දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපති මෛත්‍රීට කොරියානු ජනපතිගෙන් උණුසුම් පිළිගැනීමක්
Homeප්‍රවෘත්ති

ජනපති මෛත්‍රීට කොරියානු ජනපතිගෙන් උණුසුම් පිළිගැනීමක්

PropellerAds

දකුණු කොරියාවේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා  සහ දකුණු කොරියානු ජනාධිපති මුන් ජෙයින් මහතා අතර නිල හමුව අද දිනයේ සි...

‘ඔබතුමා මොකට ඇමැතිකමක් දරනවද?’ පන්සලට ආ ඇමැති බන්දුලට අටමස්ථානාධිපති පල්ලේගම හිමියෝ මූණටම කියති!
ශ‍්‍රී ලංකාවේ කොල්ලකනවා.. සංචාරය අවදානම් - ඕස්ට්‍රේලියාව වැසියන්ට දැනුම් දේ!
ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ෆොටෝ තහනමක්! කාටවත් ෆොටෝ ගහන්න බෑ! සෙල්ෆිත් තහනම්!
ජනපති මෛත්‍රීට කොරියානු ජනපතිගෙන් උණුසුම් පිළිගැනීමක්

දකුණු කොරියාවේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා  සහ දකුණු කොරියානු ජනාධිපති මුන් ජෙයින් මහතා අතර නිල හමුව අද දිනයේ සිදුවීමට නියමිතව තිබුණ ද ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයා පිළිබඳ සිය පැහැදීම පළ කරමින් ජනාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගැනීමට ඊයේ දකුණු කොරියානු ජනාධිපතිවරයා කටයුතු කර තිබුණි.

ජනාධිපතිවරයා සිය තෙදින දකුණු කොරියානු රාජ්‍ය සංචාරයේ පළමු කටයුත්ත සනිටුහන් කරමින් සෝල් නුවර පෞරාණික බෞද්ධ විහාරස්ථානයක් වන ජොග්යේසා විහාරස්ථානය වැඳ පුදා ගැනීමට ඊයේ (28) පස්වරුවේ එක් වූ අතර, සියලුදෙනා පුදුමයට පත්කරමින් කොරියානු ජනාධිපතිවරයා එහි පැමිණ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පැමිණෙන පෙර මග බලා සිටියේය.

එහිදී ජනාධිපතිවරයා ඉතා උණුසුම් ලෙස පිළිගත් කොරියානු ජනාධිපතිවරයා සිය නිල හමුව අද දිනට යෙදී තිබුණු ද ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් මිත‍්‍රශීලී පිළිගැනීමක් ලබාදීමට තමා මෙහි පැමිණි බව කියා සිටියේය.

මෙම නිහතමානී සහ විශිෂ්ට පිළිගැනීම වෙනුවෙන් කොරියානු ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය සහ ගෞරවය පිරිනැමූ ජනාධිපතිවරයා මෙම හෘදයාංගම මිත‍්‍රශීලිත්වය තම ජීවිතයේ සුවිශේෂී මතක සටහනක් බව ද සඳහන් කළේය.

එමෙන්ම මෙය දකුණු කොරියානු ජනාධිපතිවරයා තුළ ශී‍්‍ර ලංකාවත් එහි ජනතාවත් පිළිබඳ ඇති ගෞරවය සහ පැහැදීම මනාව තහවුරු කරන්නක් බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

තමන් මෙන්ම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ද ගමෙන් පැමිණි නායකයින් ලෙස ජනාධිපති ධුරය දක්වා පැමිණියේ ඉතා දුෂ්කර ගමනක් බව සිහිපත් කළ දකුණු කොරියානු ජනාධිපතිවරයා තමන් දෙදෙනාම අද ජනතාව වෙනුවෙන් ජනතාවාදී සේවයක් ඉටු කිරීමට කැපව සිටින බව සඳහන් කළේය.

එමෙන්ම දෙරටට පොදු තත්ත්වයන් රැසක් පවතින බව සඳහන් කළ දකුණු කොරියානු ජනාධිපතිවරයා රටවල් දෙකම අධිරාජ්‍යවාදයට යටත්ව සිටී අතර, යුද අත්දැකීම්වලට ද මුහුණදී අවසානයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ජයග‍්‍රහණය කළ රටවල් බව කියා සිටියේය.

යුද ජයග‍්‍රහණයෙන් පසු සීග‍්‍ර සංවර්ධනයක් කරා පිය මනිමින් වංචාව හා දූෂණයට එරෙහිව සටන් කිරීමට ද රටවල් දෙකම කටයුතු කරමින් සිටින බව ද දකුණු කොරියානු ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

මෙම තත්ත්වයන් තුළ රටවල් දෙක අතර සුවිශේෂී සබඳතා රැසක් ඉදිරියේ දී නිර්මාණය වනු ඇති බවට දකුණු කොරියානු ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපති මෛත්‍රීට කොරියානු ජනපතිගෙන් උණුසුම් පිළිගැනීමක්
ජනපති මෛත්‍රීට කොරියානු ජනපතිගෙන් උණුසුම් පිළිගැනීමක්
http://ift.tt/2AigayQ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_634.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_634.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy