රජය කලින් ගෙන තිබූ තීරණය කිසිසේත් වෙනස් නොකරන බව ඇමතිවරයා ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් 2018 ජනවාරි පළමුවැනිදා දක්වා පොලිතීන් තහනම උල්ලංඝනය කර...
රජය කලින් ගෙන තිබූ තීරණය කිසිසේත් වෙනස් නොකරන බව ඇමතිවරයා ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් 2018 ජනවාරි පළමුවැනිදා දක්වා පොලිතීන් තහනම උල්ලංඝනය කරන පුද්ගලයන්ට එරෙහිව මෘදු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව 2017 වසර අවසන් වනතෙක් පොලිතීන් සඳහා විකල්ප හඳුන්වාදීමට නියමිත අතර ඒ වනතෙක් මෙම නීතිය දැඩිව ක්‍රියාත්මක නොවේ.
මේ අනුව පොලිතීන් භාවිතය, නිෂ්පාදනය, අලෙවිය, ආනයනය යන සියල්ල තහනම් වේ.
මේ සම්බන්ධයෙන් කරුණු සොයාබැලීම සඳහා සහ විකල්ප හඳුන්වාදීම සඳහා කමිටුවක් පත්කර ඇති අතර මුදල්, කර්මාන්ත හා වාණිජ්‍ය, පරිසර යන අමාත්‍යංශවල ලේකම්වරුන්, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ කාර්මික තාක්ෂණ ආයතනයේ නියෝජියෙකු ද මෙම කමිටුවට අයත් වේ.
මෙම කමිටුව හරහා විකල්ප හඳුනාගෙන ඒවා භාවිතය සඳහා ජනතාව හුරු කිරීමට සහ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම රජය තීරණය කර තිබේ.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS