ශ්‍රී ලංකා ගුවන් ඉතිහාසයේ ප්‍රථමවරට අගෝස්තු 14 වැනි දා එයාර් බස් විශාලතම ගුවන් යානය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළට ගොඩබස්ස වන බව ප්‍රව...
ශ්‍රී ලංකා ගුවන් ඉතිහාසයේ ප්‍රථමවරට අගෝස්තු 14 වැනි දා එයාර් බස් විශාලතම ගුවන් යානය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළට ගොඩබස්ස වන බව ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ මහතා පවසයි. කොළඹ හා ඩුබායි සම්බන්ධ කර ගනිමින් මේ නව ගුවන් සේවාව ආරම්භ කරන බවත්, එයාර්බස් ගුවන් යානා හයක් ඉදිරියේ දී කටුනායක ගුවන්තොටු පොළ කේන්ද්‍ර කර ගනිමින් පැමිණීමට නියමිත බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කර සිටී.
ඊයේ (08) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී මේ කරුණු අනාවරණය කළ ඒ මහතා, කටුනායක නව ගුවන් පථය විවෘත කිරීමෙන් අනතුරුව එයාර්බස් විශාලතම ගුවන් යානයක් ගොඩබස්සවන ප්‍රථම අවස්ථාව මෙය බවත් සඳහන් කර සිටියේය. මීටර් 45ක් පළල්ව පැවැති කටුනායක ගුවන් පථය මේ වන විට දෙපසට මීටර් 15කින් යුතුව මීටර් 75ක් දුරට පළල්ව පවතින බවත්, මීටර් 3335ක දිග ප්‍රමාණයකින් සමන්විත වන එහි එයාර්බස් ගුවන් යානා ගොඩබැස්සවීම පහසු කාර්යයක් බවත් අශෝක් අබේසිංහ මහතා එහි දී වැඩි දුරටත් සඳහන් කර සිටියේය.
ආසියාතික රටවල් අතරින් සුවිශේෂ ගුවන් පථයක් ඇති ශ්‍රී ලංකාව කෙරෙහි මේ වන විට ලොව අනිකුත් රටවල් බොහොමයක අවධානය ද යොමුවී තිබේ. ඒ අනුව වැඩි සංචාරක පිරිසක් ඉදිරියේ දී මේ රටට පැමිණීමට ද නියමිතව ඇත. එය රටේ ආර්ථිකයට ද බෙහෙවින් ඉවහල් වන කාරණයක් බව නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කර සිටියේය. අගෝස්තු 14 වැනි දා පස්වරු 4.10ට නව එයාර් බස් ගුවන් යානය කටුනායක ගුවන් තොටු පොළට පැමිණීමට නියමිත බව ද ඒ මහතා කියා සිටියේය.
COMMENTS