග්‍රහ දැක්වූයේ පුරුදු වෙන්න නොවේ

කෙසේ වෙතත් මින් ද පැහැදිලි වන්නේ අපරාධකරුවන්ට රැකවරණ දීම සම්බන්ධයෙන් ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ නවකයකු නොවන බවයි. යාපනය පුංකුඩුතිව් හි විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක් කර ඝාතනය කිරීමේ අපරාධයෙහි ප්‍රධාන සැකකරුට පළායාමට උපකාර කිරීම සම්බන්ධයෙන් ලලිත් ජයසිංහ දැනට පසුවන්නේ රක්ෂිත බන්ධනාගාර ගතව ය. ඒ සම්බන්ධයෙන් පොලිස් කොමිසම විසින් ඔහුව වැඩ තහනමකට ද ලක් කොට තිබේ. මීට පෙර අප හෙළිදරව් කළ පරිදි නූරිවත්තේ වතු අධිකාරීවරයා ඝාතනය කළ අතකොටා නම් දේශපාලන මැරයාට විශේෂ සැලකිලි සැපයීම සම්බන්ධයෙන් හෝ සම්පත් විදානපතිරණ දේශපාලන මැරයාට විශේෂ සැලකිලි සැපයීම සම්බන්ධයෙන් හෝ විධිමත් පරීක්ෂණයක් සිදුවී නම් විද්‍යා ඝාතනයේ සැකකරුවාට රැකවරණ සපයන්නට ලලිත් ජයසිංහ ඒ පුටුවේ රැඳෙන්නේ නැත. මේවා අනාගතයට හෝ පාඩම් විය යුතුය. එසේම 'ගුරා හිටගෙන මූත්‍රා කරන විට ගෝලයින් දුව දුවා මූත්‍රා කරන බවට' කතාවක් ජනවහරේ තිබේ. දැනටත් අටෝරාසියක් කලු පැල්ලම් තවරාගෙන කුජීත වී සිටින පොලීසියට යන්තමින් හෝ ජාම බේරාගැනීමට අවශ්‍ය නම් පහළ නිලධාරීන්ටත් පාඩමක් වන්නට ලලිත් ජයසිංහට නිසි නීතිමය ක්‍රියාමාර්ග හරහා උපරිම දඬුවම් පැමිණවිය යුතුව තිබේ.

සබැඳි ලිපි -

ලලිත් ජයසිංහගේ තවත් කෙළි එළියට - 1. නූරි වතුඅධිකාරී ඝාතනය

 

දැනට වැඩ නිම වී ඇති ලලිත් ජයසිංහගේ හෝටලයේ නවතම ඡායාරූප සහ තවත් මෙවන් හෝටලයක් හිමි ඉහළ පොලිස් නිලධාරියකු පිළිබඳව විස්තර 'ලංකා නිව්ස් වෙබ්' තුළින් ළඟදීම බලාපොරොත්තු වන්න.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලලිත් ජයසිංහගේ තවත් කෙළි එළියට - 2. සතේ සතේ ඉතිරි කරලා රහසින් කැටයකට දමලා හදපු හෝටලේ
ලලිත් ජයසිංහගේ තවත් කෙළි එළියට - 2. සතේ සතේ ඉතිරි කරලා රහසින් කැටයකට දමලා හදපු හෝටලේ
http://ift.tt/2uTCs4S
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/2.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/2.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy